ඩොලර් නෑ.. සිමෙන්ති හිගය දරුණුයි.. කළු කඩේ 1500යි..

October 7, 2021 at 12:00 pm | lanka C news
ඩොලර් නෑ.. සිමෙන්ති හිගය දරුණුයි.. කළු කඩේ 1500යි..

මාස තුනකට අධික කාලයක් පවතින දැඩි සිමෙන්ති හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු දැඩි අපහසුතාවයට පත්ව සිටී.

සිමෙන්ති හිගය හේතුවෙන් පාලන මිල රුපියල් 950 වන සිමෙන්ති කොට්ටයක් රුපියල් 1400-1500 මිලකට නිල නොවන ආකාරයට අලෙවි කරමින් පවතී.

මෙම සිමෙන්ති හිගය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙදරේරුවන් සහායකයන් ආදී බොහෝ දෙනකුට සිය ජීවනෝපාය අහිමි වී තිබේ.

සිමෙන්ති හිගයක හේතුව සිමෙන්ති ආනයනය සඳහා ඩොලර් හිගය බව මෙරට ප්‍රධාන සිමෙන්ති සමාගමක් සඳහන් කරයි.

මෙරට සිමෙන්ති ඉල්ලුමෙන් 60% ක් ශ්‍රී ලංකාවෙ නිෂ්පාදන වන අතර ඉතිරි 40% ආනයනය කරයි.

ඩොලර් හිගය හේතුවෙන් බොහෝ සමාගම් සිමෙන්ති ආනයනය අත්හිටුවීමද සිමෙන්ති හිගයට බලපා ඇත.

33,827 views

13 Comments to “ඩොලර් නෑ.. සිමෙන්ති හිගය දරුණුයි.. කළු කඩේ 1500යි..”

  1. නාරද says:

    ගෙන්නන්න එපා, 60% ක් වන දැන් වෙලඳපොල 80% ක් දක්වා වැඩිකරගන්න මෙය අවස්ථාවක් කරගත යුතුයි. අහන්න එපා අතපය දාලාද සල්ලි දෙනවාද කියලා, විකල්ප කියලා දෙයකුත් තියනවානේද?

    • අපේ රට says:

      යකෝ පුත්තලමෙන් මුලු මහවැලියටම සිමෙන්ති දුන්න.අද නොරොච්චොලෙ fly ash කලවම් කරල සිමෙන්ති නිෂ්පාදන වැඩිකලහැකියි,වැඩ දන්න උන්ට මෙව බාරදිපියවි.

    • බිංකුණ්ඩා says:

      විකල්පයක් ගෙනත් නේද මේ කෙලෝගෙන තියෙන්නෙ ඉස්ම යන්න

  2. පැන්ඩෝරා පේපර්ස් says:

    රටේ ඩොලර් මෙහෙමවත් ඉතිරි උනා පුදුමයි යකො මේ ගහපු ගැහිල්ලට.

    • පැනමා පේපර්ස් says:

      ඇත්ත තමයි අර ගල් අගුරැ හොරා තමයි සුපිරි ගැහිල්ල ගහලා තියෙන්නේ උගේ නම හැමතැනම

    • Dilith says:

      ඇත්ත ගවපාලුවෝ ටික තව හිටියනමි අපේ තව 40ක් 50ක් ඔය ලිස්ටිවල ඉදිවි

  3. On The Spot says:

    කෝ අපේ සිමෙන්ති කම්හල්?විවෘත ආර්ථිකයෙන් දීපු ටොපි දැන් සූප්පු කරපල්ලා,,,,

    • බිංකුණ්ඩා says:

      තමන් හොඳ සූප්පුවෙක් වගෙයි

    • Dharshana Abeykoon says:

      කෝ අර වොක්ස්වාගන් එක? පුංචි කාර්??

  4. jerry says:

    කෝ අර ගවුම් ඊ යා රාජ් නැත්ද දැන් ?

    • ක්‍රිමිනල් says:

      ඉන්නවා ඉන්නවා හාමුගේ පැනමා පේපර්ස් නිසා වෙන වෙන නමි දාගෙන තාම හෝදනවා

  5. sunimal says:

    වසර 73ක අබිමානය ඔහොම යං

  6. බයියා says:

    ආණ්ඩුව බොරුවට මිල වැඩි නොකර පස්සට ඇද ඇද හිටියට භාණ්ඩ හිඟකම නිසා මහජන පීඩාව තුලින් මිල වැඩි කිරීම මගින් ඇතිවන අප්‍රසාදයට වඩා වැඩි ජන අප්‍රසාදයක් ඇති වේ.

Main News