ඩොලර් ප‍්‍රශ්ණය විසදුනාම විදුලි ගැටළුව විසදෙනවා..- විදුලි බල ඇමති

January 15, 2022 at 3:22 am | lanka C news
ඩොලර් ප‍්‍රශ්ණය විසදුනාම විදුලි ගැටළුව විසදෙනවා..- විදුලි බල ඇමති

මෙරටට බලපා ඇති ඩොලර් ගැටලුව අවසන් වූ වහාම විදුලිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව විසදෙනු ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම හේතුවෙන් තාප බලාගාර සඳහා දැවිතෙල් නොලැබීම මත ඒවායෙන් විදුලි උත්පාදනය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වී තිබෙන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් එළඹෙන සතියේ සිට නොරොච්චෝල බලාගාරය හා ජල විදුලි බලාගාර ක්‍රියාත්මක වීම හේතුවෙන් කප්පාදුවක් නොමැතිව විදුලිය ලබා දිය හැකි වෙතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.

මේ දිනවල සිදුවන විදුලි බිද වැටීම් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

10,709 views

12 Comments to “ඩොලර් ප‍්‍රශ්ණය විසදුනාම විදුලි ගැටළුව විසදෙනවා..- විදුලි බල ඇමති”

  1. පුරවැසියා says:

    තෝ වාගෙ ඇට්ටර නාකි හැත්ත මරුනානං සියල්ල විසඳෙනවා.

    රට කන කිණිතුල්ලො

Leave a Comment

Main News