ඩොලර් බිලියට 8කට දේපල රැසක් බද්දට.. කටුනායක, රත්මලාන, මත්තල ගුවන් තොට, කොළඹ වරාය ඒ අතරයි..

April 18, 2022 at 9:20 am | lanka C news
ඩොලර් බිලියට 8කට දේපල රැසක් බද්දට.. කටුනායක, රත්මලාන, මත්තල ගුවන් තොට, කොළඹ වරාය ඒ අතරයි..

වටිනා රජයේ දේපළ කිහිපයක් බදු දීමෙන් ඩොලර් බිලියන 8 ක මුදලක් වහාම උපයා ගැනීමට රජය අදහස් කොට ඇතැයි වාර්තා වේ.

මෙසේ බදු දීමට අදහස් කරන දේපළ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ” මත්තල ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපළද තිබේ.

මේවා දීර්ඝ කාලීන පදනමක් යටතේ බදු දෙනු ඇත.

කටුනායක ගුවන්තොටුපළ ඩොලර් බිලියන 2 කටත් මත්තල ගුවන්තොටුපළ ඩොලර් මිලියන 300 කටත් රත්මලාන ගුවන්තොටුපළ ඩොලර් මිලියන 400 කටත් බදු දීමට යෝජිතය.

මීට අමතරව කොළඹ වරායේ දකුණු කොටස ඩොලර් මිලියන 600 ක ආයෝජන පදනමක් යටතේ ලබා දීමටත් කොළඹ වරාය නගරයේ රජයට හිමි කොටස ඩොලර් බිලියන 4 කටත් බදු දීමට අදහස් කෙරේ.

එසේම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට හිමි කොටස් සමූහය ඩොලර් මිලියන 500 කටත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රජයට අයත් කොටස් ඩොලර් මිලියන 300 කටත් විකිණෙනවා ඇත.

– දිවයින

184,718 views

34 Comments to “ඩොලර් බිලියට 8කට දේපල රැසක් බද්දට.. කටුනායක, රත්මලාන, මත්තල ගුවන් තොට, කොළඹ වරාය ඒ අතරයි..”

  1. sunimal says:

    මේ වා ජනතාවගේ දේපල.

  2. Love nature says:

    ණයක් ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් උගන්ඩාව සිය එකම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ චීනයට අහිමි කර ඇති බව අප්‍රිකානු මාධ්‍ය වාර්තා කළේය.

  3. John sri says:

    කෝ මේ සීතක්කා, කෝ මේ පිස්සු ජනනායක ?

  4. මෝ says:

    රටේ අදායම හොරා කාලා විනාස කලාට පස්සේ දේපල විකුනන එක තමයි මුන්ගෙ විසදුම.මුන් යන්නෙ ජනතාවට රටත් අහිමි කරලා.මුන් විකුනන හැමදේම හොදින් ලාබ උපදවන හෝ උපදවාහත හැකි දේපලයි.

  5. Be united says:

    යහපාලනය කාලෙ රනිල් වික්‍රමසිංහ කරපු හොඳම වැඩෙ තමයි හම්බන්තොට වරාය චීනෙට ම දීපු එක.

Main News