ඩොලර් බිලියනයක් වටිනා කොළඹ වරාය නගරයේ පළමු ආයෝජන ගිවිසුම අත්සන් තබයි…

December 17, 2020 at 4:45 pm | lanka C news
ඩොලර් බිලියනයක් වටිනා කොළඹ වරාය නගරයේ පළමු ආයෝජන ගිවිසුම අත්සන් තබයි…

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමට අදාළ අමෙරිකානු ඩොලර් බිලියනයක වටිනාකමකින් යුතු කොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 2020.12.17 දින අරලියගහ මන්දිරයේදී සිදුවිය.

එල්.ඕ.එල්.සී (LOLC) සමූහයේ මූලෝපායික ආයෝජන අංශය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඩ් (CHEC) අතර මෙම ගිවිසුම අත්සන් තැබිණි.

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන (CIFC) ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ශ්‍රී ලංකාවේ චීන තානාපති චි ජෙන්හොං මහතා ද එක්ව සිටියේය.

“විදේශ සෘජු ආයෝජන ආකර්ශනය කර ගැනීම අපගේ රජයේ ප්‍රමුඛතාවයක්. මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව නැවත ව්‍යාපාර ලොවට පිවිස ඇති බවට ප්‍රබල නිදසුනක්” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

“උපාය මාර්ගික පිහිටීම සමඟ මානව හැකියාවන්ද අන්තර්ගතව  ශ්‍රී ලංකාව ලබාදෙන අයෝජන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී ලොව පුරා විසිරී සිටින ආයෝජකයන්ට ආරාධනා කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2014 වසරේ දී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ මෙරට සංචාරයට සමගාමීව ආරම්භ කරන ලදී.

අමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක මූලික අයෝජනයෙන් සහ අමෙරිකානු ඩොලර් බිලියන 15 ක අපේක්ෂිත සමස්ත ආයෝජනයකින් සම්පූර්ණවන කොළඹ වරාය නගරය දකුණු ආසියාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික, නේවාසික සහ සංචාරක ගමනාන්තය බවට පත්වනු ඇත.

“මෙම තීරණාත්මක මොහොතේ චීනය නැවත වතාවක් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට උපකාර කිරීමට ඇති සිය කැපවීම පෙන්නුම් කරනවා” යැයි චීන තානාපති චි ජෙන්හොං මහතා පැවසීය.

“කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ මූල්‍ය හා අනෙකුත් කර්මාන්ත ශක්තිමත් ලෙස වර්ධනය වීමට එලදායී ලෙස බලපානවා පමණක් නොව සාමාන්‍ය ජනතාවට උසස් තත්ත්වයේ රැකියා අවස්ථා නිර්මාණය කරන බවට විශ්වාස කරන්නේ යැයි” චීන තානාපති චි ජෙන්හොං මහතා පෙන්වා දුන්නේය.

මෙම ව්‍යාපෘතිය හෙක්ටයාර් 6.8 ක මුළු භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර එය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඩ් ඒකාබද්ධව කළමනාකරණය කරන කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘති පළමු අදියර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 450 ක ආයෝජනයකින් යුතුව හෙක්ටයාර 3.06 ක භූමි ප්‍රමාණයක  විශේෂ කාර්ය වාහන (SPV) සමාගමක් ස්ථාපිත කෙරෙනු ඇත.

තිරසර හා සමාජීය වශයෙන් වගකිවයුතු ආකාරයකින් ක්‍රියාත්මක කෙරෙන මෙම සමස්ත ව්‍යාපෘතිය, විවිධ අංශ ඔස්සේ සැලකිය යුතු ගුණාත්මක රැකියා අවස්ථා රැසක් ඇති කිරීමට අපේක්ෂා කර තිබේ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

47,206 views

10 Comments to “ඩොලර් බිලියනයක් වටිනා කොළඹ වරාය නගරයේ පළමු ආයෝජන ගිවිසුම අත්සන් තබයි…”

  1. John the baptice says:

    මුළු රටේම ජාතික සම්පත් චීනෙට බදු දීපල්ලා …පොහොට්ටුවේ වසර හතර අවසානෙදි මුළු රටම මහින්ද චීනෙට දීලා ඉවර කරයි වගේ ..තවමත් මුලදී කල විනාශය අමතක කරලා නැහැ ..හම්බන්තොට ,මත්තල ගැනත් කිව්ව ඔයවගේම සුරංගනා කතා තමයි ..අහෝ රටකට සිදු කරන විනාශය

    • රටෙ එකා says:

      මොන්ගල්ද? හැටිද? එහෙනම් උබ ඩොලර් බිලියනයක් ආයෝජනය කරපන්කො.

  2. බූරු පුතාණෝ සජියා says:

    චීන්නු සත පහක්වත් විශ්වාස කරන්න බැහැ. අන්තිමේදී කාම්බෝජයට වගේ අපිටත් චීනයට යටත් වෙලා ඉන්න වෙනවා.

    • abc says:

      බන්ගලිදේශෙටත් වඩා දුප්පත් වෙන්න ඕනෙනම් ආයෝජකයොන්ට ගහලා පන්නමු. රටේ ඉන්න ව්යාපාරිකයෝ ටික මරපු ධනපතියෝ කියලා.

  3. Hesh says:

    සින්ගප්පූරුව, ඩුබායි ගැන පුරසාරම් කියවන එවුන් දැන් මේකට විරුද්ද වෙයි. තමන්ගේ රට දියුනු වෙනවට අකමැති එවුනුත් ඉන්නවනේ.

  4. On The Spot says:

    ආයෝජන එන්නෙ නැහැ කියල කෑ ගහන අය ආයෝජනයක් ආවාම ඇයි ආවෙ කියල අහන රටක් මේක​.ඒ උපන් හැටිද මොංගල්ද කියල හිතා ගන්නත් අමාරුයි.එහෙම කිය අය රට ගොඩ ගන්න යෝජනා ගෙනෙන්නෙත් නැහැ.හැටේ දශකයේ පටන් ගත්තු දේශපාළණ ගැලරි චූන් දමමින් බලය ඩැහැ ගන්න දඟලන අය එහෙනම් යෝජනා ඉදිරිපත් කල යුතුයි.මහජනතාවත් ගොනාට අන්දවන්න එතරම් අමාරු නැහැ.කඩේ පෙන්නුවම රෙදි අරන් මහල ඇඳ ගන්නව​.ගොබ්බ රැලක් පාර්ලිමේන්තු යනව​.

  5. Saradiel says:

    ජය පතමු ජය ශ්‍රී

  6. Love nature says:

    ශ්‍රී ලංකා ධරණීතලය අපේ නිජබිමයි. ඉතිහාසයේ සිටම මේ රට බොහෝ ආක්‍රමණයන්ට ගොදුරු වුණා. රට, ජාතිය, ආගම රැක ගන්නට අපේ මුතුන් මිත්තන් බොහෝ කැප කිරීම් කළා. ජීවිත පරිත්‍යාග කළා. එසේ ආරක්ෂා කර දුන් අපේ රට, අපේකම රැක ගැනීමේ වගකීම පැවරෙන්නේ අපටයි. එය පුංචි දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම පැවරෙන යුතුකමක්. වගකීමක්. කවර හේතුවක් නිසාවත් ඒ යුතුකම්, වගකීම්වලින් මඟ හැර සිටින්නට පුළුවන් කමක් නෑ. අතීතයේ අපේ මාතෘ භූමියට හිමිව තිබුණ තැන මොන වගේ ද? දැන් හිමි වී තිබෙන තැන මොන වගේ ද? මේ පින්වත් දරුවන් ඉන්නේ මොනවගේ තැනක ද? මෙතැනින් ඉදිරියට අප විසින් සිදු කළ යුත්තේ මොනවා ද? මේ ගැන හොඳින් දැනුම්වත් වෙන්නට ඕනෑ. ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියන්නේ අපේ මේ පුංචි රටට කියලා අප හැමෝම දන්නවා. ඉන්දියන් සාගරයේ පමණක් නොවෙයි. සප්ත මහා සාගරයේ ම, මේ මුළු මහත් ලෝකයේ ම තිබෙන වටිනා ම රට මේ ලංකා ධරණීතලයයි. දරුවනේ, වෙළඳ ව්‍යාපාර සඳහා මධ්‍යස්ථානයක් ලෙස මුළු ලෝකයට ම භාවිත කළ හැකි සුදුසු ම ස්ථානය පිහිටා තිබෙන්නේ අපේ රටේ යි. මුහුදු ගමන් මාර්ගවල දී නැව්වලට ඉන්ධන ලබා ගැනීමට, නාවිකයන්ට ගිමන් නිවා ගන්නට පුළුවන් සේද මාවතේ ඉතා ම වැදගත් සන්ධිස්ථානයක තමයි අපේ රට පිහිටා තිබෙන්නේ. දරුවනේ, හෙළයින්ට තිබෙන්නේ ඉතා දිගු ප්‍රෞඪ ඉතිහාසයක්. ඉතිහාසයේ මේ රට අල්ලා ගන්නට, යටත් කර ගන්නට මොන තරම් ආක්‍රමණ සිදු වුණත්, යුද ගැටුම් ඇති වුණත් අපේ මුතුන් මිත්තන් මේ රට දිවි හිමියෙන් ආරක්ෂා කර ගත්තා. ඒ වගේ ම රට සශ්‍රීක කළා. ඒ හැම දේටම ඔවුන්ට ශක්තියක් වුණේ සම්බුදු දහමයි.

  7. Mad man says:

    අපමන බලපොරොත්තු අතිව තමන්ව බලයට පත්කල
    අසරන සිංහල ජනයට පයින් ගසමින් මෙ රජය යන ගමන දෙස චම්පික වගෙ කපටි අවස්තවදින් සතුටින් බලගෙන අති.

  8. Saman kumara says:

    ඇමෙරිකාවට බැන බැන චීනටම රටම විකුණනවා. පෝර්ට් සිටි එක හැදුවා කියල එකොනොමි එක බූස්ට් වෙන්නෙ නෑ…

Main News