ඩොලර් බිලියනයක ණයක් ගෙවයි.. සංචිත අඩියටම වැටේ..

July 25, 2021 at 1:20 pm | lanka C news
ඩොලර් බිලියනයක ණයක් ගෙවයි.. සංචිත අඩියටම වැටේ..

ඩොලර් බිලියනයක මුදලක් එළැඹෙන සතියේදී කල් පිරෙන බැඳුම්කර සඳහා ගෙවීමට රජයට සිදුව ඇත.

මෙම මුදල ගෙවීමට සිදුව ඇත්තේ මහ බැංකුවේ දැනට ඇති විදේශ මුදල් සංචිත මගිනි.

එම ණය පියවූ පසු මහ බැංකුව සතු විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන තුනක සීමාවෙන් පහළට වැටෙනු ඇතැයි වාර්තා වේ.

මෙම තත්වය හේතුවෙන් මෙරට විදේශ මුදල් අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇතැයි මුල්‍ය විශ්ලේශකයන් කියති.

71,044 views

14 Comments to “ඩොලර් බිලියනයක ණයක් ගෙවයි.. සංචිත අඩියටම වැටේ..”

  1. Jagath says:

    හරි වගේ අපිට

  2. රජරට බයියා says:

    මේ විනිමය අර්බුදය ගොඩ දාගන්න පුලුවන්. මේ වගේ දෙයක් 90 දශකයේ ආසියානු රටවල් වලට වුනා. නමුත් ගොඩ ගියා. ඔහොම යං. බැසිල් ඇමති තුමා වැඩේ පිලිවෙලට් කරයි. අපි රටේ ජනතාව විදියට සහයොගය දෙමු. එකට ගොඩ යමු.

    • LalithM says:

      එකට ගොඩ යන්නෙ කොහොමද උන් කොල්ලකාල ඇමරිකාවට ගෙනිච්ච ඒවට අපි වන්දි ගෙවන්න වුනාම. මේ ගොන් බයියන්ට පිස්සු. උන්ට ණය කොමිස් අපිට පොලී එක්ක හපේ. හෙනම ගහපං.

  3. Citizen says:

    It’s a good time to check how we spent this money…

    • Ajith says:

      සියලුම රට වැසියන් මෙම පිලිබඳ තොරතුරු දැන ගත යුතුයි. අපි නොදන්න වියදම් වලට අපි ගෙවිය යුතු නොවේ.

  4. Red Line says:

    ඩොලර් ඉතිරිකර ගැනීමට කොන්ද කෙලින් කරගෙන වාහන ආනයනය,පොහොර ආනයනය ඇතුළු ආනයනයන් නතර කිරීමට රටට හා ජනතාවට නියෝග නිකුත් කරන අතරම..බටහිර ඉදිරියේ දණින් වැටී කොන්ද බිඳගෙන ණය වාරික හා පොලී වශයෙන් එම ඉතිරි කරගන්නා ඩොලර් රටින් පිටකරමින් සිටින ආකාරය ත්‍රාසජනක හා ඛේදජනක විහිළුවකි.
    ආණ්ඩුව,විපක්ෂය,විපක්ෂයේ පක්ෂ,225 ඇතුළු සමස්ත වෙස්මිනිිස්ටර් පාර්ලිමේන්තු නඩයද අනෙකුත් ජාතිමාමක,වාමංශික හා ප්‍රගතිශීලී යයි කියා ගන්නා බොරුකාරයින්ද ජනතා විරෝධී,මාතෘභූමි විරෝධි මෙම අපරාධය කිසිම වාදවිවාදයකින් තොරව,ප්‍රශ්ණ කිරීමකින් තොරව,විරෝධයකින් හෝ ප්‍රතිරෝධයකින් තොරව කෙරීගෙන යන්නට ඉඩ හැර ඇති ආකාරය ඔබ වටහාගන්න.බටහිර බලවේග විසින් ආණ්ඩුව,විපක්ෂය,විපක්ෂයේ පක්ෂ,225 ඇතුළු සමස්ත වෙස්මිනිිස්ටර් පාර්ලිමේන්තු නඩයද අනෙකුත් ජාතිමාමක,වාමංශික හා ප්‍රගතිශීලී යයි කියා ගන්නා නාඩගම්කාරයන්වද යොදාගෙන කරගෙන යන 73න් වසරක පරිහාණියට වගකිවයුතු රැවටිල්ල ‌කෙතරම් ෂූක්ෂමද කුරිරුද?

  5. චන්ද දායක says:

    රට වෙනුවෙන් ටීවි වොයිස්කට් දෙන ලන්සා ,රෝහිත ,මහින්දානන්ද වගෙ වෙන නම්වලින් දැවැන්ත මුදල් තියන අයගෙන් සල්ලි ටිකක් ඉල්ලගත්තොත් නරකද ? හම්බකර ගත්තේ මේ ර⁣ටේ දේශපාලනය කරලා නෙ.

  6. harsha says:

    ඒක වෙන්න බෑ. පචයා කට ඇරියොත් කියන්නේ බොරු.

  7. බන්ඩා says:

    වෙන්න බැහැ. අර ටොයෝටා හය් ලක්ස් ඩබල් කැබ් 1000 ක් රජයේ ලොක්කන්ට ගෙනාවෙ $ වලින් නේද?

    • LalithM says:

      ජැපනීස් ක්‍රෙඩිට් ලයින් එකෙන්.ඇයි අර රත්වත්තේ උත්තමය කිව්වෙ ඒක පාවිච්චියට ගත හැකිය රටට බරක් වෙන්නෙ නැතිය කියල. අපි නෙවෙයි උන් ගෙවන්නෙ කියල.

  8. යකා says:

    ඒ ගොල්ලො ඩොලර් පිටරටින් ගෙන්වලා ගෙවන්නට සැලසුම් කරල ඇති

  9. නිකං ඉන්න බැරුවට says:

    ස්විස් බැංකුවල වගේ විදේශ රටවල දේශාපාලුවො විසින් තැන්පත් කෙරුව කළු සල්ලි ඩොලර් බිලියන ගානක සල්ලි ටිකට නීතිමය නිදහසක් දීල ලංකාවේ බැංකුවල තැන්පත් කරොත් මොකද?

  10. gorilla says:

    දැන් නම් මේ රටේ විදේශ විනිමය හොයන්න ලෙසි නැ. පුලුවන් තරම් රුමේනියාවට, ඊස්‍රායේලයට, කොරියාවට, මැදපෙරදිගට රක්ෂාවලට යවල ගෙවල් වලට සල්ලි එවාගමු නැත්නම් ඇරිලම යනවා.

Main News