ඩොලර් බිලියනයක ණයක් චීනයෙන් ගනී.. පොලිය 5.25%යි..

August 4, 2018 at 8:40 am | lanka C news
ඩොලර් බිලියනයක ණයක් චීනයෙන් ගනී.. පොලිය 5.25%යි..

චීනය විසින් ශ‍්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියනයක ණය මුලක් ලබා දීමට අනුමත වී ඇති බව මහ බැංකුවේ අධිපති ඉන්ද‍්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

මේ මස අගදී එහි මුල් කොටස ලැබුනු ඇති බවත් ඉතිරි කොටස එළැඹෙන ඔක්තොම්බර් මාසයේදී ලැබෙන බවත් ඔහු සදහන් කරයි.

5.25%ක පොලී අනුපාතයක් මත ලබා දෙන මෙම ණය මුදල ටගවීමට තුන් වසරක සහන කාලයක්ද හිමිවන බව ඔහු පැවසීය.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

27 views
Main News