ඩොලර් බිලියන 14.2 තව තෙල් පිරිපහදුවක් හම්බන්තොටට එන බව නලින් බණ්ඩාර කියයි.. එය සුප‍්‍රකට පැනමා පේපර්හි හෙලිදරවු සමාගමක්… ඉන්දුනීසියා බැදුම්කර කොල්ල කෑ සමාගමක්…

April 7, 2019 at 3:28 am | lanka C news
ඩොලර් බිලියන 14.2 තව තෙල් පිරිපහදුවක් හම්බන්තොටට එන බව නලින් බණ්ඩාර කියයි.. එය සුප‍්‍රකට පැනමා පේපර්හි හෙලිදරවු සමාගමක්… ඉන්දුනීසියා බැදුම්කර කොල්ල කෑ සමාගමක්…

ඩොලර් බිලියන 14.2 තවත් තෙල් පිරිපහදුවක් හම්බන්තොට ඉදිකිරීම සඳහා සාකච්ඡා වට තුනක් මේ වන විට පැවැත්වී ඇති බවද නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

මේ මේ සඳහා ආයෝජනය කරන්නේ සිංගප්පූරු සමාගමක් යැයිද අමාත්‍යවරයා කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවක් අමතමිණි

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරමින් සිරස රූපවාහිනිය කියා සිටියේ මෙම ආයෝජනය සිදු කිරීමට සූදානම් බව කියන පී.ටී. සුජී නම් සමාගම ආන්දෝලනාත්මක පැනමා පත්‍රිකාවන්හි හෙළිදරව් වූ කරුණු අයථා මුචල් උපයන ලද සමාගමක් බවයි.

ඉන්දුනීසියාව මූලික කරගත් පී.ටී. සුජී සමාගම ශ‍්‍රී ලංකාවේ බැඳුම්කර වංචාවට සමාන ඉන්දුනීසියානු වංචාවකට සම්බන්ධ යයිද වාර්තාවේ හෙලි කලේය.

96 views