ඩොලර් බිලියන 2.15ක් ණයට ගනී.. චීනයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්..

July 4, 2021 at 1:20 pm | lanka C news
ඩොලර් බිලියන 2.15ක් ණයට ගනී.. චීනයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්..

රජය විසින් රටවල් තුනකින් ඇමරිකානු ඩොලර් බිලියන 2.15 ක හදිසි ණය ගැනීමට තීරණය කර තිබේ.

මීට තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිත පහළ බැසීමත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා කෙටි කාලීන පියවරක් ලෙසයි.

චීනයෙන් ඩොලර් බිලියන එක හමාරක්, ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක්, බංග්ලාදේශය ඩොලර් මිලියන 250 ක් ලෙස මෙම ණය මුදල ලබා ගැනීමට අපේක්ෂිතයි.

ඉන්දියාවෙන් හා බංග්ලාදේශයෙන් ලබාගන්නා ගන්නා ඩොලර් මිලියන 650 ණය මුදල විනිමය හුවමාරු පහසුකම් යටතේ ලබා ගැනීමට ද තීරණය වී ඇත.

චීනයෙන් ලබාගන්නා ණය මුදල දිගුකාලීන ණයක් ලෙස ලබා ගැනීමට නියමිතව තිබේ.

දැනට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 4.2 පමණක් වන අතර එය ප්‍රමාණවත් වන්නේ මාස තුනක ආනයනය සඳහා පමණක් බව පසුගියදා රජය ප්‍රකාශ කළේය.

44,441 views

17 Comments to “ඩොලර් බිලියන 2.15ක් ණයට ගනී.. චීනයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්..”

  1. යකා says:

    ඊලගට ණයට ගන්නෙ කොංගෝවෙන්ද?

  2. හරකෙක් එලවලා ගෙන ආ තඩි බූරුවා says:

    දැන් නම් ඩේසි ආච්චී ගේ මැණික් මල්ල කොහෙන් හරි හොයා ගන්නම ඕන. ලප කුමාර සමහරවිට දන්නවා ඇති හංගලා තියන තැන. තුක් නොදකින් මෙහෙමත් එදා වේල කන්න රට විකුණන රටක පාලකයෝ..කරඇහ්… හාක්..ක් …තුක්ක්

  3. Opa-dupa says:

    ලගදී පිලිපීන ජනාධිපති එක්කත් ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වලා තිබුන.

  4. ගිජුලිහිණි සංදේශය says:

    රටක ඇති සාරය – ගිලින අවතාරය
    එහි මහ කොටාරය – සොරෙකුටම බාරය
    වැසියනි දිවා රැය – නොකලොත් විචාරය
    සිහියේ තබාගන් – අද මියන්මාරය……

    Please think again and again and again…

  5. Wewegadara Appuhamy says:

    Economic crisis is so sever ,no option for that request from relevant countries not that so bad.

  6. Felix says:

    What is the interest rate of China Loan? So easy to agree on Kick-back. (Malla Kare)

  7. ගිජුලිහිණි says:

    ” සබඳ අපි හොරුම වෙමු – උනුන් පරයා නැගෙන
    අමිල රට කැබලි කර – ගොඩම චීනෙට පුදන “