ඩොලර් මිලියට අටක් වහා ගෙවනු.. නැතොත් නඩු.. චීන පොහොර සමාගම දන්වයි.. නැව කොළඹ ආසන්නයේ..

November 8, 2021 at 9:20 am | lanka C news
ඩොලර් මිලියට අටක් වහා ගෙවනු.. නැතොත් නඩු.. චීන පොහොර සමාගම දන්වයි.. නැව කොළඹ ආසන්නයේ..

චීනයේ සිට මෙරටට කාබනික පොහොර ගෙන්වා ඇති චීන සමාගම විසින් ඩොලර් මිලියන අටක් ගෙවන ලෙස ජාතික ශාක නිරෝධන සේවාවේ අතිරේක අධ්‍යක්ෂ වරයාට ලිපියක් යොමු කර තිබේ.

සති තුනක් ඇතුළත මෙම මුදල නොගෙවන්නේ නම් නඩු පැවරීමට කටයුතු කරන බව ද සිය නීතීඥ සමාගම හරහා දැනුම් දී ඇත.

සමාගම විසින් සපයන ලද පොහොර වල හානිකර බැක්ටීරියා ඇතැයි කියමින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කරමින් ඔවුන් විසින් මෙම ලිපිය යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවේ සිදු කරන ලද පරීක්ෂණ වාර්තා ප්‍රතික්ෂේප කරමින් සමාගම සඳහන් කර ඇත්තේ දෙරටට පිළිගත හැකි තෙවන පාර්ශව වෙතින් නැවත පරීක්ෂා කළ යුතු බවයි.

අදාල නෞකාව මේ වන විට කළුතරට නුදුරැ මුහුදේ යාත‍්‍රා කරමින් ඇත.

76,920 views

42 Comments to “ඩොලර් මිලියට අටක් වහා ගෙවනු.. නැතොත් නඩු.. චීන පොහොර සමාගම දන්වයි.. නැව කොළඹ ආසන්නයේ..”

  1. APPUHAMI says:

    Me pora newa mechchara holman kara kara mehema welalenda hadanne 10/100 kattiya honda commis kuttiyak aragena athi pudanakotama kaapi yaka kiyala, den anduwe wagakiwayuthu aya kiyana kattiya meek neththe ekai den diro ganna be paankada gilapu rilaw wage hengila inne ekai.

  2. 0.00069 BIYYO says:

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විස්සක තිහක හමුදා උප කණ්ඩයක් පාලන කළ හැකිවා මිස ග්‍රාමසේවක කොට්ඨාසයක් හෝ පාලනය කළ නොහැකි බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා සඳහන් කරයි.
    චීන ඕක හම්බන්තොට බාල යාවි. චිනට හම්බන්තොට වරායකුත් තියෙනවා ඉඩමුත් තියෙනවා චීන්නුත් ඉන්නවා. අන්තිමට දඩත් ගෙවල, ප්‍රමාද ගාස්තුත් ගෙවල කක්ක පොහොරත් ගන්නවා. තව වැඩිපුර ප්‍රමාද ගාස්තු නොගෙවා ඔන්න ඕක බාගන්නවා 😁😁😁😁😁😁

Main News