ඩොලර් රකින්න ආනයනික ආහාරවලටද බාධක දමන බව බව අමරවීර කියයි.. විශාල ආහාර අර්බුදයක් එන බවට පුරෝකතන කෙරේ..

September 30, 2018 at 10:15 pm | lanka C news
ඩොලර් රකින්න ආනයනික ආහාරවලටද බාධක දමන බව බව අමරවීර කියයි.. විශාල ආහාර අර්බුදයක් එන බවට පුරෝකතන කෙරේ..

රුපියලේ අගය අවප‍්‍රමාණය වීම පාලනය කිරීමේ වැඩපිලිවෙලක් සම්බන්ධයෙන් මේ දිනවල සාකච්චා කරන බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

අසීමිතව සිදු කරන විදේශ ආනයන සීමා කිරීම සදහා යම් වැඩපිලිවෙලක් සකස් කර ඇත්තේ ඒ අනුව යයිද ඔහු සදහන් කරයි.

මෙරටට අත්‍යවශය නොවන ආහාර ද‍්‍රව්‍ය ගණනාවක් රටින් ගෙන්වන බවත් ඒවාටද බදු වැඩි කල යුතු බවත් ඇමතිවරයා කියයි.

උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

මේ අතර ඩොලර් සංචිත රැුන ගැනීම සදහා ආණ්ඩුව ඉදිරියේදී ආහාර ද‍්‍රව්‍ය, ඖෂධ ආනයනටද දැඩි ලෙස සීමා පනවනු ඇති බවත් එහිදී රට තුල විශාල ආහාර හිගයක් ඇතිවනු ඇති බවත් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පුරෝකතනය කරයි.

61 views
Main News