ඩොලර් රකින්න ආනයන අඩු කරයි.. ලගදීම පෙට‍්‍රල්-ඞීසල් පොලු..?

September 25, 2018 at 1:20 pm | lanka C news
ඩොලර් රකින්න ආනයන අඩු කරයි.. ලගදීම පෙට‍්‍රල්-ඞීසල් පොලු..?

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේ පැවසූ පරිදි ඩොලර් මිලියන 500-1000ක් අතර ප්‍රමාණයක් රඳවා ගැනීම සඳහා තීරු බදු පනවන්නේ නම් එසේ කළ යුතුව ඇත්තේ ඇපල් මිදි ආදී ආනයනය්නට නොව ඖෂධ පෙට්‍රල් ඩීසල් ආදී අත්‍යවශ්‍ය ආනයන භාණ්ඩ මත බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙසේ බදු පැනවුයහොත් පෙට්ට්‍රල් ඩීසල් ඖෂධ වර්ග වල අසාමාන්‍ය ලෙස ඉහළ යනු ඇති බවයි.

එසේ නොවේ නම් ආනයනය සඳහා වැය වන ඩොලර් ප්‍රමාණය රඳවා ගැනීමට රජය විසින් තීරණය කලහොත් ඖෂධ හා ඉන්ධන සඳහා සීමා පැනවීමක් සිදුයනු ඇති බවද ඔහු පැවසීය.

ඒ අනුව 1970-77 යුගයේ තිබූ මිරිස් පොලු හාල් පොලූ මෙන් හෙට දවසේ පෙට්රල් පොලු ඩීසල් පොලූ ඇතිවීමේ ඉඩකඩක් ඇතැයි ද ඔහු සඳහන් කරයි.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මුදල් අමාත්‍යාංශය විසින් කියන පරිදි ආසියාවේ කිසිදු මුදල් ඒකකයක් සමග ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී නැති බවය.

මුහුදු කොල්ලකරැුවන් පිරිසක් විසින් පාලනය කරන සෝමාලියානු මුදල් ඒකකය සමග පවා ශ්‍රී ලංකා රුපියල බාල්දු වී ඇති බවත් එම පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි ඔහු පැවසීය.

.

‘ළඟදීම රනිල්ගෙන් පෙට්රල් පොලු – ඩීසල් පොලු බලාපොරොත්තු වෙන්න’- ජානිපෙ ප්‍රචාරක ලේකම්, මොහොමඩ් මුසම්මිල්2019.09.25 ජානිපෙ මාධ්‍ය හමුව

Gepostet von Jathika Nidahas Peramuna am Montag, 24. September 2018

21 views
Main News