ඩොලර් වලට පමණක් ඉන්ධන දෙන පිරවුම්හල් අරින්නැයි දන්වයි…
June 21, 2022 at 10:00 am | lanka C news
රටපුරා සඟවා ඇති විදේශ සංචිත මුදල් පිටතට ගැනීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම විදෙස් මුදල් වලින් ගණුදෙනු කළ හැකි ඉන්ධනහල් විවෘත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
විදේශ මුදල් වලට පමණක් ඉන්ධන නිකුත් කරන ඉන්ධන පිරවුම්හල් වෙන් කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක වුවහොත් ඉන් සැලකිය යුතු විදේශ මුදල් ප්‍රමාණයක් සොයාගත හැකි වෙතැයි ද මන්ත්‍රීවරයා ලිඛිතව අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
විවිධ පුද්ගලයන් සතුව විදේශ මුදල් සඟවාගෙන සිටි නිසා එම මුදල් පිටතට ගැනීම සඳහා මෙම යෝජනාව ගැන සලකා බලන ලෙස ඔහු ඉල්ලා ඇත.
රටේ ඩොලර් නැත්නම් තෙල් ගන්න පිටරට ගිහින් දුක් විදලා ඩොලර් ටිකක් අරගෙන ලංකාවට ඇවිත් ඩොලර් වලින් තෙල් ගහගන්න පුලුවන්නම් හොඳයි. පහුගිය දවස්වල (චන්දෙට පෙර) අර අතන මෙතන රතන කියන සිවුරු කාරයා ජාතිවාදය අවුස්සනකොට කිව්වේ අපිට මැදපෙරදිගින් තෙල් එපා ඒ වෙනුවට සුර්ය විදුලිබලය ස්ථාපිත කරලා මැදපෙරදිග තෙක් නවත්තනවා කියලා. මුන් බලයට එන්න ජාතිවාදය අවුස්සලා දැන් මැදපෙරදිග කිසිම රටක් උදව් කරන්නේ නැහැ. ඩොක්ටර් ශාෆි වඳ විතරක් නෙමෙයි වඳ වෙච්ච 8000 දැන් ඒ ගැන කතාකරන්නේ නැත්තේ ඩොක්ටර් ශාෆි උන්ව ගොලුත් කරලා වගේ
මූ නිමල් ද ඇනිමල් ද
නාමල්ගේ බත් බැලයෙක්..නැවත රටේ ඩොලර් උගන්ඩාවේ රාජපක්ෂ ගිණුම් වලට බැර කරන්නයි හදන්නේ
මේ වෙලාවේ හොදම වැඩේ තමයි ඩොලර් වලින් ගණුදෙනු කිරීම. ඇමරිකාවත් එක්ක කතා කරල මේක කරන්න ඔනේ. රුපියල විශ්වාසකරල තමන්ගේ සේසතම නැතිකරගෙන ජීව්තේ අන්තිම කාලෙදි දුක් විදින්න කවුරුවත් කැමති නැ.
ඊට පස්සේ ලංකාවේ ඇමරිකාවේ කොලණියක් කරයි ..මුළු රටම ඇමරිකානු company වලට විකුණයි
ඩොලර් වල මුවාවෙන් US කළු තරුව ඉක්මනට පායන්න හදනවා වගේ
ඇමෙරිකාවේ කොලනියක් වෙන්න දෙයක් නැහැ ඇමෙරිකන් කාරයෙක් තමයි ලංකාවේ ජනාධිපති
වෙනත් විදේශ මුදල් ද ඇතැම් අය ලඟ තිබිය හැකිය. උත්සාහ කරන්න.
එ යොජනාව විකාර අදහස් වගෙ පෙනුනට කොලබ දිස්ත්‍රික්කයේ පැට්ට්‍රල් ශෙඩ් කිහිපයක් පටන් ගත්තොත් හංගලා තියෙන ඩොලර් ටිකක් එකතු වෙන්න පුලුවන්