ඩොලර් හිගය උග‍්‍රයි.. ශ‍්‍රී ලංකාව එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් ණයට ඉන්ධන ඉල්ලයි…

August 24, 2021 at 10:40 am | lanka C news
ඩොලර් හිගය උග‍්‍රයි.. ශ‍්‍රී ලංකාව එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් ණයට ඉන්ධන ඉල්ලයි…

දිගුකාලීන ණය පදනම යටතේ ශ්‍රී ලංකාවට බොර තෙල් හා ඛණිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන ලබා ගැනීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමිර් රාජ්‍යය සමඟ සාකච්ඡාවක් පැවත්වී තිබේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ කොළඹ සිටින එක්සත් අරාබි එමීර් රාජ්යයේ තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානියා අතර මෙම සාකච්ඡාව ඊයේ දින පැවැත්වී ඇත.

ශ්‍රී ලංකාව මුහුණපා සිටින විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද බව උදය ගම්මන්පිල මහතාගේ සමාජ ජාල ගිණුම් සටහන් කර තිබේ.

එම සාකච්ඡාව සඳහා බලශක්ති අමාත්‍යාට අමතරව එම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් ද සහභාගි වී තිබිණි.

59,607 views

35 Comments to “ඩොලර් හිගය උග‍්‍රයි.. ශ‍්‍රී ලංකාව එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් ණයට ඉන්ධන ඉල්ලයි…”

  1. sansala says:

    api kaaloochitha wiya yuthuyi… ratee pawathma wenuwen

  2. සඳරුවන් says:

    රටේ දැන් තියෙන තතවය අනුව සහන ණය ගන්න වෙනවා.කලින් ආණ්ඩුත් මේවට වග කියන්න ඕනේ.

  3. සජියා says:

    තාමත් රට හරක් ඉන්නව comment දැක්කම ඒක පේනවා. News එකේ කියලා තියන දේට නෙවේ comment කරන්නේ. ඉන්දන හිගයක් නෑ කියලා කියද්දී එහෙම නොවෙන්න මෙහෙම හරි තීරණ ගන්න මොලේ තියන ඇමති කෙනෙක් ඉන්න එක ගැන සතුටු වෙයල්ලා

  4. mithsala says:

    ලෝකයටම අමාරු කාලයක් මේක.. දරාගෙන ඉදිරියට යමු

  5. මාටිං says:

    api ekata sitiya yuthu mohothak meeka……

  6. panchayuda #akaya says:

    Thambi ratawala thel apita epa..halal thel apita epa

Main News