ඩොලර් හිඟය අස්සේ කෆීර් කොටස් ටෙන්ඩරයක්…

July 17, 2021 at 3:50 pm | lanka C news
ඩොලර් හිඟය අස්සේ කෆීර් කොටස් ටෙන්ඩරයක්…

ශ‍්‍රී ලංකාවට අවශ්‍ය භාණ්ඩ මිලයට ගැනීම සඳහා විදේශ විනිමය සංචිත අඩු වී තිබියදී කෆීර් ප‍්‍රහාරක යානා පහක් සඳහා අමතර කොටස් සහ ඇන්ටෙනා මිලයට ගැනීමට ගුවන් හමුදාව ටෙන්ඩර් කැඳවා ඇත.

එහෙත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව පසුගිය මස ඊශ‍්‍රායල් ඒරෝස්පේස් ඉන්ඩස්ටී‍්‍රස් සමාගම සම`ග ඩොලර් මිලියන 50ක ගිවිසුමක් අත්සන් කරමින් කෆිර් ප‍්‍රහාරක යානා නවීකරණය කිරීමට ක‍්‍රියාකර තිබේ.

එම නවීකරණය යටතේ එම කෆිර් ප‍්‍රහාරක යානාවලට සියලූම අමතර කොටස් සවිකරන බව ඊශ‍්‍රායල් ආරංචි මාර්ග හෙළි කළේය.

එවන් පසුබිමක් මැද විදේශ විනිමය වැය කරමින් කෆිර් ප‍්‍රහාරය යානා සඳහා අමතර කොටස් මිලයට ගැනීමට ටෙන්ඩර් කැඳවීම දැඩි විමතියට හේතු වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය
divaina

23,188 views

8 Comments to “ඩොලර් හිඟය අස්සේ කෆීර් කොටස් ටෙන්ඩරයක්…”

  1. ගෝටා බය කවියා says:

    පුරා හඳත් ගිලි යකුනට කුමන කජු
    මරා කතිය කිකිළිය දෙන රනින් බිජු
    කිරා කුමට දුගියෙකු අඹු ගතොත් රජු
    සොරා කතත් කපුටාටම දෙමු කේජු

    ගිජුලිහිණි සංදේශය

  2. Sajith says:

    වාහන වල සමහර ප්‍රශ්ණ තියෙනවා ඉක්මනට විසඳුවෙ නැත්තන් ලෙඩේ වර්චස් වෙන. මෙහෙමයි, ඩොලර් මිලියන 50ක් ගෙවල හදා ගන්නවද, නැත්තන් ඩොලර් බිලියන 6.8ක් ගෙවල අලුතින් ගන්නවද? කොමිස් ගැන කියනව නම් ගොඩක්ම හොඳ අලුතින් ගන්න එක තමා.

  3. Dr. Wijesekara says:

    අපි සාමාන්‍යයෙන් මිලදී ගන්නේ වෙන රටවල් පැදල අයින් කරන මට්ටමේ ගුවන් යානා සහ නැව්. ඔය ප්ලේන් අවුරුදු 20-30 පරනයි. නිකන් කාර් වුනත් අවුරුදු 20 පැද්දම වෙන දේ හිතා ගන්න පුලුවන් නේ. ඉතින් රෙපෙයාර් ඕන වෙලාවට දැන් කොරෝනා, සල්ලි අඩුයි කියලා ඔය යන්ත්‍ර ටික හදා ගත්තෙ නැතොත් තමිල්නාඩුවෙ උන් ලංකාව අල්ලන්නෙ ඇල්බීසියා පොලු වලින් ගහලා. අපේ රටේ නාවික හමුදාවට තියෙන විශාලම නැව ඇමරිකාවෙ නිශ්පාදනය කරල තියෙන්නේ 1962. උන් යුද්ධ කරල දිනුවෙ ඔහොම ලදරන් වලින් සටන් කරලා. අපේ හමුදාවට ඔහොම සලකන්න එපා. උන්ට ඕක වත් හදා ගන්න දෙන්න.

    • bayya says:

      බොහොම ප්‍රායෝගික කොමෙන්ටුවක්. ප්‍රශ්නේ ඇයි නවීකරණය පටන් අරන් අමතර කොටස් වෙනම දැම්මෙ කියන එකයි. කෝකටත් ඉවසීමෙන් තව ටිකක් බලමු. මේකත් පල්ලෙහා මට්ටමින් දාපු ජිල්මාට් එකක් ඉහල තැනෙන් කැපෙන්න පුළුවන්.

      • වෙනම දාන අමතරකොටස් මොනවද කියන එක උඹටවත් මටවත් කිසිදාක දැනගන්නට නොහැකි හමුදා රහසක්ය. මෙවැනි රහස් රාවණාගේ දඩු මොනරයේ පවා තිබුනා. මේ රහස් කියා කියා කරානම් යුද්ධය තවමත් කරනවා. එහෙම නැතිනම් දෙමල ඊලම මෙලහකටත් බිහිවෙලා. මීට පස්සේ මෙවැනි ගොන් ප්‍රශ්න අහන්ට එපා. පේනවනේ රටේ ඉන්න උන්ගෙන් වැඩිදෙනෙකුගේ බුද්ධියේ මහිමය. මුන් තමයි චන්දපොලට ගිහින් කතිරේ ගහන්නේ.

    • ඉතාම හොද අදහසක්. බොහොමත්ම ස්තුතියි. අඩුම වශයෙන් මේකේ කොටන උන්ගෙන් තව දෙන්නෙක්වත් මේ විදිහට හිතනවානම් කොච්චර හොදද. අර පහලින් එකෙක් කුණුහරපයක් අලවලා තියෙන්නේ මිග් ද ටිග් මොනවද කියලා. උන්වගේ උන්ගේ මොලේනම් හැදිලා තියෙන්නේ බල්ලන්ගේ හා ඌරංගේ මොළ වලින්.

  4. Nande says:

    මේ සැප ලෝකේ කාටද ඕනේ…

    මිග් කොමිස් වගේද කෆීර්. කොමිස්. උබලට ඩො ලර් අඩු උනාට අපිට මොකෝ

Main News