ඩොලර් හොයන්න කොළඹ ඇතුළු ඉඩම් 50ක් විදෙස් ආයෝජකයන්ට.. ලයිස්තුව මෙන්න..
December 15, 2021 at 12:02 am | lanka C news
කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක ඉඩම් පනහක් විදෙස් ආයෝජකයින් සඳහා බදු පදනම මත ලබාදීමට රජය මේ වනවිට සැලසුම් සකස් කර තිබේ.
ඒ යටතේ ඉදිවන නව ව්‍යාපෘති 5ක් සඳහා මේ වනවිටත් අවබෝධතා ගිවිසුම්වලට එළැඹ ඇති අතර සමස්ත අයෝජනවල අපේක්ෂිත ඉලක්කය අමෙරිකානු ඩොලර් බිලියන හයකි.
කොළඹ බේරේ වැව අසළ ඩී.ආර්.විජේවර්ධන මාවතේ ඉඩම් 6ක්, කොම්පඤ්ඤවීදිය පැරණි ගුවන් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල සහිත ඉඩම, නාරාහේන්පිට, ඔරුගොඩවත්ත, දෙමටගොඩ, තුම්මුල්ල, තලවතුගොඩ ඇතුළු ප්‍රදේශවල ඉඩම් මෙන්ම ගාල්ල, මාතර, මහනුවර බෝගම්බර, නුවරඑළිය , කුරුණෑගල, යාපනය, වව්නියාව , අනුරාධපුර යන නගරවලද ඉඩම් රැසක් ඒ අතරට අයත් වෙයි.
මෙම ඉඩම්වල ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා චීනය, එක්සත් අරාබි එමීර් ,ඉන්දියාව , මැලේසියාව සහ ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් කිහිපයක ආයෝජකයින් මෙන්ම දේශීය ආයෝජකයන්ද ගිවිසුම්ගත වී තිබේ.
රජයේ උසස් නිලධාරීන්ට නවාතැන්ගැනීම සඳහා ඉදිකළ කැප්පෙටිපොල සමිට් නිවාස සංකීර්ණයද නිවාස 500ක නව ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා චීන ඩුබායි ඒකාබද්ධ ආයෝජකයකු වෙත ලබා දීමට නියමිතය.
– ada derana
ඉඩම් විකුණන්න නොවෙයි කරන්න ඔනා ඉඩම් රජය යටතට ගන්න එකයි කරන්නඔනා .පුද්ගලික සමාගම් සතු වතු යලි රජයට පවරගෙන,ජනතා සමූහ ගොවිපලවල් එදා සෝවියට් රුසියාවෙ මෙන් ආරම්භ කර රටෙ දියුනුව ලබාගන්න පුලුවන් .අක්කර කාලට වඩා ලොකුසියලු වගා නොකරන ඉඩම් ඒ ඒ ප්‍රදෙශවල කොමිසොල් කාර්යාල පිහිටුවල ප්‍රදෙශයෙ ගොවි සන්විදාන එකතුවෙන් වගා සන්ග්‍රාමයක් ආරම්භ කලයුතුයි .නව ජවිපෙ රජයක රට ඉදිරියට යාම ස්තිරයි
මේ වැඩේ කරලා සෝවියට් දේශය සාර්ථන වුනේ නැහැ නේද? ලංකාවේ වතු ජනසතු කරන තුරුම සමාගම් පාලනය කල වතු ලාභ ලැබුවා. රජයේ පාලනය යටතේ සේරම පාඩුයි.
දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ වගේ සියළු රටවල් බංකොලොත් වුනේ ජනසතු ව්‍යාපාර නිසා. මේ යෝජනාව නම් හොඳ එකක් නොවෙයි.
Sale sale sale Sri Lanka is on closing down sale. Auctioneers are Rajapaksa brothers.
Wijebahu මෝඩයෙක්ගෙ ලිං මැඩි කමෙන්ට් එකක්!
X’mas sale has started! Laabai, Laabai…..
දැන් කෝ යකෝ අපිට ඉන්න රටක් ඕනා කියලා පොලවේ පස් කාපු හොර ගනයෝ බඩුමදවල අමිත්ත වීරසිංහ, මාගල් කන්දේ පරය ඉත්තෑ කන්දේ පරයා, ඇල්ලේ ලොක්කා අබේතිස්ස , පීචං වංස, රතනේ, උඹලා කෝ.. 😡😡😡
It is good for the country to develop these unutilized land by leasing out to a proper investors. But not to sell them outright. Every country like Singapore or Malesia have developed that way.