ඩොලර් හොයන පන්සල්වලට කල යුතු දේ…

September 22, 2022 at 3:50 pm | lanka C news
ඩොලර් හොයන පන්සල්වලට කල යුතු දේ…

ව්‍යාජ ලී ක්වාන් යූලා ව්‍යාජ මහතීර් මොහොමඩ්ලා සේ නොවූ සැබෑ ආදර්ශමත් ජනාධිපතිවරයෙක් වන ජොකොවි ජනපති, මුල්‍ය අර්බුදයෙන් පෙළෙමින් සිටි ඉන්දුනීසියාව, ඉදිරි දශකය තුළ ආර්ථිකය අතින් ලෝකයේ බලවතුන්ගේ දස දෙනා අතරට ගෙන ආ වැඩපිළිවල අප රටක් වශයෙන් ආදර්ශයට ගතයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ පිළිබඳව පවසා සිටියේ 43 සේනාංකයේ නියෝජිත පිරිසක් සමඟ කොළඹදී ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි ගරු දේවී ගුස්තිනා ටෝබිනි මැතිණිය හමු වූ අවස්ථාවෙන් පසුව මාධ්‍යට අදහස් පළකරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“ඉන්දුනීසියාව කියන්නේ අතිශය වැදගත් රටක්. ඊළඟ දශකය තුළ ලෝකයේ දස මහා බලවතුන් හැටියට ආර්ථිකයේ නැඟ එන රටක් ඉන්දුනීසියාව. අද අපි මුහුණ පා ඇති අර්බුදයට බලශක්ති ක්ෂේත්‍රයෙන් විසඳුම් දෙන්න පුළුවන් රටක්. ඉන්දුනීසියාව අපේ ජන කණ්ඩායම් වලට සම්බන්ධයි අතීතයේ සිට. හම්බන්තොට කියන නම ඇතිවෙලා තියෙන්නේ ඉන්දුනීසියානු ඔරු ලංකාවට පැමිණිච්ච නිසා. පැරණි අතීත කාලයේ විජයබාහු රජු, පරාක්‍රමභාහු රජවරුන්ගේ කාලේ ඉඳන් පැවතගෙන එන සංස්කෘතික සබඳතා ජාලයක් අපටත් ඉන්දුනීසියාවටත් තිබෙනවා.

ඉන්දුනීසියාව 1997 මුල්‍ය අර්බුදයකට හසු වුනා. අපේ වගේ සම්පූර්ණ බුම්බත් වීමක් නෙවෙයි. ඒ අර්බුදයෙන් ගොඩ එන්න ඔවුන් ධෛර්ය සම්පන්නව කටයුතු කරා. අද ඉන්දුනීසියාවේ ජනාධිපතිතුමා නව විදේශ ප්‍රතිපත්තියක් සමඟ මැනවින් කටයුතු කරන කාටත් ආදර්ශයක් දෙන G 70 කණ්ඩායමේ සභාපතිවරයා බවටම පත් වෙලා තියනවා. ඒක ලොකු ආඩම්බරයක්.

ව්‍යාජ ලී ක්වාන් යූලා, ව්‍යාජ මහතීර් මොහොමඩ්ලා වගේ නෙමෙයි. ඇත්තටම ජොකොවි ජනාධිපතිතුමා ඒ රට මුදවාගෙන අද සභාපති ධුරයටත් පත් වෙලා තියෙනවා. ඒ සබඳතා තර කර ගැනීම සඳහා තානාපතිතුමිය ඉදිරි කාලයේදී අපේ පුද්ගලික අංශයත්, රාජ්‍ය අංශයත් සමඟ වැදගත් සාකච්ඡා වට ගණනාවක් සිදුකිරීමට සැලසුම් කරගෙන ඉන්නවා.”

ඉන් අනතුරුව මාධ්‍යවේදී විසින් අසන ලද ප්‍රශ්න සඳහා චම්පික රණවක මහතා පිළිතුරු ලබාදෙන ලදී.

ප්‍රශ්නය : ඩලස් මහත්තයා ප්‍රමුඛ කණ්ඩායම කියන විදියට මේ මොහොතේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නැද්ද ඇතුලේ? මන්ත්‍රීවරුන් හැටියට විපක්ෂයට හා ඔබ ඇතුළු කණ්ඩායමට කතා කරන්න ලැබෙනවද හරියට?

පිළිතුර : “පාර්ලිමේන්තුවේ කාලය බෙදීමේ ක්‍රමවේදයක් තියෙනවා. අපිට සතියට විනාඩි 7 – 8ක් ලැබෙන්නේ. සමහරුන්ට හිතෙන්න පුළුවන් ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ, දායකත්වයක් නැහැ කියලා. අපට ලැබෙන කාලය අනුව තමයි කටයුතු කරන්නේ. මේක අපේ අත්දැකීම්, දැනුම රට දැනගන්න ඕන අවස්ථාවක්. විශේෂයෙන්ම මම කෝප් සභාවේ හිටියා. අපි කරන වැඩ සජීවීව ගියා. තාම කෝප් සභාව පත්කරලත් නැහැ. පාර්ලිමේන්තුව තුල අපිව කොන් කරලා, මේවට පත් කරන්නේ නැතුව ඉඳලා, විනාඩි කීපයක් සතියකට දීලා අපිව නවත්තන්න බැහැ.”

ප්‍රශ්නය : ඔබතුමාලා කියන විදියට ආණ්ඩු පක්ෂයේ මොකක් හරි පාලනයක් කරනවද මන්ත්‍රීතුමා?

පිළිතුර : “ඩලස් අලහප්පෙරුමට හෝ වෙනත් ඕනම කෙනෙක්ට පාර්ලිමේන්තුව තුළ කතා කිරීමේ අයිතිය ලබා දෙන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම යම් විශේෂඥතා තියෙන පිරිස් වලට අදාළ කොමිටිය ඇතුළු දේවල් ලබා දෙන්න ඕන. ඒක හින්දා මම හිතන්නේ පාර්ලිමේන්තුවේ යම් අත්දැකීමක් තියෙන, වැඩකරලා පුරුදු පිරිස් වලට විශේෂ අවස්ථාවක් දීම කතානායකගෙත් වගකීම. කරූ ජයසූරිය මහත්මයා ඉන්න කාලේ ඒ ආකාරය යුක්ති සහගත වැඩපිළිවෙලක් එතුමා ගෙනගියා. එතුමාට කොච්චර චෝදනා තිබුණද? ඔහුට මිරිස් කුඩු ගැහුවා. මේ කතානායකවරයා ඒ ආකාරයට ක්‍රියා කරන බවක් පෙනෙන්නේ නෑ.”

ප්‍රශ්නය : දැන් පන්සල් වලට විදුලිය සම්බන්ධයෙන් දැන් ලොකු ගැටළුවක් ඇවිල්ලා තියෙනවා නේ. ඔබතුමා හිතන විදිහට මොකක්ද හොඳම ක්‍රමේ?

පිළිතුර : “ඒකක 180 වැඩියෙන් පාවිච්චි කරන විහාරස්ථාන සහ ආගමික ස්ථාන සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක සමීක්ෂණයක් කරන්න ඕනේ. මොකද සමහර විහාරස්ථානවල සමාජ මෙහෙවරන් කරන විහාරස්ථාන සහ ආගමික ස්ථාන තිබෙනවා. මේවා අපි වෙනම හඳුනාගන්න ඕනේ. සමාජ සේවාවක් කරන අයට දැනට විදුලිබල මණ්ඩලය විසින් ඒකකයක් විකුණන රුපියල් 29 ගානට ඒක ලබා දීම සුදුසුයි. වගේම මේ සමහර ඩොලර් උත්පාදනය කරන ආගමික ස්ථාන වලට අවස්ථාවක් දෙන්න ඕනේ සූර්ය පැනල හරහා ඒ කටයුත්ත කරන්න.”

– Media unit

37,761 views

7 Comments to “ඩොලර් හොයන පන්සල්වලට කල යුතු දේ…”

  1. කිරිහාමි says:

    ලි ක්වන් යිවු මහතිර් මොහොමඩ් මදිවට තවත් ඉන්දුනීසියානු බූරුවෙක් ගැන කියවන්න පටන් අරගෙන

  2. මහජනතාව says:

    පූජකයන් සහ පුජ්ය පක්ෂය පුරන් කුඹුරු අස්වැද්දීම වෙනුවෙන් යොදා ගන්න.

  3. ක්‍රිමිනල් says:

    පංසල් තියෙන්නේ ඩොලර් හොයන්ඩද??? මට පිස්සු වගේ අප්පා

  4. . Nariya says:

    Meya th vidulibala athikenekwelaa hitiya neda?ko pragathiya.bauddaagama videshikaintavikunalaanam dollar hoyathaki

  5. සෙරෙප්පු සුප්. says:

    මූ දේශපාළණේට ආවෙත් පන්සලට කෙලවල​,සංඝයා වහන්සේලට කෙලවල​.මූ දේශපාළණය කරන්නෙත් පන්‍සලට කෙලවල​​,සංඝයා වහන්සේලට කෙලවල​.මූ ඉදිරියට කරන්නෙත් ඕකමයි,ඊට අමතරව රටටත් කෙලවනව සිකුරුයි.

  6. ආයෙම නැට්ට පාගාගෙන,.! says:

    වහල්කමද ? නැත්නම් වහල්කම විතරමද?

    ඵතකොට අප්පුහාමි ඔහෙට දේශීය ක්‍රමවේද ඔලුවට ඵන්නෙම නැතිද,.?

    “හොරැ ඇල්ලීමට පාටළී ඉතාමත් සුදුසුයි” සුභපැතුම්,.!

Leave a Comment

Main News