ඩොලර් 35ට රුසියාව කෙලින්ම දෙන තෙල් නොගනී.. දේශපාලඥයෙකුගේ සමාගමකින් රුසියානු තෙල්ම ගනී…

June 1, 2022 at 9:20 am | lanka C news
ඩොලර් 35ට රුසියාව කෙලින්ම දෙන තෙල් නොගනී.. දේශපාලඥයෙකුගේ සමාගමකින් රුසියානු තෙල්ම ගනී…

ඩොලර් 110 ක් වූ තෙල් බැරලයක් ඩොලර් 35 බැගින් ශ්‍රී ලංකාවට ලබාදීමට රුසියාව ඉදිරිපත් වී ඇත. මේ අතර බොර තෙල් ටොන් 90000 ක් රැගත් රුසියානු තෙල් නැවක් කොළඹ වරායේ සති ගණනක් තිස්සේ නතර කර තිබේ.

මේ අතිශයින් ලාබදායක මුදලට තෙල් විකිණීමට රුසියාව ඉදිරිපත් වීම නිසා ඊට ගෙවිය යුතු මුදල ඩොලර් මිලියන 72.6 කි. එහෙත් රජය මෙතෙක් එම තෙල් මිලට ගෙන නැත.

ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය මෙම රුසියානු තෙල් ඇණවුම් කර ඇත්තේ ඍජුව නොව ඩුබායිහි කොරල් එනර්ජි සමාගම හරහායි.

මෙම කොරල් එනර්ජි සංගමය අයිති මෙරට දේශපාලකයකුට සම්බන්ධ ව්‍යාපාරිකයකුටය. රුසියානු තෙල් ඩුබාහි හරහා ඇණවුම් කරන බවට හෙළිවූයේ මුල් වරටය.

රුසියානු තානාපතිවරයා ශ්‍රී ලංකාවට ඍජුව තෙල් සැපයීමට ඉදිරිපත් වුවත් බලශක්ති අමාත්‍යාංශය ඊට කැමැත්තක් දක්වා නැත.

– දිවයින

144,632 views

60 Comments to “ඩොලර් 35ට රුසියාව කෙලින්ම දෙන තෙල් නොගනී.. දේශපාලඥයෙකුගේ සමාගමකින් රුසියානු තෙල්ම ගනී…”

  1. Sarath says:

    මේ අරගල කරුවෝ මේ ගැන කථාකරන්නේ නෑ. ඒ අරගල කාරයන්ට ඕනෑ චන්දෙන් බලයට එන්න බැරි කණ්ඩාම් බලයට ගේන්න විතරයි.
    මේ හැම දෙයක්ම ගැන හොයාබලා කටයුතු කරන එක තමයි මේ අය මේ වෙලාවේ කරන්න ඕනෑ. නැතිනම් මේ අරගලය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙන එක නවත්වා ගන්න බැරිවේවි. එවිට ආයේ මොන අරගලයක් කරලවත් රටේ අනාගතයනම් හොඳ විදිහට හසුරුවගන්න එක කවදාවත් ඉටු කරගන්න පුළුවන් කියලා නම් හිතන්න එපා.
    එහෙම උනොත් ජනතාව මේ අරගල කාරයන්ට සාප කරාවි, රට සදාකල් ජාවාරම් කාරයන්ගේ පාරාදේසයක් වේවි.