ඩොල්ර් 70,600 ක විදෙස් මුදල් තොගයක් සමග දෙදෙනෙක් මන්නාරමේදී අත්අඩංගුවට….

February 7, 2020 at 3:23 am | lanka C news
ඩොල්ර් 70,600 ක විදෙස් මුදල් තොගයක් සමග දෙදෙනෙක් මන්නාරමේදී අත්අඩංගුවට….

රුපියල් කෝටියකට අධික ඇමරිකානු ඩොලර් 70,600 ක විදෙස් මුදල තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් මන්නාරම පොලිස් වසමේ තාරපුරම් මන්සන්ධියේදී යුද හමුදා මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලීසිය පවසයි.

යුද හමුදාව සහ පොලිස් නිලධාරීන් සමඟ තාරාපුරම් මන්සන්ධියේදී සිදු කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක දී යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී එහි සීට් එක යට සඟවා තිබු අදාල විදෙස් මුදල් තොගය හමු වී ඇත.

එහිදී ඇමෙරිකානු ඩොලර් 100 නෝට්ටු 706ක පාර්සලයක් හමු වී ඇති අතර මෙම විදේශ මුදල් නෝට්ටු ලැබුණ ආකාරය පිළිබඳ නිසි තොරතුරක් යතුරුපැදිකරුට පැවසීමට නොහැකි වී ඇති අතර, එය නීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයාගත් මුදල් ද යන්න සැකපිට මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 19 ක් වු තලෛමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරුව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තොරතුරු ලැබී එම ස්ථානයට පැමිණි අයෙක් මේ සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත ඔහුද අත්අඩංගුවට ගෙන ඇති අතරඑම සැකකරු වයස අවුරුදු 38 ක් වු පල්ලිමුන, නැගෙනහිර, මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් විදෙස් මුදල් තොගයේ වටිනාකම ශ්‍රීලංකා මුදලින් රුපියල් එක්කොටි තිස්ලක්ෂයකට අධික වන අතර අදාල මුදල් සැකකරුවන් වෙතට ලැබුනු අයුරු සොයාබැලීමට මන්නාරම් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී කේ.ඩී.පී.ඩී. කස්තුරිආරච්චි මහතාගේ අධීක්ෂණයෙන් මන්නාරම් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.ක්‍රිෂාන්තන් මහතාගේ නායකත්වයෙන් පරික්ෂණයක් අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,462 Viewers
Main News