ණයට ඉන්ධන තවත් දෙන්න බෑ.. අපට දුන් ව්‍යාපෘති ඉක්මන් කරන්න..- ඉන්දියාව දැනුම් දෙයි..

June 26, 2022 at 11:00 am | lanka C news
ණයට ඉන්ධන තවත් දෙන්න බෑ.. අපට දුන් ව්‍යාපෘති ඉක්මන් කරන්න..- ඉන්දියාව දැනුම් දෙයි..

ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාම සමග එකග වී ඇති ව්‍යාපෘති කඩිනම් කිරීම සුදුසු බව ඉන්දියාව දැනුම්දී තිබේ.

ගත වූ සතියෙ මෙරට සංචාරක යෙදුනු ඉන්දීය ඉහළ පෙළේ දූත පිරිස මේ බව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවලදී දැනුම් දී ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

ඉන්දියාවේ අදානි සමූහයට ලබාදී ඇති මන්නාරම සුලං බලාගාරය, කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය, සාම්පූර් සුර්ය විදුලි බලාගාරයහා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීරණය සංවර්ධන ව්‍යාපෘතිය ආදිය කඩිනම් කළ යුතු බව ඉන්දියාව දැනුම් දී ඇත.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ ඉන්ධන සඳහා තවදුරටත් ණය ලබා දීමට ඉන්දියාව පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාර ලැබී නැති බවයි.

129,584 views

19 Comments to “ණයට ඉන්ධන තවත් දෙන්න බෑ.. අපට දුන් ව්‍යාපෘති ඉක්මන් කරන්න..- ඉන්දියාව දැනුම් දෙයි..”

  1. Mohan says:

    It is good in a way, because it will stop increasing the debt burden of the country.
    Immediately implementing those renewable energy projects will save dollars spent on buying furnace oil and coal.

  2. Neo says:

    තොපි එපැයි යකෝ ඉක්මන් කරන්න. ඔය ගේන අයෝජනයක් දැම්මම ගෙනෙල්ලා.

  3. Asoka says:

    That’s the truth. They ( India ) have lended their foreign exchange to us not given as donations or charity. Even still our idiots use everything for consumption of food and fuel. No proper plans develop foreign exchange earning. Most of the 3 wheelers use this situation to make a profits from fuel, These are never endings business.

  4. නෙඉල් says:

    මුං පිට ඇරපු ඇරිල්ල තේරෙන්නේ පස්සෙ .එතකොට පරක්ක්කුයි

  5. විද්‍යාත්මකව remu says:

    අඩේ එතකොාට සුර්ය විදුලියට අදානිලාට ගෙවන්න වෙන්නෙත් ඩොලර් වලින් මයි

  6. Gon Haraka says:

    Keep doing more n more Bodhi pooja etc. ., you will receive fuel in no time ..Make sure Gods are happy with your rituals. Plus worship more clay statues and pray. .,

  7. Tangalle says:

    Langadima rate palanaya indiyawatama yai wage

Main News