ණයට ගත් ඉන්ධනවල මුදල් ගෙවන තුරු නැවත ඉන්ධන දෙන්න බෑ…- ප්‍රධාන සැපයුම්කරුවන් දැනුම් දෙති..
July 3, 2022 at 10:40 am | lanka C news
තමනට ගෙවීමට ඇති හිග මුදල් ගෙවන ආකාරය පිළිබඳ සැලසුමක් ඉදිරිපත් කරන තුරු ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීමක් සිදු කිරීමට අපහසු බව මෙරටට ඉන්ධන සපයන ජාත්‍යන්තර සැපයුම්කරුවන් රජයට දන්වා ඇතැයි වාර්තා වේ.
එම ඉන්ධන සැපයුම් කරුවන් හත් දෙනෙකුට ගෙවීමට ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 655 කි.
අදාල මුදලින් ඩොලර් මිලියන 300ක් පමණ එක් සමාගමකට ගෙවීමට ඇති අතර ඉතිරි මුදල් ප්‍රමාණයක් සෙසු සැපයුම්කරුවන් හය දෙනකුට ගෙවීමට ඇත.
ඉතා කුඩා වාරික වලින් හෝ හිග මුදල් පියවීමට රජය එකඟ වන්නේ නම් තෙල් සැපයුම නැවත ආරම්භ කිරීමට සැපයුම්කරුවන් සූදානම් බවදය සැපයුම්කරුවන් දැනුම් දී තිබේ.
මේ සියලු පුරස්න එකලාසියක් කොරන්ඩ රට අවුරුදු 99 කට දියුණු රටකට බදුදීමගැන අධ්‍යනයකර සතියකින් වාර්තාවක් ලබාදීම සදහා විද්වත් කමිටුවක් පත්කිරීම ගැන සලකා බලන්න.
ලෝකයේ උතුම් ජාතියක් හිගන ජාතියක් බවට පත් කර ,වෙළඳ මාෆියාවට ජයපිට ජය ලබාදුන් දේශප්‍රේමී පොහොට්ටුවට ජයවේවා !
අපිට උබලගේ තෙල් ඵපා. අපේ බේබි ගේ කටාර් කොම්පැනියෙන් ගන්නවා.
විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ ලංකාවේ සිටින අය ඩොලර් වලින් පිටරටින් කාර් අරගෙන ලංකාවේ ගහන බද්ද ඩොලර් වලින් ගෙවන්න ලෑස්ති වුනත් ඔවුන්ට වාහන ගෙන්වන්න දෙන්නේ නැහැ. එහෙම කරොත් මසකට වාහන 7000ක් විතර ගෙනාවොත් ඩොලර් වලින්ම බදු විතරක් ඩොලර් බිලියන 1 ක් විතර හොයාගන්න පුළුවන්. හැබැයි රුසියානු හිඟන සුද්දෝ ගේන්නේ රටට ඩොලර් එනවා කියලා. ඇත්තටම බැලුවම කරන්නේ රාජපක්ෂලාගේ කළු සල්ලි ඩොලර් වලට පරිවර්තනය කිරීම විතරයි. වාහන වලට ඩොලර් වලින්ම ගෙවුවාම මුන්ට කළු සල්ලි සුදු කරන්න බැහැ. කැසිනෝ කාරයවත් ගත්තේ ඔය කළු සල්ලි සුදු ඩොලර් කරගන්න.
මයිනගේ ඩොලර් බිලියන 24 ලබාගෙන මේ නය ගෙවාදමමු .