ණයට ගේන තෙල් සලාකෙට ගහගෙන ජනතාව සංචාරයේ.. නුවරඑලිය පිරී යයි…

August 16, 2022 at 4:40 pm | lanka C news
ණයට ගේන තෙල් සලාකෙට ගහගෙන ජනතාව සංචාරයේ.. නුවරඑලිය පිරී යයි…

සති අන්ත දිර්ඝ නිවාඩුවට නුවරඑලියට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටි බව නුවරඑලිය සංචාරක නිකේතන හිමියන් පැවසිය.

ඉකුත් (11) දින සිට (14) දින දක්වා සංචරකයන් පැමිණි බවත්, දිගු කාලයක් සංචාරකයන් නොපැමිණිම නිසා වසා දමා තිබු සංචාරක නිකේතන සහ සංචාරක හෝටල් වල කාමරවලට විශාල ඉල්ලුමක් තිබු බවයි සංචාරක නිකේතන හිමියන් කියා සිටියේ.

පසුගිය කාලයේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නුවරඑලියට කාලයක් තිස්සේ  දෙස් විදෙස් සංචාරකයන් නුවරඑලියේ සංචාරය සදහා නොපැමිණි අතර, එම වසංගත තත්ත්වය පහව යාමත් සමග ඉන්ධන ලබාගැනිමට පැවති බාධාවන් හේතුවෙන් නුවරඑලිය සංචාරක කර්මාන්තය සම්පුර්ණයෙන්ම කඩා වැටි තිබුණි.

සති අන්ත දිර්ඝ නිවාඩුවට නුවරඑලියට පැමිණි දේශිය සංචාරකයන් වික්ටොරියා උද්‍යානය , ග්‍රේගරි වැව පාරිසරික උද්‍යානය , කන්දේ ඇල , හෝර්ටන් තැන්න යන ස්ථාන වල සංචාරය කර ඇත.

එම සංචාරකයන්ට සංචාරය කිරිම සදහා සුදුසු කාලගුණ තත්ත්වයක් මේ දිනවල නුවරඑලියේ පවති.

– හැටන් රංජිත් රාජපක්ෂ

43,377 views

26 Comments to “ණයට ගේන තෙල් සලාකෙට ගහගෙන ජනතාව සංචාරයේ.. නුවරඑලිය පිරී යයි…”

  1. සජිත් says:

    විජෙවිර කියන්නෙ තහනම් ත්‍රස්තවාදී සන්විදානයක් මෙහයපු මිනි මරුවෙක් හා ජීවිත යටවත් ලoකා වේ සසඳන්න එපා
    ඊට ත් මේ බුකියෙ රගන කුහක ජෙප්පො ටිකකට බයේ ඉන්න ඕනෙ නෙහෙ එතුමා ට එන්න ඔනේ නම් ලoකා වෙ පදිංචි වෙලා ඉන්න පුලුවන් මහින්ද රාජපක්ෂ ,නාමල් රාජපක්ෂ ,චමල් රාජපක්ෂ ට හා බෙසිල් රාජපක්ෂ ට ලoකා වෙ ඉන්න පුලුවන් නම් මොකද ගෝඨාභය රාජපක්ෂ මහතා ට ඉන්න බෙරි.

    මොකද මේ රට පාලනය කරන්නෙ ගෝල්ෆේස් ගාන්ජා හුටන් ල ද

  2. APerera says:

    ණයට පෙට්‍රල් ගහලා වෙන්න අැති යන්න අැත්තෙ. එ්ක නිසා වෙන්න අැති CPC එක පාඩු පිට දුවන්නෙ.

    දේශපාලුවාෙ ණයට ගැහුවට අපි නම් අත්පිට මුදලට විතරයි

  3. චන්ද දායක says:

    කන්නයි බොන්නයි, ට්‍රිප් යන්නයි, සංගීතෙකුයි තිබ්බා නම් අපේ එවුන්ට ඒ ඇති. හදවතින්ම ශ්‍රී ලාංකිකයි. ආන්ඩු පෙරලයි , සිස්ටම් චේන්ජ් කරයි මුං එක්ක.

  4. ආයුබෝවන් says:

    People of SRI lanka send their leader home because they haven’t got oil or gas , jeppo, paid peratugami, SJB,USA, west , paid social media guys paid actors/ress knew it is the best chance to get rid of Gota, they want this not this so called system change. Finally Ranil became president with old same system with same old corrupted politicians. What a country can u see so called leaders shouting any more like Anura, kumar gunarathanm ? No reason these people are very much part of this Ameraicn agenda.

  5. Boo says:

    නයට තෙල් ගහලා නෙමෙයි යකුනේ මේකෙ කියන්නේ අපේ රටෙන් නයට ගෙනාපු තෙල් මේ මී හරක් විනෝද ගමන් යන්න පාවිච්චි කරනවා කියලා. මේ රටේ ඉන්න ගොං හැත්තට රට වැටිලා කියලා ගානක්වත් නෑ. හැබැයි කට ඇරියම හැම එකාම ආර්ථික දේශපාලන ඔස්තාර්ලා. නොදකිං ගොන් හැත්ත.

  6. Manodaya says:

    මේකෙන් පෙනෙන්නේ මෙරට ගැටලු නැති බව ද?

Main News