ණයට දුම්වැටියක් ලබා නොදුන්නැයි ව්‍යාපාරිකයාට තියුණු ආයුධයකින් පහරදෙයි….
February 28, 2021 at 2:26 am | lanka C news
තලවකැලේ නගරයේ ව්‍යාපාරිකයෙකු විසින් දුම්වැටියක් ලබා නොදිමට උරණ වු කරණවැමියෙක් එම ව්‍යාපාරිකයාට තියුණු ආයුධයකින් ඇණ ඔහු සතු රු හැට පන්දහසක් වටිනා ජංගම දුරකථනයට අලාභ හානි සිදු කර ඇති බව තලවකැලේ පොලිසියේ ස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා පැවසිය.
(25) දින රාත්‍රි 10 ට පමණ අධික ලෙස බිමත්ව සිටි තලවකැලේ නගරයේ කරණවැමියෙක් තලවකැලේ නගරයේම වෙලදසැලකට ගොස් ණය පදනම මත දුම්වැටියක් ඉල්ලා ඇති අතර, ණය පදනම මත දුම්වැටිය ලබා දිමට නොහැකි බව ව්‍යපාරිකයා විසින් කරණවැමියාට පැවසිමෙන් පසු උරණ වි එම ස්ථානයෙන් බැහැර වු කරණවැමියා තියුණු ආයුධයක් රැගෙනවිත් ව්‍යාපාරිකයාට ඇණ තුවාල සිදු කර ඇති බවයි තලවකැලේ පොලිසිය කියා සිටියේ.
තුවාල ලැබු ව්‍යාපාරිකයා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.
සැකපිට අත්අඩංගුවට ගත් කරණවැමියා නුවරඑලිය දිසා අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් නලින් තිලකා හේරත් මහත්මිය වෙත (26) දින ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරු රු ලක්ෂයක ශරිර ඇප මත මුදා හැර යලිත් මෙම නඩුව 2021.05.04 දින කැදවිමට නියෝග කලහ.
ඇප මත මුදා හැරි සැකකාර කරණවැමියාට මෙම සිද්ධිය පදනම් කරගෙන (26) දින රාත්‍රි කිසියම් පිරිසක් විසින් තලවකැලේ නගරයේදිම පහර දි තුවාල සිදු කර ඇති බවත් , අදාල සැකකරු මේ වන විට ලිදුල ප්‍රාදේශිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවද තලවකැලේ පොලිසිය පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
බණ්ඩාරගම කැස්බෑව පාරේ බටූවන්දර ගමේ දුම්වැටියක් සදහා සත 25ක් අඩු වෙන් ගෙවිම නිසා කතා බහක් දුරදිග ගිහින් මිනිසෙක් මැරුනා
Mana nam winadi 10 yen 10 ta kahi kuru adinawa laga kadeta gihin
Pacha kela kela
Nikan pinata bonda toyena-wadooooo
දුම් වැටියක අමුද්‍රව්‍ය 600ක් පමණ අඩංගු වේ. දුම් වැටිය දැල්වෙන විට 7000කට අධික රසායනික ද්‍රව්‍ය උත්පාදනය වන බව ඇමරිකානු පෙනහළු සංගමය පවසයි. එම රසායනික ද්‍රව්‍ය බොහෝමයක් උග්‍ර විෂ වර්ග වන අතර ඉන් අවම වශයෙන් විෂ 69ක් පිළිකා කාරකයන් විය හැක. ජාතික පිළිකා ආයතනය පවසන අයුරින් දුම් වැටියට ඉහළ පිළිකා කාරක, විෂ හා තාර (Tar) ඇත.
දුම්බීම භින්නෝන්මාදය (schizophrenia) වර්ධනය වීමට ප්‍රබල සාධකයක් ලෙස ක්‍රියා කළ හැකි බව පර්යේෂකයෝ පවසයි. භින්නෝන්මාදය යනු මනස තල දෙකක ක්‍රියාත්මක වීම නැතහොත් සන්නිවේදනය සහ ක්‍රියාව අතර සම්බන්ධය නැතිව ගොස් ඇති වන උමතුව නැතහොත් මනෝ විකාරය වශයෙන් විස්තර කළ හැක. පර්යේෂකයන් විසින් තවදුරටත් ඒ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ද පවත්වන බව ලන්ඩන් නුවර ‘කිංග්ස් කොලේජ්’ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව සහ ස්නායු විද්‍යාව සම්බන්ධ මහාචාර්ය ජේම්ස් මැක්කේබ් පවසයි.
දුම් පානයේ ප්‍රධාන සෞඛ්‍ය අවදානම පෙනහළු පිළිකා, හෘද රෝග හා ආඝාතය (Stroke) වේ. දුම් පානය නිසා හට ගන්නා පෙනහළු පිළිකා හේතුවෙන් සියයට 90ක් මිය යන අතර නිදන්ගත පෙනහළු අවහිරතා රෝග (COPD) හේතුවෙන් සියයට 80ක් පමණ මිය යයි. හෘද රෝග මරණ සියයට 17ක් පමණ සිදු වේ.