ණය පියවන්න ඩොලර් නෑ.. සිපෙට්කෝ ඇමරිකාවෙන් ඩොලර් බිලියන 2.5ක ණයක් ගනී…

September 11, 2021 at 3:50 pm | lanka C news
ණය පියවන්න ඩොලර් නෑ.. සිපෙට්කෝ ඇමරිකාවෙන් ඩොලර් බිලියන 2.5ක ණයක් ගනී…

මුහුණ දී ඇති බරපතළ මූල්‍ය අර්බුදය පියවා ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇමරිකානු ඩොලර් මිලියන 2,500 ක ණය මුදලක් ජාත්‍යන්තර වෙළෙඳ පොලෙන් කඩිනමින් ලබා ගැනීමට තීරණය කර තිබේ.

බලශක්ති අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරන්නේ එම ණය මුදල ලබාගන්නේ ඇමරිකාවේ ‘කන්සෙප්ට් ග්ලෝබල්’ නම් මූල්‍ය ආයතනයකින් බවයි.

මේ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ද ලැබී තිබේ.

වසර 2 ක සහන කාලයක් සහිතව ලබාගෙන මෙම ණය මුදල ආපසු ගෙවීමේ කාලය වසර 12 ක් වේ වන අතර වාර්ෂික පොලී අනුපාතය සියයට තුනකි.

තෙල් සංස්ථාව මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය හමුවේ රාජ්‍ය බැංකු දෙකේ ඩොලර් කෝටි 330ක් පමණ වන කල් පිරී ඇති ණයවර ලිපි පියවීම පවා නොහැකි වී ඇතැයි ද වාර්තා වෙයි.

54,850 views

21 Comments to “ණය පියවන්න ඩොලර් නෑ.. සිපෙට්කෝ ඇමරිකාවෙන් ඩොලර් බිලියන 2.5ක ණයක් ගනී…”

  1. Banda says:

    Borrowing from X to settle loan taken from Y…..

  2. Dileepa Waduge says:

    It is lost because of electricity Board. Ask electricity Board to pay its debts.

  3. නාරද says:

    තෙල් සංස්තාවේ බවුසරයේ මූඩිය කරකවන්න, මූඩිය අරින්න. බටය දාන්න, පිරෙනාවාද බලන්න, හරි කියන්න, මූඩිය වහන්න, මූඩිය තදකරන්න වාගේ වැඩවලට වෙන වෙනම උනත් සේවකයන් දාන්න අතිරික්තයක් සේවකයන් ඉන්නවා. අම්බලමක් වාගේ පුරවලා. ලාභ ලබන්න පුළුවන් තැනක් පාඩු කලේ කවුද දන්නේ නැහැ?

  4. Crazy says:

    ඇමරිකාවට බැන බැන එහෙන්ම ණය ගන්නවා. මේ වගේ දේවල් ඉතින් කරන්න පුළුවන් මේ වගේ හිපාටු ආණ්ඩුවට විතරයි.

    • Thilak says:

      ඒ ගන්නෙ ඇමරිකාවෙන් නෙවෙයි ඇමරිකන් සමාගමකින්. – විමලෙ. 😂😂

  5. රන්වල says:

    මේ රටේ ආර්තිකේ ගැන බින්දුවක් හරි කැක්කුමක් තියේ නම් මහජන බදු මුදලින් පාඩු පියවමින් ණය ගෙවමින් පවත්වාගෙන යන තෙල් විදුලි සන්ස්තා රාජ්‍ය මීඩියා ශ්‍රීලන්කන් එක ආදිය පුද්ගලික කළමනාකරීත්වයට යටත් කරල ලාබ ඉලක්ක දීල ජනතා මුදලින් නඩත්තු වීමෙන් නිදහස් කරහල්ල.වී අයි පී වියදම් කපාහැරල උන්ටත් ජීවන වියදම දැනෙන්න ඇරහල්ල දැනුත් සෙට් එකක් ඉතාලියෙ පවුල්පිටින් ෆැමිලි ටුවර්.

  6. Nuwan says:

    මේ තරම් බන්කොලොත් කියන සිපෙට්කෝ ඒකේ බවුසර් ඩ්‍රයිවර් කෙනෙකුට පඩිය 200000 වගේ. අනික් ලොක්කො ගැන මොන කතාද? තනිකරම දේශපාලන හෙන්චයියන්ගෙන් පුරවල තියෙන්නේ. මුන් සියලු දෙනාගෙම පඩිය 50% කින් අඩු කරල, වැඩිපුර ඉන්න සේවකයෝ අයින් කරපල්ල. නිකන්ම ලාබ ලබන්න පටන් ගනී.

    • Anuradha says:

      හරියට හරි මුන්ගේ නොහැකියාවත් මුගේ අවශ්‍යතාවයන් ඉෂ්ටකරගන්නත් එක්ක තමයි ඔය නය ගත්තේ මේ ණය ගෙවන්න තිබෙන කාලයට මුන් වල පල්ලට ගිහින් ඉතින් මුන්ට මේ අමාරුවක් නැහැ අපි උබළා අපේ පොඩි එවුන් තමයි මෙයට වන්දි ගෙවන්න සිදුවෙන්නේ අයි මුන්ගේ පොඩි එවුනුත් එක්ක මුන් රට පැනලා ඉවරයි ඒ වෙනකොට.

  7. Gorilla says:

    IOC ලාභ ලබනවනම් cypetcoබැරි ඇයි? පරිපාලනය දුර්වලයි, දූශිතයි නේද?

    • මෝඩ බයියා says:

      හරියට හරි එකම මිල එකම තෙල් එකක් ලාබයි එකක් පාඩු ලබනව දේසපාලුවොන්ගෙ මනදොල පිනවන හෙන්චයියන්ට රස්සා දෙන්න මේ ආයතන පවත්වා ගෙන යන්නෙ.මේව ප්‍රතිව්‍යුහගත කරන්න කළමනාකරණය විධිමත් කරන්න වියදම් කපන්න ගියාම කපටි දේසපාලුවො දූසිත පූජකයො සහ උන්ගෙ වහල්ලු රෙද්ද උස්සන් එනව රට විකුණනෝ කියල

    • Silva says:

      අතිරික්ත සේවකයෝ. රාජපක්ෂලගෙ චන්ද්‍රිකාලගෙ ආන්ඩුවලින් විතරක් දහදාහකට වැඩියෙ පුරවල තියෙනව

  8. 3% ට බය බයියා. says:

    වෙනස ෂැපද …………හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .

  9. Opa-dupa says:

    ඔහොම හංගලා මේ ප්‍රශ්නය විසදන්න බැහැ . රටට ඇත්ත කියලා ඉන්ධන නිකුත් කිරීම සීමා කරන්න . රටේ ඩොලර් නැති බව අපි සියලු දෙනාම දන්නවා. තිත්ත ඇත්තට මුහුණ දෙන්න .

  10. Oba says:

    What are the other clauses of the agreement?

    Later which part of colombo will be sold to settel this.