ණය පියවන්න ඩොලර් නෑ.. සිපෙට්කෝ ඇමරිකාවෙන් ඩොලර් බිලියන 2.5ක ණයක් ගනී…

September 11, 2021 at 3:50 pm | lanka C news
ණය පියවන්න ඩොලර් නෑ.. සිපෙට්කෝ ඇමරිකාවෙන් ඩොලර් බිලියන 2.5ක ණයක් ගනී…

මුහුණ දී ඇති බරපතළ මූල්‍ය අර්බුදය පියවා ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇමරිකානු ඩොලර් මිලියන 2,500 ක ණය මුදලක් ජාත්‍යන්තර වෙළෙඳ පොලෙන් කඩිනමින් ලබා ගැනීමට තීරණය කර තිබේ.

බලශක්ති අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරන්නේ එම ණය මුදල ලබාගන්නේ ඇමරිකාවේ ‘කන්සෙප්ට් ග්ලෝබල්’ නම් මූල්‍ය ආයතනයකින් බවයි.

මේ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ද ලැබී තිබේ.

වසර 2 ක සහන කාලයක් සහිතව ලබාගෙන මෙම ණය මුදල ආපසු ගෙවීමේ කාලය වසර 12 ක් වේ වන අතර වාර්ෂික පොලී අනුපාතය සියයට තුනකි.

තෙල් සංස්ථාව මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය හමුවේ රාජ්‍ය බැංකු දෙකේ ඩොලර් කෝටි 330ක් පමණ වන කල් පිරී ඇති ණයවර ලිපි පියවීම පවා නොහැකි වී ඇතැයි ද වාර්තා වෙයි.

54,853 views

21 Comments to “ණය පියවන්න ඩොලර් නෑ.. සිපෙට්කෝ ඇමරිකාවෙන් ඩොලර් බිලියන 2.5ක ණයක් ගනී…”

  1. Jude perera says:

    Doller higaya batahira kumanthranayak

  2. Gamini Senanayake says:

    මේ ණය මුදලත් චීනට වැඩිය හොදයි. ඒත් පස්ස දෙන්නෙ චීනට. කොමිස් තියෙන්නෙ චින ණයවල.

  3. Yohan says:

    Who is going to give credit to this loss making venture even at a time sri lanka’s credit ratings are downgraded. Anyway how are they going to settle the loan as the government is struggling to settle previous borrowings and cepetco is a loss making company

  4. Sam silva says:

    There is no financial company registered in USA by this name. Concept Global.

  5. Indika C.I. says:

    If the country can abale to keep today’s exchange rate to another 12 years as same.Then there is no big isdue or otherwise return money will be double.

Main News