ණය අරන් කරන හා පරිමාණ ව්‍යාපෘති නවත්වනවා.. විදේශ ණය කියන්නේ උගුලක්.. ඉන් ගැලවිය යුතුයි..- ජනාධිපති ලේකම්

May 26, 2021 at 6:20 am | lanka C news
ණය අරන් කරන හා පරිමාණ ව්‍යාපෘති නවත්වනවා.. විදේශ ණය කියන්නේ උගුලක්.. ඉන් ගැලවිය යුතුයි..- ජනාධිපති ලේකම්

විදේශ ණය මත සිදුකරන මහා පරිමාණ ව්‍යාපෘති මින් ඉදිරියට ආරම්භ නොකරන බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා සඳහන් කරයි.

ඉංග්‍රීසි පුවත්පතක් සමඟ සාකච්ඡාවක දී ඒ මහතා පෙන්වා දී ඇත්තේ ඉදිරියේ දී විදේශ ණය ලබාගැනීම හැකි තරම් සීමා කර රාජ්‍ය වියදම් සදහා දේශීය ලෙස අරමුදල් සපයා ගැනීමට අදහස් කර සිටින බවයි.

විදේශ ණය යනු උගුලක් බවත් ඉන් ගැලවෙන තුරු මන්දගාමී ලෙස ඉදිරියට යා යුතු බවත් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙයි.

දැනට සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුවේ මූල්‍ය පහසුකම් පමණක් ලබා ගැනීම ද ඔහු අදහස් කරන බවද ඔහු සඳහන් කර තිබේ.

53,823 views

63 Comments to “ණය අරන් කරන හා පරිමාණ ව්‍යාපෘති නවත්වනවා.. විදේශ ණය කියන්නේ උගුලක්.. ඉන් ගැලවිය යුතුයි..- ජනාධිපති ලේකම්”

  1. ගමේ මනුස්සයා says:

    ව්‍යාපෘති ප්‍රතිලාභ නිසි අධ්‍යනයකින් යුතුව , නිසි පරිපාලනයක් යටතේ , ඉතාමත් හොද මුදල් කලමනාකරනයෙන් යටතේ, නිවැරැදිම නිලධාරීන් පිරිසක් යටතේ , අකන්ඩ ඇගයීම යටතේ කලොත් ඒ නය ගැනීම වරදක් කියල හිතන්න බෑ.ව්‍යාපෘති කෙසේ හෝ කල යුතුය.

  2. TNA says:

    Mr. . Secretary the government has crossed the bound of limits. Now no point of suspending debt. the amount of loan already obtained is unbearable to the general public

  3. Silly Goata says:

    get well soon Saith and jalani. you are a gem among garbage politicians runing the country today. you have a knowledge in every sector to progress this country and u have a brilliant team. once Rajapasas completely flattened the country in 3 years time you should be there to resurrect the country from zero. consequences of current rule are very similar to the post nuclear bomb Japan. we need you to resurrect the country from ashes.

  4. saman says:

    Pal Hora Detuva

    • Anuradha says:

      බොරු කියන්න එපා මිනිහෝ දැන් ගන්න වෙන තැනක් නැති නිසා වෙන්න ඕනේ ඔය වගේ මුසා වාද දොඩවන්නේ.අන්තිමට අර දුප්පත් කියන බංගලියින්ගෙන් ඩොලර් මිලියන 200 ගත්තේ ඒ මොන මගුලකට එසේනම්? ඇයි තවමත් මෙතරම් ජනතාව නොමග යවන්න උත්සහා ගන්නේ? තමුසේ සහා කබ්රාල් තමයි රටේ අර්ටිකය කෑවේ අන්තිම බින්දුවට යනකම්.දැන් මෙතැන එනවා තව බොරු කථා කියන්න.

      • SKF says:

        වහලෙක් උනා කියල බොරුවට තප්පුලන්න එපා බං. එතුමා දූෂිතයෙක් නිසා රජයේ කිසිම තනතුරක් දැරීම තහනම් කරපු උසාවි නියෝග පවා නොතකා අතිගරු ජනාධිපතිතුමා එතුමව පත් කලේ එතුමාගෙ බුද්ධියෙන් දක්ෂතාවයෙන් රටට වැඩක් නොගැනීම ජාතික අපරාධයක් නිසා. අවුරුදු 4ක ජඩපාලන ශාපය නිසා ඍණ වෙච්ච ආර්තිකේ ගොඩගන්න කැපවෙලා ඉන්න එතුමයි කබ්‍රාල් මැතිතුමයි ගැන කුප්ප කතා කියන උඹල නම් සාපයක් බං.

    • TNA says:

      He is a doctor. Don’t insult his. His name was cleared by the court subsequently. Now he is a good gentleman He is the only person who run the country.

  5. Sura says:

    විදේශීය රටවල් සහ විදේශීය මූල්‍ය ආයතන ණය හෝ ආධාර දෙන්න ඉදිරිපත් වෙන්නේ අපිට තියෙන ආදරේට ම නොවන බව පමාවෙලා හරි වැටහීම සතුටක්.
    හැබැයි දැන් අශ්වයා පැනලා ගිහිල්ලා සෑහෙන කලක් වෙනවා.

  6. KG says:

    Biggest fraud n corrupted officials runs country

  7. ඇල්ෆා ටෝක් සීන් says:

    ආණ්ඩුවේ අනුග්‍රය ලබන පල් හොරෙක් දැකලා නැත්තනම් බලා ගන්න.
    වෙසක් මාසේ තෝරන් නැති නිසා, පොඩි එකා ඇහුවොත්, තාත්තේ කවුද අර හොරකම් කරලා අපායට යන්නේ කියල .. මෙන්න මේ ෆොටෝ එක පෙන්නන්න. දෙපාරක් හිතන්න එපා.

  8. harsha says:

    කෙලින්ම කියන්නකෝ තවදුරටත් ණය ගැනීමේ හැකියාවක් නෑ කියලා.

  9. කෂණිකව ක්‍රීයාත්මක වන්න..! says:

    දීලීර ආසාදනය වීම නිසා මුඛ ආවරණ භාවිතයෙන් ඉවත්කිරිමට ලගදීම සිදුවනවා ඇත..!

    දයාසිරි..!
    වහාම ක්‍රියාත්මකවනපරිදි මුව ආවරණය සදහා සෝදා භාවිතාකළහැකි සවාභාවික අමුද්‍රව්‍ය භාවිතාකරමින් ලේන්සු නිශ්පාදනයට ක්‍රියාකරන්න..!
    දීලීර ආසාදනය වීම නිසා මුඛ ආවරණ භාවිතයෙන් ඉවත්කිරිමට ලගදීම සිදුවනවා ඇත..!
    කෂණිකව ක්‍රීයාත්මක වන්න..!
    ”දොස් තර” මාෆියාවේ බලපෑමට යටවී සැලසුම් විණාශකර නොගන්න..!
    වහාම ක්‍රීයාත්මකවන පරිදි ලෝකයේ පලමුව මුඛ ආවරණ ලේන්සුව ලංකාවෙන් නිපදවන්න..!

  10. කඩාකප්පල්කාරී ආයෝඡකයන් පිළිබඳව දැඩි අවදානයකින් කටයුතු කළයුතුයි..! says:

    කඩාකප්පල්කාරී ආයෝඡකයන් පිළිබඳව දැඩි අවදානයකින් කටයුතු කළයුතුයි..!
    ”ඉන්දියාව තුළසිට දරැණු ශ්‍රීලංකා විරෝධී කුමන්ත්‍රණ..!” ”ඉන්දියානු රඡයේ සහයෝගය සහිතව” බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිරයන් ”ඡාපනුවන්” සහ අසල්වැසි ”ඔිස්ටේලියානුවන්”ගේද සහයොගය සහිතව ”නිරන්තර කුමන්ත්‍රණ” නානාවිධ ශ්‍රී ලංකාව ඉලක්කගත ප්‍රහාර සංවිධානාත්මකව ඉතා දැඩිව ක්‍රියාත්මක කරමින් සිටි..! ” ”ඡාතිකආරකෂාවට අනුකූළව ”ශ්‍රීලාංකීය පරිසරයේ ආරකෂාව” සහ ප්‍රධාණ වශයෙන් ”සමුද්‍ර ආරකෂාව සහ ගුවන් කළාපයේ ආරකෂාව” වරායන් සහ ගුවන්තොටුපළ ආරකෂාව සුවිශේෂ කොට සලකා ඵ්සදහාම වූ ”සූකෂම ක්‍රියාන්විතයන්” ”නිරන්තර උත්තේඡනයට ලක්කරමින්” නව තළයකට වහාම රැගෙන යා යුතුයි..! කඩාකප්පල්කාරී ආයෝඡකයන් පිළිබඳව දැඩි අවදානයකින් කටයුතු කළයුතුයි..!

Main News