ණය, ආධාර එපා.. අපට අවශ්‍ය ආයෝජනයි.. ජනපති ලෝකයට කියයි..

February 1, 2020 at 12:00 pm | lanka C news
ණය, ආධාර එපා.. අපට අවශ්‍ය ආයෝජනයි.. ජනපති ලෝකයට කියයි..

ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් මෙරට චාරිකාවක නිරත ලක්සම්බර්ග් විදේශ ඇමති Jean Asselborn මහතා අද (31) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

දෙරටේ සබඳතා තර කර ගැනීමට තමන් දක්වන උනන්දුව පළ කළ ආගන්තුක ඇමතිවරයා දෙරටම කුඩා රාජ්‍යයන් බැවින් බොහෝ සමානතා පවතින බව  පැවසීය.

පුනර්ජනනීය බලශක්තිය, භාණ්ඩ ප්‍රවාහන සහ මූල්‍ය ක්ෂේත්‍රයේ දී ලක්සම්බර් රාජ්‍යයෙන් ශ්‍රි ලංකාවට ලබාගත හැකි සහය පිළිබද අවධානය යොමු කෙරිණි. මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන ලක්සම්බර්ග් රාජ්‍යයට ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ දියුණුව සඳහා උපකාර කිරීමේ හැකියාව ඇති බව ඇමතිවරයා කීය.

ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති උත්පාදනයට විශේෂ විභවතා ඇති බව ඔහු පැවසීය.

සූර්ය හා සුළං බලශක්ති උත්පාදන ක්ෂේත්‍රයන්හි ආයෝජකයන් සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

කාබනික එළවලු අපනයනය සඳහා ශ්‍රී ලංකාවට තිබෙන ඉහළ හැකියාව ද එතුමා පැහැදිළි කළේය.

ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ගෙන යන වැඩපිළිවෙළ විස්තර කළ ජනාධිපතිතුමා  “අපට අවශ්‍ය හුදෙක් මූල්‍යාධාර නොව, අධ්‍යාපන, තාක්ෂණ, කෘෂිකර්ම හා කර්මාන්ත ක්ෂේත්‍රයන්හි ආයෝජන බව” ද සඳහන් කළේය.

ඉහළ නිපුණතාවක් ඇති ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව සතු බවත්, නවීන තාක්ෂණය භාවිත කරන කර්මාන්තවලට ඔවුන් දායක කර ගැනීමේ හැකියාව ඇති බවත් එතුමා පෙන්වා දුන්නේය.

– මොහාන් කරුණාරත්න

162 views

23 Comments to “ණය, ආධාර එපා.. අපට අවශ්‍ය ආයෝජනයි.. ජනපති ලෝකයට කියයි..”

  1. Aurora says:

    ජනාධිපතිතුමා අතිශයින්ම නිවැරදියි. නයක් අරන් ව්‍යාපෘතියක් කරලා ගානක් කපාගන්න ක්‍රමයේ සංවර්ධන වැඩ පිළිවෙලක් තමයි අපට තිබුනේ. නමුත් ආයෝජනයකින් සංවර්ධන වැඩපිළිවෙල වගේම නව තාක්ෂණය, වඩා පලදායක ක්‍රමවේදයන්, ජාත්‍යන්තර සම්බන්ධතාවයන්, අඩු නාස්තිය, පුහුණු පාඨමාලා සහ තව කොතෙකුත් ප්‍රතිලාභ අපේ රටට ලැබෙනවා රැකියා සහ විදේශ විනිමයට අමතරව.

    • Kadiya says:

      සංවර්ධන ව්‍යාපෘතියක් කියන්නේ අලියෙකුගේ මළකුණක් වගේ තමයි. උගේ අධෝමර්ගයෙන් බඩ ඇතුලට රිංගලා ඇතුලේ තියන අතුණු බහන් කන කාටවත් නොපෙනෙන ඉහළ සෙට් එකේ ඉඳල පිට පැත්තෙන් කෑලි කඩාගෙන කන නරි, නිල මැස්සෝ ආදී අටෝරාසියක් අලිකුණ කමින් පෝෂණය වෙනවා.

  2. රටේ ඉතිරි වටිනා ඉඩම් ටිකත් වික්කහැකිකෙ

    • Angoda Buva says:

      කිසිම සංවර්ධනයකට නොගෙන ඔහෙ වේලි වේලි තියෙන ඉඩම් සහ තොපි වගේ රටේ ශම බලකායට එකතු නොවී UNP මොන්ගලයන්ට කඩේ යන බත් බැලයො අතරත් කිසිම වෙනසක් අපිටනම් පේන්නෙ නැහැ. දෙකම කිසිම වටිනාකමක් නැති දේවල්.

      එකම වෙනස තොපිලගෙ ඔය උතුරා යන කුහක කම සහ ඊර්ශයාව අජීවී ඉඩම් වලට නැහැ. එච්චරයි.

      • හපොයි ඔව් රටේ වටිනම ඉඩම් පිටරටට විකුණපුවම ඒක මාර වටිනවා කෝ අර රට විකුණනවෝ කියල කෑගහපු දේශප්‍රේමය? ඒක අදාල විපක්ෂෙ ඉන්නකොට විතරද? රටේ සම්පත් පිටරටට වික්කට පස්සෙ ඒවගෙන් එන ආදායම් යන්නෙ පිටරටට කියල තේරෙන්න මොලයක් නැති වහල් බයියො.

      • අනේ ⁣යකෝ හමුදා මුලස්ථාන ඉඩම බිලියන ගානක් වටිනව. වේලි වේලිද තිබුනෙ? තොගෙ අම්මගෙ හු..ත් වේලි වෙිලි තියෙන නිසා කවුරු හරි නාකි චීනෙකුට විකුණපිය.

    • Angoda Buva says:

      කිසිම සංවර්ධනයකට නොගෙන ඔහෙ වේලි වේලි තියෙන ඉඩම් සහ තොපි වගේ රටේ ශම බලකායට එකතු නොවී UNP මොන්ගලයන්ට කඩේ යන බත් බැලයො අතරත් කිසිම වෙනසක් අපිටනම් පේන්නෙ නැහැ. දෙකම කිසිම වටිනාකමක් නැති දේවල්.

      එකම වෙනස තොපිලගෙ ඔය උතුරා යන කුහක කම සහ ඊර්ශයාව අජීවී ඉඩම් වලට නැහැ. එච්චරයි…පව්

    • Ape Arachchi says:

      පව් අප්පා මෙයා තාමත් අර UNP මොන්ගලයන්ට කඩේ යනව නේද ?

      පව් අනේ දුකේ බැහැ…

    • gamini says:

      GUNP GAS BALLEK

  3. sinha le says:

    1505 ට පෙර අපි ලෝකයේ කිසිම රටකින් නය ගත්තේ නැහා ජනතාව සතුටින් ජිවත් උනේ පර සුද්දා අපේ රට කොල්ලා කාපු නිසයි මේ ඉරණම ඇති උනේ බයිබලයයි වයින් බෝතලේට අපේ වැඩිහරියක් රැවටුනා මේකයි ඇත්ත.

    • ඒවුනාට අර පොහොට්ටු බයියො කියන්නෙ රටේ වේලි වේලි තියෙන ඉඩම් පිටරටට විකූණන එක හරිශෝක් කියලා.

  4. country man says:

    THE ONLY MAN WHO CAN TAKE SRI LANKA OUT OF THE MESS, WE ARE IN.
    “MAY THE TRIPLE GEM PROTECT YOU SIR: MR GOTABAYA”

  5. SL says:

    Sorry to say that ,even if the Pres wants so, gvt officers have already halted a 10MW windmill project started in Eastern province during the last gvt. Investor has already spent Rs.50M and new gvt or the officers connected to it have already stopped the project.
    We have not learnt a lesson by halting port city/Defense HQ or any other projects just after the 2015 gvt change.
    End of the day , Contractors and the investors are the one who suffers due to these bribery Hungry morons !

    Who will come to invest here if the situation is like that !!

  6. Gini says:

    Good Idea. Other wise they will give loans and send unwanted rubish out of the country. Well done Mr persident.

  7. kawinda says:

    man hithan widiyatamai janaadhipathith hithanne.. mama oyatika vedikawedi kiyannamai huthuwe… mehema kiyanne Puthaano ya.

  8. ලංකා පුත්‍ර says:

    හැමදාමත් ආධාර වලට ආදරේ කරපු UNP කුහකයන් රටට වැඩක් කරන්න දෙන්නෙත් නෑ රටට වැඩක් කරන්න දන්නෙත් නෑ…

    • ණය නොවන ආධාර ගත්තකියල මොකුත් වෙන්නෙ නෑ. තොපි වගේ ගොන් බකපණ්ඩිතයො තමයි අර ජාතියෙ අප්පොච්චිත්. ණය උගුලක රට පැටලුවා සුදු අලි ව්‍යාපෘති රටට ගෙනත්, රටට වැඩකට නෙවෙයි, කොමිස් එකට. ඒ පවුල සැපට ඉන්නවා, රටම ණය කරලා. කාලකණ්ණි තවත් ආවඩනවා.