ණය කතා.. බොරු කතා.. ජනපති මෛත‍්‍රී කියූ ට‍්‍රිලියන දහයේ ණය කතාවට සුපතල ආර්ථික මහාචාර්යගෙන් පිලිතුරු

February 4, 2018 at 3:50 pm | lanka C news
ණය කතා.. බොරු කතා.. ජනපති මෛත‍්‍රී කියූ ට‍්‍රිලියන දහයේ ණය කතාවට  සුපතල ආර්ථික මහාචාර්යගෙන් පිලිතුරු

ජනවාරි 6 වන දින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා රටේ ජනමාධ්‍ය ප‍්‍රධානීන් අමතා කළ ප‍්‍රකාශය පිළිබඳව දෙස් විදෙස් ආර්ථික විද්‍යාඥයන්ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල අවධානය මේ වන විටත් යොමු වී ඇතැයි සිතිය හැක. එයට හේතුව එතුමා රටේ ආර්ථික කටයුතු පිළිබඳව ඉතා ආන්දෝලාත්මක කරුණු කිහිපයක්ම එම හමුවේදී අනාවරණය කර තිබූ බැවිනි. ඉන් එක ප‍්‍රකාශයක් පසුගිය රජය යටතේ අවුරුදු දහයක කාල පරිච්ෙඡ්දය තුළ ලබාගත් විදේශ ණය සම්බන්ධයෙනි.

පසුගිය රජය විසින් අවුරුදු දහයක කාලය තුළ රුපියල් ටි‍්‍රලියන 10 ක මුදලක් විදේශ ණය වශයෙන් ලබාගෙන ඇති නමුත් ඒවායින් රජයේ වත්කම් ලෙස ඇතුළත්ව ඇත්තේ ටි‍්‍රලියන එකක් පමණක් බව ද මහා භාණ්ඩාගාර ලේඛනවල ඉතිරි ටි‍්‍රලියන නවය පිළිබඳව ඇතුළත්ව නැතැයි ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය. මම මෙම ප‍්‍රකාශය නැවත වරක් ජනාධිපති මාධ්‍ය අංශයේ නිල ලේඛනවල පිරික්සා බැලූ අතර ඒවායින් ද ජනාධිපතිවරයා එම ප‍්‍රකාශය කර ඇති බව තහවුරු විය.

ටි‍්‍රලියනයක් යනු ඔක්සෆර්ඞ් විශ්වවිද්‍යාල ශබ්දකෝෂය අනුව මිලියනයේ ඒවා මිලියනයකි. තවත් සරලව ප‍්‍රකාශ කරන්නේ නම් රුපියල් දස ලක්‍ෂයේ ඒවා දස ලක්‍ෂයකි. එසේත් නැතිනම් කෝටි ලක්‍ෂයකි. පසුගිය රජය පසුගිය වසර 10 තුළ රුපියල් කෝටි ලක්‍ෂ දහයක ණය ලබාගෙන ඇතත් ඒවාට අදාළව මුදල් අමාත්‍යාංශයේ ලේඛනවල ඇතුළත්ව ඇත්තේ රුපියල් කෝටි ලක්‍ෂයක් පමණි. රජය ලබාගත් විදේශ ණය වලින් දහයෙන් එකක් අතුරුදහන්ව ඇතැයි එම ප‍්‍රකාශයෙන් කියවේ.

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය රජය පැවති වසර 10 තුළ ලබාගෙන ඇති ණය පිළිබඳව ප‍්‍රකාශයට පත්කර ඇති තොරතුරු වලට අනුව ශ‍්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති ණය ප‍්‍රමාණය පහත සඳහන් වේ.

ඒ අනුව 1948 වසරේ සිට 2014 වසර දක්වා අවුරුදු 66 ක කාල පරිච්ෙඡ්දය තුළ ලබාගෙන ඇති මු`ඵ ණය ප‍්‍රමාණය එකතු කළ ද ටි‍්‍රලියන 10 ක ණය මුදලක් ලබාගෙන නැත. ලබාගෙන ඇති සියලූ විදේශ ණය මුදල්වල එකතුව රුපියල් ටි‍්‍රලියන 4.045 කි. 2006 සිට 2014 දක්වා ලබාගෙන ඇති විදේශ ණය මුදල රුපියල් ටි‍්‍රලියන 2.157 කි. ඒ අනුව පසුගිය රජය විසින් රුපියල් ටි‍්‍රලියන 10 ක විදේශ ණය ලබාගෙන ඇතැයි යන ප‍්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව පැහැදිලි වේ.

දෙවන කරුණ වන්නේ එම කාලය තුළ ලබාගත් ටි‍්‍රලියන 10 කින් රජයේ වත්කම් ලෙස සදහන් වන්නේ රුපියල් ටි‍්‍රලියනක මුදලක් පමණක්ය යන්නයි. ටි‍්‍රලියන 10 ක් ලබා ගෙන නැති බැවින් ටි‍්‍රලියන 09 ක වත්කම් මහා භාණ්ඩාගාර ලේඛනවල සටහන්වීමට කිසිදු හේතුවක් නැත. පසුගිය රජය විසින් ලබාගෙන ඇති ඉහතින් දැක්වූ රුපියල ටි‍්‍රලියන 2.157 ක මුදල ලබාදී ඇත්තේ චීන රජය, ජපන් රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන විසිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය වාරික නිකුත් කරනු ලබන්නේ එක් වාරිකයක් නිකුත් කර එය නිසි පරිදි වැය කළේ ද ඊට අදාළව ඇති කරගත් කොන්දේසි ඉටු කළේ ද ආදී කරුණු හොඳින් පරික්‍ෂා කිරීමෙන් පසුවය. පසුගිය රජය විසින් ණය ලබාගෙන ඇත්තේ රාජ්‍ය තාන්ත‍්‍රික මාර්ග වලින්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ ම`ගිනි. එවැනි තත්ත්වයක් තුළ කිසිදු මුදලක් රජයේ වත්කම් ලේඛන වල ඇතුළත් නොකර පරිහරණය කිරීමට නොහැකි වේ. එබැවින් දෙවන කරුණ ද සම්පූර්ණ අසත්‍යක් බව පැහැදිලි වේ.

අනෙක් අතට පසුගිය රජයේ දස අවුරුදු කාලයේ හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල, අධිවේගී මාර්ග, ප‍්‍රධාන සහ පළාත් මාර්ග ආදී මහ පරිමාණ යෝජනා ක‍්‍රම රාජ්‍ය වත්කම් ලේඛනයට ඇතුළත් වී ඇති බව නිශ්චිතය. එසේ නොවන්නට එම වත්කම් වලින් සමහරක් විදේශ රටවලට අලෙවි කරන්නට මේ රජයට හැකි වන්නේ නැත. එම වසර දහයෙන් පහක් යුද්ධය වෙනුවෙන් යෙදවීමට සිදු වූ අතර ලොව දරුණුම ත‍්‍රස්තවාදි සංවිධානය පරාජය කිරීම සඳහා ප‍්‍රහාරක යානා, නැව් සහ අවි ආයුධ ආදිය මිලට ගැනීමට සිදු විය. ඕනෑම රජයක් ලබාගන්නා ණය මුදල් වැඩි වශයෙන්ම යොදාගනු ලබන්නේ අයවැය හි`ගය පියවීම සඳහාය. 2006 වසරේ සිට 2014 දක්වා කාලය තුළ රජය විසින් ලබාගත් ණය මුදල් වලින් සැලකියයුතු ප‍්‍රමාණයක් අයවැය හි`ගය පියවාගැනීම සඳහා ද ණය ගෙවීම් සඳහා ද යොදාගෙන ඇත. ඒ සියල්ල අයවැය ලේඛනය, මහ බැංකු ගිණුම් වාර්තා, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ගිණුම් වාර්තා ආදියෙහි ලේඛනගත කර ඇත.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ඉහත සඳහන් ප‍්‍රකාශයේදී පසුගිය වසර තුන තුළ වත්මන් රජයේ ක‍්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ද සඳහන් කර තිබේ. ලබාගත් විදේශ අරමුදල්වලින් විශාල ප‍්‍රමාණයක් අයථා අන්දමින් යොදාගන්නා බවද, පුද්ගලික ව්‍යාපාරික ආයතනවලට රජයේ ආදායම යොමු කර ඇතැයි ද ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශ කර ඇත. වත්මන් රජය යනු මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ රජයයි. එහි ප‍්‍රධානියා ද ජනාධිපතිවරයා වන අතර අගමැති සහ මැති ඇමතිවරු පත්කරනු ලබනනේද ජනාධිපතිවරයා විසිනි. එවැනි තත්ත්වයක් තුළ රජයේ ආදායම අයථා ලෙස භාවිතා කර ඇත්නම් හෝ ඒවා පුද්ගලික අංශයේ ව්‍යාපාර ආයතනවලට යවා ඇත්නම් සහ ඒ පිළිබඳව තොරතුරු ජනාධිපතිවරයා මේ තරමට දන්නේ නම් ඒවාට වගකිව යුතු මැති ඇමතිවරු සහ නිලධාරීන් එම තනතුරු වලින් ඉවත් කර වහාම ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමේ වගකීම ජනාධිපතිවරයාට පැවරේ.

මහින්ද රාජපක්‍ෂ රජයේ වසර 10 ක කාලය තුළදී ලබාගත් මු`ඵ විදේශ ණය ප‍්‍රමාණය ටි‍්‍රලියන වලින් සඳහන් කරන්නේ නම්, රුපියල් ටි‍්‍රලියන 2.157 කි. එහෙත් වත්මන් රජය 2015 දී පමණක් විදේශ ණය වශයෙන් රුපියල් ටි‍්‍රලියන 0.431 ලබාගත්තේය 2016 දී රුපියල් ටි‍්‍රලියන 0.501 ක ණය ලබාගත්තේය. 2017 දී ලබාගත් මු`ඵ විදේශ ණය ප‍්‍රමාණය පිළිබද නිළ සංඛ්‍යා ලේඛන තවමත් නිකුත් වී නැත. එහෙත් දැනට නිකුත් වී ඇති දේශීය සහ විදේශීය ණය ඇතුළත් මුලූ ණය ප‍්‍රමාණය පිළිබද සංඛ්‍යාලේඛන අනුව 2017 වසරේ මුලූ ණය ප‍්‍රමාණය රුපියල් ටි‍්‍රලියන 10.4 කි. 2014 දී එය රුපියල් ටි‍්‍රලියන 7.4 ක් විය. වසර තුනට ලබාගෙන ඇති ණය ප‍්‍රමාණය රුපියල් ටි‍්‍රලියන තුනකි. මෙය මෙරට ඉතිහාසයේ කෙටි කලක් තුලදී ලබාගත් විශාලතම ණය කන්දරාවයි.

මේසා විශාල මුදල් ප‍්‍රමාණයක් ණයට ගෙන තිබුණ ද පසුගිය වසර 3 ක කාලය තුළ දී කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජයට නොහැකි විය. දින සියයේ වැඩසටහන යටතේ වැටුප් වැඩි කිරීම වැනි ඡුන්දය අරමුණු කරගෙන කි‍්‍රයාත්මක කළ යෝජනා නිසා ද බැදුම්කර වංචාව හේතුවෙන් පොලි ප‍්‍රමාණය ඉහළ යෑම නිසාද රජයට එදිනෙදා වියදම වෙනුවෙන් අති විශාල මුදලක් වැයකිරීමට සිදුව තිබේ. විදේශීය වශයෙන් මෙන් ම දේශිය වශයෙන් ද ලබා ගන්නා අරමුදල් යොදවනුයේ එදිනෙදා වියදම් පියවා ගැනිමටය. අඩුම තරමින් හම්බන්තොට වරාය අලෙවි කර ලබා ගත් අරමුදල් හෝ එම වරාය ඉදි කිරීම සදහා ලබාගත් ණය පියවීමටවත් යොදා ගැනීමට නොහැකි වී ඇත. එම ණය එසේම තිබිය දී ලබා ගත් මුදල් රජයේ වියදම් වෙනුවෙන් වැය කිරීමට සිදුව තිබේ.

රජයේ ඉහළ ම නායකයන්ගෙන් සත්‍ය නොවන සහ රටට හානිකර ප‍්‍රකාශ සිදුවන විට ආර්ථිකය පිළිබ`ද විශ්වාසනීයත්වය පවත්වාගෙන යාම දුෂ්කර වනු ඇත. රට ලබා ගෙන නැති විදේශ ණය ප‍්‍රමාණයක් දැක්වීම, ඉන් 10න් 9ක් රටට ලැබී නැතැයි ප‍්‍රකාශ වීම හේතුවෙන් එම තොරතුරු ඉතා ඉක්මනින් විදේශවල ප‍්‍රචාරය වේ. රට ආයෝජනවලට අහිතකර වී ඇතැයි ද දුෂණය අතින් ඉහළ තත්ත්වයකට පත්ව ඇතැයි ද වැනි නිගමන වලට එළඹිම ස`දහා රටවල් සහ ආයතන ආධාර කරගනු ලබන්නේ මෙවැනි ප‍්‍රකාශයන්ය. රාජ්‍ය නායකයන්ගෙන් ප‍්‍රකාශ වන සමහර තොරතුරු වගකීම් සහිත ප‍්‍රකාශන ලෙස එවැනිි ආයතන භාරගනී. එහෙත් රටතුළ පවතින දේශපාලන අර්බුද නිසාත් අස්ථාවරභාවය නිසාත් රජයේ පාර්ශව අතර එක`ගතාවක් නොමැතිවීම නිසාත් නිසි තොරතුරු ලබා ගැනීමකින් තොර ව මෙවැනි ප‍්‍රකාශන ඉදිරිපත් කෙරෙන බවක් එම ආයතන දන්නේ නැත.

පසුගිය රජයේ මැති ඇමති තනතුරු දැරූ, යහපාලනයට සම්බන්ධ නොවු අයගේ හැදුනුම්පත්වල තොරතුරු වැරදි වීම, වාහන අව භාවිතය, කොඩිකණු මිලට ගැනීම, ලිත් ගැසීම වැනි වැරදි සදහා නඩු පවරා රිමාන්ඞ් කර ඇතත් සැලකිය යුතු මුදල් වංචාවක් සිදු වූ බවට නඩු පැවරීමක් සිදුව නැත. බැදුම්කර වංචාව වැනි දෙයක් විදේශ රටක සිදු වුයේ නම් සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති සියලූ දෙනා ම ඉල්ලා අස්වීම සිදුවනු ඇත. එහෙත් කිසිවකු ඉල්ලා අස් වුයේ නැත. කිසිවකු උසාවිය වෙත ඉදිරිපත් කිරීමක් සිදු වුයේ නැත. මහා රාත‍්‍රියේ නිවාඩු දිනවල විවෘත ව තිබු කඩුවෙල පැත්තේ අධිකරණ ආයතන දැන් විවෘත නොවන්නේ ඇයිද යන්න විමසිය යුතුව ඇත.

මැතිවරණ අරමුණ කරගෙන බොරු ප‍්‍රචාරය කර හැරීමේ අවසන් ප‍්‍රතිඵලය වන්නේ මහජනතාවට තීරණවලට එළඹීමට හෝ සත්‍යතාව මැනගැනීම සඳහා අවකාශයක් නොලැබීමයි. 2015 ජනාධිපතිවරණය සමයේදී ප‍්‍රචාරය කළ ලැම්බෝ ගිනි, රත්තරන් අශ්වයන්, ගුවන් යානා ආදී සියල්ල අසත්‍ය බව දැන් පැහැදිලි වී ඇත. ඒ වෙනුවට GI පයිප්ප මිලදී ගැනීම වැනි කරුණු මුල් කරගෙන නඩු දමනු ලැබේ. එසේ වුවද, ජනාධිපතිවරණයේදී මෙන්ම මෙම මැතිවරණයේදී ද පැරණි අවලාද නැවත නැවතත් ඉදිරිපත් කෙරේ.

ජනාධිපතිවරයා මාස කිහිපයකට පෙර ප‍්‍රකාශයක් කරමින් නිල්වලා ගඟ ව්‍යාපෘතියෙන් විශාල වංචාවක් කර ඇතැයි ද ඒ සිය`ඵ තොරතුරු දින කිහිපයකින් හෙළිකරන බවද ප‍්‍රකාශ කළේය. රාජිත සේනාරත්න ඇමතිවරයා මේ රජය බලයට පත් වූ දිනයේ සිටම ඩුබායි බැංකුවල ඇති රාජපක්‍ෂවරුන්ගේ මුදල් පිළිබඳ තොරතුරු සියල්ල ලැබී ඇතැයි ද වහාම ඔවුන් සිරේ දමන බවද ප‍්‍රකාශ කරයි. එහෙත් ඒ කිසිවක් සිදුව නැත. ඒ අතරම බැ`දුම්කර ම`ගින් මහ බැංකු මංකොල්ලයක් සිදුව ඇතැයි ජනාධිපති කොමිසමකින් තීරණය කර තිබියදී චෝදනා එල්ල වන අය කිසිවක් සිදු නොවූවා සේ මහජනතාව ඉදිරියේ සැරිසරති.

ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය

157 views

42 Comments to “ණය කතා.. බොරු කතා.. ජනපති මෛත‍්‍රී කියූ ට‍්‍රිලියන දහයේ ණය කතාවට සුපතල ආර්ථික මහාචාර්යගෙන් පිලිතුරු”

  1. Dr Lakshman Fernando says:

    MY 3 given TOPICS are suitable for a DRAMA.. He is telling some thing today & telling some thing on the following day is completely difference. I think he is suffering from sickness KNOWN AS PARKINSON.

  2. love nature says:

    අනුන් රවටන පුද්ගලයා බුදුරජාණන් වහන්සේ දේශනා කල 4 වන ශික්ෂා පදය කඩකළ තැනැත්තෙක් ලෙසය් ගැනෙන්නේ.

  3. chandi says:

    අනේ යකෝ. මරා ගත්ත සමිපුර්ණ විදේශ ණය ඩොලර් බිලියන 34 යි. රැපියල් බිලියන වලින් 5236 යි. ටිලියන වලින් 5.2 යි. මහබැංකු වාර්ථා බලාපයිවි.

  4. බෙර හඬ says:

    අවිචාර සමය හෙවත් සුනේත්‍රා.. මේ රනිල් එක සරයක් පෘතුගීසින් ලංකාව අල්ලා ගත් ඩිනය සමරන්න හැදුවා.මේ පාර බ්‍රිතාන්‍ය රජයෙන් කෙනෙක් ගෙනාවා..පරගැති මානසිකත්වය.

  5. RP says:

    2015 මෛත්‍රීගේ චන්දෙට මිලියන 50ක් ඉස්සෙල්ලම දුන්නේ රවී. ඒවා ලැබුනේ කොහෙන්ද කියල මෛත්‍රී ඇහුවේ නැහැ. ඒවා ලැබුනේ කොහෙන්ද කියල දැන් කවුරුත් දන්නවා. මේ ගැන ඉංග්‍රීසි වෙබ් අඩවි ගණනාවක විස්තර තිබෙනවා. රවී කවද හරි මේ තොරතුරු කිව්වොත් මෛත්‍රී ගස්.

  6. daminda says:

    doratu paalakaya raja una ithi haasa kathawa mathakada?

  7. Ruwan says:

    Auditor General check how this man became Senior Prof without PhD and without any single publications in ISI/SCOPUS level journal. Fake one eating poor tax payers money covering to fake title take by him self..

    • Tax Officer says:

      Hey idiot, don’t kill the messenger!

    • Apoorwa says:

      Ha Ha Ha
      Are you an academic.
      Do you know the circular?
      According to previous circular there is no need to have PhD to apply for prof.ship.
      Ask auditor Gen to count how many prof.s are in the SL universities without PhDs
      What about your My3s O/L?
      How grama sevaka become a president?

  8. Ruwan says:

    Everybody without PhDs from world recognized Universities and without minimum 20 articles in ISI/SCOPUS level journals are not professors. Just jokers. See in other countries. This man must be name as Mr and should be recovered poor tax payers money eaten as salary by him self getting so called Senior Professorship. Not only this man anybody get wrong title and eat poor tax payers money as Profs must be sacked and recover money from him/her. This is worse than bond case. Appoint Commission and see inside University mafia how that works. Shame..

  9. NAK says:

    ‘Lokka’ it seems,seeing his bleak future, has gone off his ‘Rocker’.
    It is time he gets his head examined and he must do is for the sake of this country. Not even Pirapaharan has done so much damage to the country.

  10. NAK says:

    If these debts are not in the books, from where did he find out about it?

Main News