ණය ගන්න IMF යන්නේ නෑ… ගියොත් අප අමාරුවේ වැටෙනවා…

November 19, 2021 at 4:40 pm | lanka C news
ණය ගන්න IMF යන්නේ නෑ… ගියොත් අප අමාරුවේ වැටෙනවා…

ආණ්ඩුව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමට යන්නේ නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා හෝ සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරන පරිදි උද්ගතව ඇති එක්සත් ජනපද ඩොලර් හිඟය පියවා ගැනීමට මේ ‍මොහොතේ රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගන්නේ දැයි ‘කළ විමසුමකට පිළිතුරු දෙමින් අධිපතිවරයා ඉහත කරුණු අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අධිපතිවරයා, ශ්‍රී ලංකා රජයට අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ණය ගැනීමේදී විවිධ කොන්දේසිවලට යටත්වීමට සිදු වෙනවා. එම කොන්දේසි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නායකත්වය දරන ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්‍ම රටත් ජනතාවත් දිනවන ප්‍රතිපත්ති මාලාවට, එය සාර්ථකව ඉදිරියට ගෙනයෑමට බාධා පමුණුවන ඒවා විය හැකිය. එවැනි බාධාකාරි කොන්දේසිවලට යටත්ව IMFවලින් ණය ගැනීමට අප සූදානම් නැතැයි අධිපතිවරයා සඳහන් කළේය.

විපක්ෂයේ සමහරු අද IMF වෙත අපට යන්නට කියනවා. ඔවුන් එදා එහි ගොස් අමාරුවේ වැටුණා. ඔවුන් හදන්නේ අපිත් අමාරුවේ දමන්නයි. අපේ රටේ ජාතික ආරක්ෂාව, ජනතා සුබසාධනය, සංවර්ධනය ඇති කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් මේ අවස්ථාවේ ක්‍රියාත්මක වෙනවා. ඒවා සාර්ථක කර ගැනීමට අපි කටයුතු කරමින් සිටිනවා. කොවිඩ් – 19 ගෝලීය වසංගතය නිසා රටේ ආර්ථිකයේ දැවැන්ත අභියෝගයක් අපට එල්ලවී තිබෙනවා. එය කෙතරම් අභියෝගාත්මක උවත් ජාතික ආරක්ෂාව පාවාදීමට හෝ ජනතා සුබසාධන ව්‍යාපෘති සඳහා වැය කරන මුදල් කප්පාදුවකට ආණ්ඩුව කිසිසේත්ම සූදානම් නැහැ. ඒ නිසා එවැනි කොන්දේසිවලට යටත්ව IMF වෙත ගොස් ණය මුදල් ලබාගැනීමට කටයුතු නොකොට හැකි තරම් ආර්ථිකයේ වර්ධනයක් ඇති වන ආකාරයේ සුබවාදි ගමනක් කොවිඩ් වසංගතය මැද පවා ඉදිරියට යෑමටයි අපගේ සූදානම. බිඳවැටී ඇති සංචාරක කර්මාන්තය පුබුදුවා ඉහළ ආදායමක් ලැබීම, අපනයන ආදායම වැඩි කර ගැනීම, හැකි තරම් ආනයනය ආදේශන කර්මාන්ත දියුණු කිරීම හරහා එක්සත් ජනපද ඩොලර් දිනාගැනීමයි අපේ ඉලක්කය. ඍජු විදේශ ආයෝජන වැඩිවශයෙන් ආකර්ෂණය කර ගැනීමට හැකි කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වේගවත් කිරීම දේශීය වශයෙන් ශක්තිමත් ආයෝජක පිරිසක් බිහි කිරීම සඳහා අප විවිධ පියවර ගෙන තිබෙනවා. මේවා තුළින් හැකි තරම් රටේ ණය ගෙවීමේ කටයුතු විදේශීය අරමුදල්වලින් මිදී දේශීය ණය වශයෙන් ලබාගෙන කිරීමටයි අපි ඉලක්ක කොට තිබෙන්නේ. අපේ අරමුණ සහ විපක්ෂයේ අරමුණ අතර වෙනස එයයි. ඔවුන් සෑම දේටම IMF වෙත ගියත්, අප එසේ කටයුතු කරන්නේ නැහැ. අධිපතිවරයා කීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගැනීමේදී විශාලම ණයක් ලබාගත්තේ වසර 2008 – 2014 කාලයේය. එවකට ජනාධිපතිවරයා වූ වත්මන් අගමැතිවරයා එදා මුදල් අමැතිවරයායි. එතුමා වෙනුවෙන් රජය නියෝජනය කරමින් IMF සමඟ ණය ලබාගැනීමට වැඩිම දායකත්වයක් ලබාදුන්නේ මමයි. වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතායි. ඒ නිසා අපට IMF වෙත යෑමට බණ කියන පිරිසට වඩා අප ඔවුන් සමඟ කරුණු කතිකාකරගෙන තිබෙනවා. ඒ සියලු අත්දැකීම් යොදාගෙන තමයි අපි මෙවැනි තීරණයකට එළැඹ තිබෙන්නේ. අපේ අරමුණ දැනට පවතින විදේශ ණය 60% දේශීය ණය 40% අනුපාතය ඉක්මනින්ම විදේශීය ණය 50% දේශීය ණය 50% මට්ටමට ගෙන ඒමටයි. ඉදිරියේදී එය විදේශීය ණය 40% සහ දේශීය ණය 60% දක්වා ඉහළ නංවාගැනීමේ දීර්ඝකාලීන අරමුණක් ආණ්ඩුවට තිබෙන බව කිව යුතුයි. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා තමන්ගේ මංගල අය වැය කතාවෙන් මේ බව ඉතා පැහැදිලිව රටටත් ජනතාවටත් ප්‍රකාශ කළා.

– ජයසිරි මුණසිංහ

46,965 views

33 Comments to “ණය ගන්න IMF යන්නේ නෑ… ගියොත් අප අමාරුවේ වැටෙනවා…”

  1. මුදල් අමාත්‍ය says:

    IMF එකේ එවුනුත් මෙදා පාර තමයි ඉගනගන්නේ උන්ගෙන් ගත්ත ණයත් උන්ගේ ඇස් වහලා උස්සන විදිය. මුන්ට දිවිය ලිකෙන් ණයක් දුන්නත් මාටියා ගහනවා ගහනවාමයි. සීනි පොල්තෙල්, කොවිඩ් එන්නත්, නිරෝධායන හෝටල්, ගුවන් ටිකට්, පොහොර වලින් ගහපු එවුන්ට IMF මහා කජ්ජක් නෙවෙයි.

  2. 0.00069 BIYYO says:

    IMF එකේ ණය හොරාකන්න බැරි කොන්දේසි දමල දෙන නිසා මේ ආණ්ඩුව එහෙන් ණය ඉල්ලන්නේ නෑ. කබරල යා හොර නායකයෙක් කියල මූනෙන් පේනව.

    IMF එකෙන් ණය දෙන්නෙ 1% වඩා අඩු පොලියකට සහ අවුරුදු 20 විතර කාලයකින් ගෙවලා ඉවරකරන්න. ඒකෙන් හොරකම් කරන්න අමාරුයි. නමුත් චීන බැංකුවකින් දෙන වෙළඳ ණය පොලිය 6.5% – 7.5% සහ අවුරුදු 5 – 10 ගෙවන්න ඕනැ. මේකෙන් 1% විතර පොලී සල්ලි කොමිස් එකක් ලැබෙනවා. ඩොලර් බිලියන එකක් ගත්තොත් අවුරුද්දකට ඩොලර් මිලියන 10 ස්විස් අකවුන්ට් එකට වැටෙනවා. අවුරුදු 5 ට ඩොලර් මිලියන 50 පිල්ලි ගහන්න පුළුවන්. ඒක ලංකාවේ සල්ලි වලින් නම් රුපියල් කෝටි 1000 විතර. ඊට අමතරව ණය සල්ලි වලිනුත් සෙල්ලම් දාන්න පුලුවන්.

Leave a Comment

Main News