ණය ගෙවන්න ‘මැදමුලන බද්ද’ පනවා බියර් මිල අඩු කරයි..
November 10, 2017 at 3:23 am | lanka C news
ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති ණය ආපසු ගෙවීම සදහා වෙනම බද්දක් මෙවර අයවැයෙන් හදුන්වා දී ඇත.
මෙම ණය ගෙවීම සදහා මෙරට බැංකු මගින් සිදුකරන සියලු ගනුදෙනු සඳහා බද්දක් පැනවීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය.
මෙය පැහැදිලිවම තාවකාලික බද්දක් යයිද කී ඔහු මෙම බද්දට ‘මැදමුලන බද්ද’ කියා කියුවද ප්‍රශ්ණයක් නැති බවද සදහන් කලේය.
මේ අතර අයවැය යෝජනාවලියේ යෝජනාවක් වන සැර අනුව බදු පැනවීම නිසා බියර් මිල එකක් රුපියල් සියයකින් පමණ අඩු වීමට නියමිතය.
ඇත්තටම මේක බැදුම්කර බද්ද ලෙස නම් කලයුතුයි. මෙහෙවු රට හරක් රැලක් සිටිනා රටක් කවදා ගොඩයයිද
මුගෙත් වයර් මාරු වෙලා වගෙයි.පිස්ස්ස්ස්ස්ස්සෙක්,පිස්ස්ස්ස්ස්ස්ස්සෙ,,,ක්…