ණය ගෙවාගන්න බැරුව පවුලක්ම වස බොයි.. අයෙකු මියගොස් දෙදෙනෙකුට බරපතලයි…

January 21, 2020 at 12:40 pm | lanka C news
ණය ගෙවාගන්න බැරුව පවුලක්ම වස බොයි.. අයෙකු මියගොස් දෙදෙනෙකුට බරපතලයි…

යාපනය චාවකච්චෙරි පොලිස් වසමට අයත් මට්ටුවිල් චන්ද්‍රපුරම් ප්‍රදේශයේ පවුලක් වසපානය කොට සියදිවි හානිකරගැනීමට ගත් උත්සහයකදී කාන්තාවක් මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තත්වයෙන් රෝහල්ගත කොට ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.

මෙම සිදුවීම එකම පවුලේ මව, දියණිය හා දියණියගේ සැමියා මුහුණ පාඇති අතර වස පානය කිරීමෙන් මයි ගොස් ඇත්තේ මව වන අතර දියණිය හා දියණියගේ සැමියා රෝහල්ගත කොට ඇති අතර ඔවුන්ගේ තත්වයද බරපතල බවට යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැවසීය.

වස පානයෙන් මිය ගොස් ඇත්තේ 65 හැවිරිදි නවරත්නම් විමලේස්වරී නැමති කාන්තාවක් වන අතර අදාල පිරිස් මෙසේ වස පානය කොට සිය දිවි හානි කරගැනීමට හේතු වී ඇත්තේ ණය මුදල් ලබා ගෙන අදාල ණය මුදල් හා පොලී මුදල නියමිත දිනයන්ට ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ඇති වූ සිත් කනස්සල්ල හේතුවෙන් බවට ප්‍රදේශවාසීන් පවසා ඇත.

කෙසේ වෙතත් චාවකච්චේරි පොලීසිය විසින් අදාල සිදුවීම සමබන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

30,747 Viewers

10 Comments to “ණය ගෙවාගන්න බැරුව පවුලක්ම වස බොයි.. අයෙකු මියගොස් දෙදෙනෙකුට බරපතලයි…”

  1. ලක්වැසියා says:

    පව්. කවුරු උනත් මනූෂ්‍ය ජීවිතනෙ.

  2. siri says:

    Kawuru unath paw thama. a unata, marena eka kisima prashnayakata wisanduma newi. ewani ayata, samaja arakshana kramayak saha, upadeshaka sewawak thibey nam hondayi.

    • JOY says:

      උතුරේ දෙමළ TNA දේශපාලනයේ සාර්කත්වයද මේ පෙන්නුම් කරන්නේ ????
      විග්නේශ්වරන්, සුමතිදරන් ,විජයකලා ,සම්බන්දන්ලා…TNA මන්ත්‍රීලා රජ සැප විදිද්දී අසරණ දමිළ ජනතාව වස පානය කරනවා ..දෙමළ ජාතිවාදී දේශපාලකයෝ රජයන් ලබා ගන්නා මුදල් ඔවුන්ගේ පොකෙට්ටුවට සහ ඊළම් ව්‍යාපාර සාර්ථක කරගැනීමට යොදාගනිද්දී ජනතාවට තමන්ගේ ණය ගෙවීමට නොහැකිව දිවි නසා ගන්නවා …..මේවාට දෙමළ ජාතිවාදී දේශපාලකයින් වගකිවයුතුයි

      • රෙද්ද තමයි. නැති බැරි එකාට ජාතියෙන් වැඩක් නෑ. නැතිබැරි එකා මොන ජාතියෙ උනත් ඌ දුක් විඳිනවා. මේ මාස දෙකට රට ඇදලා දාපු ව්‍යසනයක තරම වැඩ බැරි විරුවා. මේ රටේම තියෙන ප්‍රශ්නයක් එක තැනකින් පුපුරලා ගිහින්. ඉදිරියෙදි රටේ අනිකුත් ප්‍රදේශවලත් මේක වෙයි. මේක මේ TNA උන්ට අදාල දෙයක් නෙවෙයි.

  3. MD says:

    SUMAN SAMBANDANLA BALAYA BEDANA BAMBU katha natiwa ara minissu diwinasaganne mokada kiyala balanna.Bambu sanhidiyawa

  4. සරා says:

    උතුරුකරයේ මිනිස්සු ණය ‌ෙගෙවා ගන්න බැරිව වස පානය කලාම ‌ෙමොකද.ඒවට හරියන්න සම්බන්දන්ට ‌ෙකොළඔ 07 අක්කර 1.5 ‌ෙගෙවත්තක් සහිත තට්ටු ‌ෙදෙකේ ‌ෙගෙයක් දීලා තියෙන්නේ මැරෙනකම් ජිවත් ‌ෙවෙන්න.‌ෙගෙදරට අවශ්‍ය සියළු වියහියදම් හා ‌ෙසේවකයන් යහපාලන රජය ගානේ දීලා තියෙන්නේ සංහිදියාව ඇතිකරන්න.ඉතින් ‌ෙදෙමල මිනිස්සු මැරුනමා ‌ෙමොකද ‌ෙවෙන්නේ?

    • ගිරවා says:

      උතුරේ දෙමළ මිනිස්සු අඩු වුනාම දකුණු ඉන්දියාවේ සක්කිලි ගෙන්නා ගන්නවා .දිවිනසාගැනිම උතුරට ප්‍රශ්නයක් නොවේ
      සංහිදියාව කියන්නේ උතුරේ සහ වතුකරේ දෙමල ජාතිවාදී දේශපාලකයින් සතුටු කිරීමට සන්තෝසම් කප්පම් දීමයි ..එවිට නිකම්ම සංහිදියාව ඇතිවෙනවා
      මිනිස්සු මැරුණම ඔවුන්ට කමක් නැහැ ..පුළුවන් නම් ඒ මිනිස්සුන්ගේ මරණෙත් මුදල් කරගනියි ….රටක් අගාදයට යෑම පුදුමයක්ද ?
      යහපාලනය රටට කල විනාශය සහ 225 කෙරුවාව දැන් රන්ජන් ගේ සොකරිහඩපට නාඩගම පාර්ලිමේන්තුවෙන් රගදක්වනවා
      අහෝ රටකට සිදු වූ විනාශයක්

Main News