ණය නොගෙවා සිපෙට්කෝ අතහරී.. IOC වෙතින් ඉන්ධන ගන්න CEB මුදල් ඉල්ලයි..

January 23, 2022 at 4:40 pm | lanka C news
ණය නොගෙවා සිපෙට්කෝ අතහරී.. IOC වෙතින් ඉන්ධන ගන්න CEB මුදල් ඉල්ලයි..

ලංකා විදුලි බල මණ්ඩලයට විදුලිය නිපදවීම සදහා අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සදහා තම අමාත්‍යංශයට සෘජුව මුදල් ලබා දෙන්නැයි විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ මහතා මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

විදුලි බල මණ්ඩලය ඛණිජතෙල් නීතිගත සංස්තාව මත යැපීම වෙනුවට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම වෙනුවෙන් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇතැයි සදහන්ය.

විදුලි බල මණ්ඩලයටය ඉන්ධන සැපයීමට නම් ඒ සදහා ඩොලර් ලබා දෙන්නැයි තෙල් සංස්ථාව විසින් විදුලි බල මණ්ඩලයට දැනුම් දී ඇත.

මෑතකදී ඉන්දියාව විසින් මෙරටට ඉන්ධන ලබා ගැනීම සදහා ලබා දී ඇති ඩොලර් මිලියන 500 ක ණය මුදලෙන් කොටසක් සිය අමාත්‍යංශයට ලබා දෙන ලෙසද ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා ඉල්ලා තිබේ.

විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය ලබා දීමට මාසිකව ඩොලර් මිලියන 30 ක ඉන්ධන අවශ්‍ය වේ.

23,609 views

3 Comments to “ණය නොගෙවා සිපෙට්කෝ අතහරී.. IOC වෙතින් ඉන්ධන ගන්න CEB මුදල් ඉල්ලයි..”

  1. Jagath says:

    එකෙනුත් මුන් හොරකන්න හදන්නේ. මෙහෙම යක්කු වගයක්.

  2. සහොදරය says:

    කොමිස් කුට්ටි කුට්ටි .පව් අපි

  3. Gamini says:

    විදුලි බල මංඩලය මෙතරම් අගාදයට පත් උනේ .මෙහි සිදුවන වංචා දූශන නිසා .මෙහි සේවකයින් ලබන වැටුප් මැද පෙර්දිග රටකවත් ගෙවන්නේ නෑ රියදුරෙක් ලක්ශ එක හමාරකට වඩා වැඩි වැටුපක් ලබනවා. අනෙක් තණතුරු ගැන කතා කරන්ඩ ඕනෑ නෑ .ඇතැම් ඉන්ජිනේරුවෝ කෝටියකට වැඩි වැටුපක් ලබනවා. මේ අමනයෝ කරන්නේ පිරී තිබෙන ජලාශ වල නඩත්තු කටයුතුවලට කියල ජලය හිස් කරනවා ඊටපසු පුද්ගලික අංශයේ අධික මිලගනන් වලට විදුලිය ලබා ගන්නවා මේව ජනාධිපති ට තබා සක්කරයටවත් නතර කරන්ඩ බෑ .මේවාගෙන් කොටසක් වුර්තීය සමිති නායකයින්ටත් තක්කඩි ඇමතියටත් දෙනව. වැටත් නියරත් ගොයම් කනවනම් කාට කියන්ඩද. ප්‍රභාකරන්ට හැර මේ රට වෙන එකෙකුට හදන්ඩ බෑ අපේ අවාසනාවට ඒක මලා. දැන් ඉන්න පාලකයෝ ප්‍රභාකරන් කල විනාශයට වඩා දහස් ගුනයක හානියක් කලා .

Main News