ණය පොලිය ගෙවන්න ලැබෙන ආදායම මදි.. අමාරුකම් විදගන්න සැරසෙන්න.. ගෙදර වත්තේ වගා කරන්න..

November 25, 2019 at 1:20 pm | lanka C news
ණය පොලිය ගෙවන්න ලැබෙන ආදායම මදි.. අමාරුකම් විදගන්න සැරසෙන්න.. ගෙදර වත්තේ වගා කරන්න..

“ලබන අවුරුද්දේ ණය වාරිකයයි පොලියයි ගෙවාගන්න රජයේ ආදායම මදි වෙනවා. අමාරුකම් විඳගෙන අපි හැමකෙනෙක්ම කටයුතු කරන්න ඕනෑ” යැයි මගී ප්‍රවාහන, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ පැවසූයේ අඟුණකොළපෑලැස්ස නිවසේදී පැවැති තංගල්ල ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

මට මේ රටේ අවධානම තේරුණා. රටේ මිනිස්සුන්ට හිඟා කන්න වෙනවා බඩගින්නේ මැරෙන්න වෙනවා මේ යන විදියට ගියානම්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ඒ අභියෝගය තිබෙනවා. ලබන අවුරුද්දේ ණය වාරිකයයි, පොලියයි ගෙවාගන්න රජයේ ආදායම මදි වෙනවා. කොහොමද අපි රට කරන්නේ. මේවා අලුතින් හිතන්න වෙන දේවල්. සමෘද්ධිය වැඩි කළා ලක්ෂ හයකට. රාජ්‍ය සේවයට විශාල ප්‍රමාණයක් ඇතුළු කළා. මේවා නවත්වන්න බැහැ රජය වෙනස් වුණා කියලා.

මැතිවරණ පොරොන්දු ඉෂ්ඨ කරන්නත් වෙනවා. මේ ඔක්කොම කරන්න අපිට ලොකු අමාරුවක් තිබෙනවා. ඒ අමාරුව විඳගෙන අපි හැමකෙනෙක්ම කටයුතු කරන්න ඕනෑ. අඩු තරමේ රැකියාවක් ලැබෙනකල් ගෙදර වත්ත වගා කරන්න. අපිට අවශ්‍ය මිරිස් ටික රටේ හදාගත්තත් ඇති. අවුරුද්දට වරායවල් දෙකක් හදන්න පුළුවන් මිරිස් රටින් ගේන්නේ නැත්නම්. ගුවන්තොටුපොළවල් තුනක් හදන්න පුළුවන් අවුරුද්දකට මිරිස් කන එක රටින් ගේන එක නැවැත්තුවොත්. මේ අවධානම අපි තේරුම් අරගෙන අපි එය කරන්න පටන් ගමු. ඒ ඉල්ලීම රටේ ජනතාවගෙන් ඉල්ලනවා. රටේ දේශීය නිශ්පාදනය අපි ශක්තිමත් කරමු.

රටේ ජනතාව බඩු මල්ල දිහා බලාගෙනවත්, දෙනවා කියන දේ දිහා බලාගෙනවත් නෙවෙයි ඡන්දය භාවිතා කළේ. රට ගැන සිතා භාවිතා කළ ඡන්දයක් ලෙසයි අපි මෙවර ඡන්දය දකින්නේ. රට මුල් කරගත් ඡන්දයක් මේ රටේ ඉතිහාසයේ තිබුණා නම්, අපේ සිංහල බෞද්ධකම මුල්කරගත් ඡන්දයක් ජයග්‍රහණය කළා නම් එම පළවෙනි අවස්ථාව 16වැනිදා තිබුණා. සමහරු ඡන්දේ දාලා ඡන්ද පෙට්ටියට වැඳලා ගිහිල්ලාත් තිබුණා.

සමහරු නම් සිමෙන්තිත් ගත්තා. සමහරුන්ට නිවාස ණයත් හම්බවුණා. හැබැයි රට හදන ඡන්දය ඒ අය භාවිතා කළා. ඒ විශ්වාසයෙනුයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රහණය මුල් වුණේ. අද පත්ව තිබෙන ජනාධිපතිවරයාට සෘජුව තීරණ අරගෙන කටයුතු කරන්න සම්පූර්ණ බලය ලැබී තිබෙනවා. වෙනදා බලයට පත් වුණාම බලයට පත්කළ අන්තවාදීන් විශාල පිරිසක් තනතුරුවල රැකෙන්න දෙන්නේ නැහැ. අන්තවාදීන්ට වුවමනා විදියටයි ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හසුරුවන්න සූදානම් වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කිසිදු අන්තවාදියෙකුගේ ක්‍රියාවකට යටත් වෙන්නේ නැතුව ස්වාධීනව කටයුතු කරන්න හැකියාව තිබෙනවා.

මම ඒ කාලයේත් කියූ දෙයක් තමයි අපිට එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩු කරන්න බැහැ කියන එක. අවුරුදු දෙකකට කලින් කිව්වේ. අපිට තේරුණා ඒක ගැලපෙන්නේ නැහැ. ඒ අයගේ අදහස් මේ රට ගොඩනගන්න නෙවෙයි තිබෙන්නේ. අපි හිටපු ජනාධිපතිතුමාටත් කිව්වා මේ අයත් එක්ක ගමනක් නැහැ කියලා. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සහය පළ කරන්න තීන්දු කළ දවසේ තමයි රටේ මධ්‍යස්ථව සිටි ජනතාව තීන්දු කළේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සහය පළ කරන්න. ‘

– lankadeepa

197 views

28 Comments to “ණය පොලිය ගෙවන්න ලැබෙන ආදායම මදි.. අමාරුකම් විදගන්න සැරසෙන්න.. ගෙදර වත්තේ වගා කරන්න..”

  1. ජසයා says:

    මේ හාදයා අර (අව) ජාතක ආණ්ඩුවේ ඉදලා, පොනිලයගේ පොක හූදලා ඒ කාලෙ කරපුකියපු දේවල් අපිට හොදට මතකයි. මේ මාග් එවුන් වද්දාගත්තොත් ගෝඨාභයත් වැඩේ වරද්දාගන්න ඉඩ තියෙනව…

  2. ලලිත් සමරසිංහ​ says:

    දැන් අඬපල්ලා, ඇයි යකෝ ඕවා කරන්න පුලුවන් නිසානේ ගත්තේ. අනික එතුමාට වගා කරන්න පුලුවන් විශාල ගෙවත්තක් තියෙන්න පුලුවන්. ඒත් වැඩිපුර රටේ මහජනයා ජීවත් වන්නේ කුඩා නිවෙස් වලයි තට්ටු නිවාස වලයි. නිකන් බොරු ශෝක් දාන්නේ නැතුව අර ඒ දවස් වල කන්න බැරිවුනු වටලප්පම් එකත් කාලාම මුලු රටම ඉවරයක් කරලම දාපිය​.

  3. Godabyya says:

    Aptanam Gaanak Naha Mathithumo…Oya Maha paarawal deela thiyanne.. Carpet Daaalama ..

  4. simion says:

    බයිලා ගහන්න හදන්න එපා හලෝ….මොනවද මේ කියන ගොං කතා?…ගිය ආණ්ඩුවටත් කෙලවුනේ ඊට කලින් රජය ණය ගත්තු හැටියි පොලියයි ගැන කියව කියව හිටියා මිසක් ..වැඩක් කෙරුනේ නැති නිසා…

  5. Lasantha says:

    mamanam viswasa karanna janadipathi tuma kiyana da vitarai aka aka pagaranatto kiyana awa mata adala naha

  6. Third Umpair says:

    මෙහෙම මී හරකා ආර්ථික ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ. මූට කරන්න තේරෙන්නෙ නැත්නම් ඉල්ලා අස්වෙලා ගෙදර යන්න ඕන.

    අවුරුදු පහක් රට කාපු ආණ්ඩුව ඉඳලා මේකටත් රිංගලා පොර ටෝක් දෙනවා .

  7. Upul says:

    Why are you crying about the economy of the country now? You should have known this before. Therefore, stop whining and get to work to build the economy of the country, without this BS.

  8. Manel says:

    i agree with most of the comments. Amaraweera must stop talking about economics. He must accept that he is no more than a bus conductor level. Do not act like you are responsible for sorting out economic problems. Just look after your ministry and make them profitable organisations. We do not expect anything else. You are NOT a National Leader.

Main News