ණය පොලිය ගෙවන්න ලැබෙන ආදායම මදි.. අමාරුකම් විදගන්න සැරසෙන්න.. ගෙදර වත්තේ වගා කරන්න..

November 25, 2019 at 1:20 pm | lanka C news
ණය පොලිය ගෙවන්න ලැබෙන ආදායම මදි.. අමාරුකම් විදගන්න සැරසෙන්න.. ගෙදර වත්තේ වගා කරන්න..

“ලබන අවුරුද්දේ ණය වාරිකයයි පොලියයි ගෙවාගන්න රජයේ ආදායම මදි වෙනවා. අමාරුකම් විඳගෙන අපි හැමකෙනෙක්ම කටයුතු කරන්න ඕනෑ” යැයි මගී ප්‍රවාහන, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ පැවසූයේ අඟුණකොළපෑලැස්ස නිවසේදී පැවැති තංගල්ල ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

මට මේ රටේ අවධානම තේරුණා. රටේ මිනිස්සුන්ට හිඟා කන්න වෙනවා බඩගින්නේ මැරෙන්න වෙනවා මේ යන විදියට ගියානම්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ඒ අභියෝගය තිබෙනවා. ලබන අවුරුද්දේ ණය වාරිකයයි, පොලියයි ගෙවාගන්න රජයේ ආදායම මදි වෙනවා. කොහොමද අපි රට කරන්නේ. මේවා අලුතින් හිතන්න වෙන දේවල්. සමෘද්ධිය වැඩි කළා ලක්ෂ හයකට. රාජ්‍ය සේවයට විශාල ප්‍රමාණයක් ඇතුළු කළා. මේවා නවත්වන්න බැහැ රජය වෙනස් වුණා කියලා.

මැතිවරණ පොරොන්දු ඉෂ්ඨ කරන්නත් වෙනවා. මේ ඔක්කොම කරන්න අපිට ලොකු අමාරුවක් තිබෙනවා. ඒ අමාරුව විඳගෙන අපි හැමකෙනෙක්ම කටයුතු කරන්න ඕනෑ. අඩු තරමේ රැකියාවක් ලැබෙනකල් ගෙදර වත්ත වගා කරන්න. අපිට අවශ්‍ය මිරිස් ටික රටේ හදාගත්තත් ඇති. අවුරුද්දට වරායවල් දෙකක් හදන්න පුළුවන් මිරිස් රටින් ගේන්නේ නැත්නම්. ගුවන්තොටුපොළවල් තුනක් හදන්න පුළුවන් අවුරුද්දකට මිරිස් කන එක රටින් ගේන එක නැවැත්තුවොත්. මේ අවධානම අපි තේරුම් අරගෙන අපි එය කරන්න පටන් ගමු. ඒ ඉල්ලීම රටේ ජනතාවගෙන් ඉල්ලනවා. රටේ දේශීය නිශ්පාදනය අපි ශක්තිමත් කරමු.

රටේ ජනතාව බඩු මල්ල දිහා බලාගෙනවත්, දෙනවා කියන දේ දිහා බලාගෙනවත් නෙවෙයි ඡන්දය භාවිතා කළේ. රට ගැන සිතා භාවිතා කළ ඡන්දයක් ලෙසයි අපි මෙවර ඡන්දය දකින්නේ. රට මුල් කරගත් ඡන්දයක් මේ රටේ ඉතිහාසයේ තිබුණා නම්, අපේ සිංහල බෞද්ධකම මුල්කරගත් ඡන්දයක් ජයග්‍රහණය කළා නම් එම පළවෙනි අවස්ථාව 16වැනිදා තිබුණා. සමහරු ඡන්දේ දාලා ඡන්ද පෙට්ටියට වැඳලා ගිහිල්ලාත් තිබුණා.

සමහරු නම් සිමෙන්තිත් ගත්තා. සමහරුන්ට නිවාස ණයත් හම්බවුණා. හැබැයි රට හදන ඡන්දය ඒ අය භාවිතා කළා. ඒ විශ්වාසයෙනුයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රහණය මුල් වුණේ. අද පත්ව තිබෙන ජනාධිපතිවරයාට සෘජුව තීරණ අරගෙන කටයුතු කරන්න සම්පූර්ණ බලය ලැබී තිබෙනවා. වෙනදා බලයට පත් වුණාම බලයට පත්කළ අන්තවාදීන් විශාල පිරිසක් තනතුරුවල රැකෙන්න දෙන්නේ නැහැ. අන්තවාදීන්ට වුවමනා විදියටයි ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හසුරුවන්න සූදානම් වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කිසිදු අන්තවාදියෙකුගේ ක්‍රියාවකට යටත් වෙන්නේ නැතුව ස්වාධීනව කටයුතු කරන්න හැකියාව තිබෙනවා.

මම ඒ කාලයේත් කියූ දෙයක් තමයි අපිට එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩු කරන්න බැහැ කියන එක. අවුරුදු දෙකකට කලින් කිව්වේ. අපිට තේරුණා ඒක ගැලපෙන්නේ නැහැ. ඒ අයගේ අදහස් මේ රට ගොඩනගන්න නෙවෙයි තිබෙන්නේ. අපි හිටපු ජනාධිපතිතුමාටත් කිව්වා මේ අයත් එක්ක ගමනක් නැහැ කියලා. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සහය පළ කරන්න තීන්දු කළ දවසේ තමයි රටේ මධ්‍යස්ථව සිටි ජනතාව තීන්දු කළේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සහය පළ කරන්න. ‘

– lankadeepa

197 views

28 Comments to “ණය පොලිය ගෙවන්න ලැබෙන ආදායම මදි.. අමාරුකම් විදගන්න සැරසෙන්න.. ගෙදර වත්තේ වගා කරන්න..”

  1. අක්බාර් ලොක්කා says:

    චන්ද්‍රිකාගෙ කාලෙ මේකා ජනතාවට පටි තදකරගන්න කියල ඊලඟ ඡන්දෙදි ඇපෙත් නැතිකර ගත්තා

    • සිංහල බන්ඩා says:

      ඔන්න බයියනේ වගා කරපල්ල දැන්, ෆෝන් කබල පැත්තකින් තියල..

      • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

        වගා කරල කන එක හොඳයි, ක්‍රෝටන් කොලයි කොස් කොලයි කනවට වැඩිය.
        – මේක සමනල්පාලනේ උගතුන්ට අදාල නෑ හොඳේ.

      • ලක්වැසියා says:

        වගා කරල කන එක හොඳයි, ක්‍රෝටන් කොලයි කොස් කොලයි කනවට වැඩිය.
        – මේක සමනල්පාලනේ උගතුන්ට අදාල නෑ හොඳේ.

      • Angoda Buva says:

        ඇයි තෝ අත පය නැති එකෙක්ද වගා කරන්න බැරි. දැන් තෝ කඩේ යනවට ගෙවන්න එකෙකුත්
        නැති එකේ පු….. දෙන්න සමණලයොත් නැති එකේ තෝත් දෑතෙ දෙපයෙ රක්ෂාවක් හොයා ගනින් තවත් කාලකණ්ණි නොවී.

        වගා කරන්න නෙමේ එයිට එහා කැප කිරීමක් උණත් කරන්න මේ රටේ මිනිස්සු ලෑස්තියි.

        හැබැයි වක්කඩේ කැඩුව වගේ මේ ඇමතිලට කියවන්න දෙන්න නරකයි. රඡයේ පතිපත්ති ඇතුලෙ දේවල් විතරක් කතා කරන්න නීති දාන්න ඕනෑ.

      • Pradhan says:

        Aei ban uba nikam denakamda balan inna hamadema. Kamamalikama nathiwa monawahari hitawa gannin waththe pitiye. Nikam denawanam rata unath wikunai ubala

      • John the Baptist says:

        වවන්නෝ දිනන්නෝ!

      • Boo says:

        බැංකු හොරු , බේගල් කාරයෝ සහ පොන්නයෝ එක්ක හැමනෙන්නෙ නැතුව වගා කරපන් රට දියුණු කරන්න ඕනෙනං.
        ෆෝන් එකේ එල්ලිලා ඉන්නේ ෆෝන් එක කන්නයැ ?

    • Wijebahu says:

      Hari than kiyapu ewwa koranna lesi na neda? umbala MCC ekatath balma helanna thamai oya yanne.

  2. Lalith says:

    Rata kana amatila tika gedara yawala parlimentuwata naasti karana mudal eka auruddak itiri karanam ratata keeyak ituruda. Ubalage boru pampori witaray.minissu wenuwen monawada karala thiyenne.waasi pattaya bala bala pana pana idapalla

  3. Critic says:

    You too should responsible for the bankruptcy in the country! We never forget that and we’re not fools to hear your advise. Nature will curse you!

  4. Sunil Dahanayake says:

    Bus Konda trying to be an Economist. It is time to stop this gon talks.

  5. cw says:

    This is the idiot who joined hands with MY3 to ruin the country cursing Rajapakses. My humble request to people of Hamabatotota,
    ” Please vote this rascal out”.

    • කොස් බන්දොස්තර says:

      Cw, ඔබ හරි. තමුන්ට දීපු ඇමතිකම හරියට කරගෙන වැඩක් බලාගෙන හිටියොත් හොඳයි. ජනතාවට කන්න දෙන එක ජනාධිපති තුමා බලා ගනියි.

  6. amare says:

    Dunna Neda Ranila Topiya .. ????
    Danma Nahayen Adnanawa

  7. Chethiyasena says:

    Ministers should not be allowed to talk on issues outside their subject.
    What does this idiot know about economy ? – in fact , about anything!

    It is sickening to see same idiots uttering same platitudes!

    • ගරසරප says:

      Absolutely. Economic is about trust and confidence. This kind of statements ruined the previous government. So will this one. You are here to solve problems not to blame others. Amaraweera must learn to let go of CBK style politics.

  8. wimale says:

    Ko… Ko… Me Arthika Osthaaar Mr.Bindu ?

  9. ජසයා says:

    මේ හාදයා අර (අව) ජාතක ආණ්ඩුවේ ඉදලා, පොනිලයගේ පොක හූදලා ඒ කාලෙ කරපුකියපු දේවල් අපිට හොදට මතකයි. මේ මාග් එවුන් වද්දාගත්තොත් ගෝඨාභයත් වැඩේ වරද්දාගන්න ඉඩ තියෙනව.

  10. ruwan says:

    එතකොට මහින්ද මහත්තය කෑ ගැහුවේ දැන් සැපද????? ලුණු කීයද????? කියල. ඒ ගොල්ලෝ ඇවිල්ල ජීවන බර අඩු කරනවා කිව්වේ.

Main News