ණය වාරිකය දෙන්න නම් තෙල් මිල ඉහල දමනු..- IMF දන්වයි..

April 22, 2018 at 11:20 am | lanka C news
ණය වාරිකය දෙන්න නම් තෙල් මිල ඉහල දමනු..- IMF දන්වයි..

ශ‍්‍රි ලංකාව සදහා ලබා දෙන මීලග ණය වාරිකය ලබා ගැනීමට නම් ඉන්ධන මිල ඉහල දැමීමට සිදුව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

එන ජූනි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීලග ණය වාරිකය ලබා දීමට නියමිතව ඇති අතර ඒ පිලිබදව වන සාකච්චා මේ වන විටත් අවසන් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත් කර ඇති මෙහෙයුම් ප්‍රධානී මනුවෙලා ගොරෙටි නිවේදනයකින් සදහන් කර ඇත්තේ අදියර කිහිපයකින් ලබා දීමට නියමිත ණය මුදල ගැන ශ්‍රී ලංකා බලධාරීන් සමග එකඟතාවන්ට පැමිණි බවයි.

ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය ගැන ගත යුතු ක්‍රියාමාර්ග ගැනද අවධානය යොමු කරන ලද බවත් ඉන්ධන මිල ඉහළ දැමිම ගැනද අවධානය යොමුව ඇති බවත් නිවේදනයේ සදහන්ය.

44 views
Main News