ණය ‍පොලී අනුපාත ශීඝ්‍රයෙන් ඉහළට.. වසරක් තුල පදනම් අංක 200කින් නගී..

February 18, 2017 at 5:30 pm | lanka C news
ණය ‍පොලී අනුපාත ශීඝ්‍රයෙන් ඉහළට.. වසරක් තුල පදනම් අංක 200කින් නගී..

ණය ‍පොලී අනුපාතවල සිදුවූ ඉහළ වර්ධනයත් සමග 2015 දෙසැම්බර් සිට 2016 වසර අග දක්වා වෙළෙඳ‍පොළ ‍පොලී අනුපාතික අවම වශයෙන් පදනම් අංක 200කින් පමණ ඉහළ ගොස් තිබේ.

මූල්‍ය වෙළෙඳ‍පොළ නියෝජිතයන් පවසන්නේ මෙම ‍පොලී අනුපාත ඉහළ යෑමට භාණ්ඩාගාර බැඳුම්කර අක්‍රමිකතා හේතුවෙන් රජය විසින් භාණ්ඩාගාර බැඳුම්කර හරහා ඉහළ ‍පොලියට ණය ගැනීම හේතුවක් වී ඇති බවයි.

මේ අනුව ඇතැම් වාණිජ බැංකු විසින් කලින් ලබාදුන් ණය සඳහා ද ‍පොලී අනුපාත ඉහළ නැංවීමට පටන්ගෙන ඇති බවද වෙළෙඳ‍පොළ ආරංචි මාර්ග පෙන්වා දේ.

වර්ෂ 2015 අග සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිසා වෙළෙඳ‍පොළ අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

සමන්මලී නැලිගම
ලක්බිම

115 views
Main News