තක්කඩි දේශපාලකයෙකුගේ මැදිහත් වීමකින් පාස්කු කොමිෂමේ නිර්දේශ විකුර්තියක්… ජාතික සංවිධාන චුදිතයන් බවට පත්කිරීමේ කුමන්ත්‍රණයක්…
February 22, 2021 at 12:04 am | lanka C news
පාස්කු කොමිෂන් නිර්දේශ විකුර්තියක් බව නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි සඳහන් කර සිටිති.
රට තුල දළුලා වැඩමෙන් තිබූ මුස්ලිම් අන්තවාදය පිළිබඳව රටට හෙළිදරව් කල ජාතික සංවිධාන චුදිතයන් බවට පත්කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව ඒ හිමියෝ (21) පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.
පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ අවසාන වාර්තාව සකසන අවස්ථාවේදී කොමිසමේ සියලුම සාමාජිකයින් සහභාගී වුනාද කියන සැකය මතුව තිබෙන බවත් කවුරුන් හෝ දෙතුන් දෙනෙකුගේ දේශපාලන උවමනාවට කොමිෂන් සභාවේ නිර්දේශ සකස් කර තිබෙනවානම් එය බරපතල තත්වයක් බවත් සුදත්ත හිමියෝ කීහ.
ඉස්ලාම් අන්තවාදීන්ගේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලනවා වෙනුවට මෙරට ජාතික සංවිධාන මර්ධනය කිරීමට උත්සහ ගන්නවානම් එයට එරෙහිව පුළුල් ජනමතයක් ගොඩ නගන බවත් උන්වහන්සේ සඳහන් කරන ලදි.
“පාස්කු කොමිෂන් සභාවේ අවසාන වාර්තාව සකස් කිරීමේදී විනිසුරුවරුන් පස් දෙනාගේ ඒකමතික තීන්දුවක් මත සකස් කලාද?” සහ “එක් විනිසුරුවෙකුගේ උවමනාවට අනෙක් විනිසුරුවරුන්ගේ හඬ යටපත් කලාද?” යන ප්‍රශ්න මේ වන විට මතුව ඇති බවත් පාස්කු කොමිසමේ අවසාන වාර්තාව සකස් කිරීමේදී තක්කඩි දේශපාලකයෙකුගේ උවමනාවට නිර්දේශ වෙනස් කලාදැයි සැකයක් මතුව ඇති බවත් අවධාරණය කර සිටි සුදත්ත හිමියෝ පාස්කු වින්දිතයන්ට යුක්තිය සාධාරණත්වය ඉටුවිය යුතු බවත් එය බෝම්බ ගහපු පුද්ගලයින්ට විරුද්ධව මිසක් අන්තවාදී ක්‍රියා පිළිබඳව හෙලිකල ජාතික සංවිධානවලට විරුද්ධව නොවන බවත් සඳහන් කර සිටියහ.
තක්කඩි දේශපාලනය තුලින් ජාතික සංවිධාන නිහඩ කරන්න හදනවානම් එයට එරෙහිව ජනතාව පෙළගස්වන බවත් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට හේතුව තක්කඩි දේශපාලකයෙකුගේ මැදිහත් වීමෙන් ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ විකුර්ති කිරීම විය හැකි බවත් සඳහන් කර සිටි උන්වහන්සේ එම කමිටුව සඳහා බුද්ධිමත් මන්ත්‍රීවරු පත්කිරීමේ කාදිනල්වරයාගේ ඉල්ලීම සාධාරණ බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
– Repoter
ගණන් ගන්න එපා. ජනාධිපති දේශප්‍රේමී සොයාගැනීමක් නේ.
මේ වගේ තක්කඩි චීවරධාරීන් නිසා රටේ ඛුදු දහමත් විනාශ වෙලා.
mun thamai pasku praharaye pitipasse inne. munva allala ethulata danna. oya comission eka kiyala thiyenneth ookamai. den baye dagalanava irc karaya. wasiyata siwra dala sasanayama wanasanava
Katawahagena hitapan anthawadi balla. tho ape hamuduruwarunta nambu deela kathkarana ldenaganin sukara balla.. Thopi bomba gahala Dan sudono wennada yanne minimaru anthawadiya
බුදු දහම කොහේ හරි මේ ලෝකයේ රැකිලා තියේවි..නැත්නම් ඊලඟට පහලවන බුදුුුුන් හරි එය දේශනා කරාවි..උඹලා බුදුදහම මාර්කට් කරන එක නවත්තහල්ලා.බුදු දහම ඇත්තටම රැකගන්න නම් කල යුත්තේ හොරට සිවුරැ පොරවාගෙන දේශපාලනයේ නිරත වෙලා ඉන්න හකු පිම්බුන තෙල් බේරෙන කහකඩයන් සාසනයෙන් පලවා හැරීමයි.
අනෙක් දේනම් නියම බුද්ධපුත්රයෙක් නම් කිසිවක කම්පා නොවන අටලෝ දහම අවබෝකරගත් අයෙකි.අරක නැතිවෙනවා..මේක නැතිවෙනවා කියමින් කම්පා නොවන,වෛරී සිත් ඇති නොවන අයෙකි.අද දේශපාලනය ලගට හොඳම රස්සාව කඩේයන,මීඩියා සංදර්ශන රඟන කහකඩයකු වීමය.
අප දන්නා පරදි වෛරි,කලහකාරී කහකඩ භික්ෂු පරපුරක් බිහි කිිරීමට ජවිපෙ විශාල වැඩ කොටසක් කලා සමාජවාදී භික්ෂු පෙරමුණ නිර්මාණය කරලා.එය ආනන්තරීය පාපකර්මයක්.
The Buddha said that there will be no Buddhism after 1000 years after his death. … and made it 500 years after the women were accepted as bikshuni.
If Buddha was true then there is no Buddhism today.. it is something else that is been refered to as Buddhism.
do not worry, be happy. you all will realize all by 2025
ඔය කියන උන්නැහේට වඩා තක්කඩි තව ඉන්නවද ?
The is another real Thakkadiyek….🤭
Me eka eka sena wala kashtiya mokada kalabala wela. Anika commission warthawa megolla dakka wage.. commission warthawa leek wunada kiyala balanna thawa commission ekak danna wenawa dan.
මුස්ලිම් අන්තවාදය මෙන්ම ච්වරධාරීන්ගේ අන්තවාදය ත් වලදැමියයුතුයි.කොකොමිෂමේ සියලුම නිර්දේශ ක්‍රියාත්මක කළයුතුයි