තක්කඩි දේශපාලඥයෙක් පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව විකෘති කරලා…

March 12, 2021 at 12:00 pm | lanka C news

කවුරු කවුරුන් හෝ නොහික්මුණු තක්කඩි දේශපාලඥයෙකු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව විකෘති කර ඇතැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

එම කොමිසන් සභාව මුලින් කටයුතු කල ආකාරයත් අවසාන අන්තයේදී එහි ක්‍රියාකාරීත්වයත් දුටු විට පුදුම උපදවන බව ද උන්වහන්සේ කියා සිටියහ.

මෙම වාර්තාව මගින් පණිවුඩකරුවාට වෙඩි තබා ඇතැයි ද උන්වහන්සේ කියා සිටිති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවට විරෝධය පළ කරමින් ඊයේ කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී පැවති සත්‍යග්‍රහය අමතමිනි.

22,536 views

2 Comments to “තක්කඩි දේශපාලඥයෙක් පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව විකෘති කරලා…”

  1. kalana says:

    ඒකට තමයි සබ්රි සමග 2/3 ක දෙන්න කට්ටිය ආවේ,ඕක තේරෙන්නේ නැති මෝඩ මිම්මුද? එහෙමත් නැත්නම් ඉතින් මේක චන්දෙ ගන්න ගහපු වැඩක්.

  2. Maha sinhale says:

    5ස් පාරක් හදට වදින එකෙක් තමයි මේක කර තිබෙන්නේ.

Main News