තජිකිස්තානයේ සිට ජනපති ආ සැණින් ජනමත විචාරණයක්..? ඊළගට මහ මැතිවරණයක්..?

June 15, 2019 at 10:07 pm | lanka C news
තජිකිස්තානයේ සිට ජනපති ආ සැණින් ජනමත විචාරණයක්..? ඊළගට මහ මැතිවරණයක්..?

මේ දිනවල නිල විදේශ සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට පැමිණීමෙන් පසු ජනමතවිචාරණයක් පැවැත්වීමට සූදානම් වන්නේ යැයි තොරතුරු ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේය.

එහිදී ජනතාවගෙන් විමසනු ලබන්නේ පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට අවශ්‍යද නැද්ද යන්න පිළිබඳව බවද මන්ත්‍රීවරයා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය නම් ඒ සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන ලෙසද ඉල්ලා සිටි ඔහු ඊට අවශ්‍ය තුනෙන් දෙකක බලය ලබාදීමටත් ඡුන්දය ලබාදීමට සූදානම් බවද කීය.

කෙසේ වෙතත් ජනමතවිචාරණ මුවාවී ජනාධිපතිවරණය කල් දැමීමට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල තජිකිස්තානයේ නිදා සංචාරයක යෙදී සිටින්නේ සමුළුවකට සහභාගී වීම සදහායි.

43,036 Viewers

9 Comments to “තජිකිස්තානයේ සිට ජනපති ආ සැණින් ජනමත විචාරණයක්..? ඊළගට මහ මැතිවරණයක්..?”

  1. දේවක says:

    හූඇන්පී කාරයන්ටයි, ජෙප්පන්ටයියි මැතිවරණ කියන
    කොටත් ඇඳුමෙම සුලුදිය පහවෙනව.

    • දේවක ඔස්ට්‍රෙලියා. says:

      උබලගෙ ගෝටට කෙලවන්න තමා සිරිසේන කලින් මහමැතිවරණෙ තියන්න ට්‍රයි කරන්නෙ. ඉට පස්සෙ සිරිසේන තමා උබලගෙ ජනපති අපේක්ෂක වෙන්නෙ. 😀 😀

      • හෙලයා says:

        අද මොන මැතිවරණය තිබ්බත් සිරිසේන රනිල් දෙන්නා ගෑවිච්ච පක්ෂෙත් හැඳිගෑවිලා යනවා. උන් දෙන්නටම මැතිවරණ ඕනැ නැහැ.

        • සිරිසේන 2 says:

          ඇත්ත කතාව නම් ජවිපෙ ට සහ ටීඑන්ඒ උන්ටත් මැතිවරණ ඕනා නැහැ.

  2. sunimal says:

    ජනමත විචාරණයක් පැවැත්වීම කෙසේ වෙතත් තවත් ලොකු නාඩගමක් නටයි එය කල් දැමීමට ….
    මේ වගේ කපටි දුර්වල පාලකයෙක් ලැබීම රටේ අවාසනාව …..

    • Me3 says:

      දුර්වල පාලකයා ලැබුණා නොවෙයි තෝරාගත්තා.
      රටක ප්‍රධාන විධායක ධුරයට පත්කරගන්නා පුද්ගලයකු තුල තිබිය යුතු දක්ෂතා, හැකියාවන්, චරිත ලක්ෂණ මෙන්ම පරිපාලන පලපුරුද්ද පිළබඳ දැනීමක්, හැඟීමක් අැතිව පත්වීම ලබාදිය යුතුය.

  3. Ariyathilaka says:

    සිහින විවිධයැ. දේශපාලකයන්ගේ සිහින බලය ම මූලික වී ඇත. යහපත් දේශපාලකයන් සිටි රටක නම් ඔවුන්ගේ සිහින රට දියුණු කිරීම පිණිස ය. ලී කුආන් යූට සිංගප්පූරුව දියුණු කළ හැකි වූයේත්, නෙල්සන් මැන්ඩේලාට දකුණු අප්‍රිකාව, එරට සුදු ජාතිකයන් හා දකුණු අප්‍රිකානු කළු ජාතිකයන් අතර සමගිය තහවුරු කර ලෝකයට ආදර්ශවත් රටක බවට පත් කිරීමට හැකිවූයේත් තම බලයේ සිටීමට කෑදර කමින් පටු දේශපාලන පිඹුරු පත් සකස් නොකළ නිසාවෙන් බව සුපැහැදිලිය.විශේෂයෙන් නෙල්සන් මැන්ඩේලා, ලොව සියලු රාජ්‍ය නායකයන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වන්නේත් නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබන්නේත් තම දේශපාලන ඉරණම ගැන නොසිතා තම රටේ අනාගත ඉරණම ගැන සිතා තම ජීවිතය කැප කළ නිසාවෙනි. ඔවුන්ගේ දේශපාලනය සහ මෙරට වත්මන් නායකයන්ගේ දේශපාලනය අහසට පළොව මෙනි. ජනමත විචාරණය පිළිබද සිහිනය ද සැබෑ නොවන සිහිනයක වනවා ඒකාන්තය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ බරින් එම සිහිනය මිය යනවා ඇත.

  4. Rathgama MC says:

    ජනාධිපතිවරණය හැර වෙන කිසිම මැතිවරණයක් එන්නේ නැහැ.ජනාධිපතිවරණයත් වේලාසනින් කැඳවනවාමයි,එතකොට තමයි සිරිසේන මහත්තයට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වෙන්න වඩාත් අවස්තාව තියෙන්නේ.

  5. Sun says:

    When we analyse our political history, we can see where we are going. We do not have a clear policy and the no one respect the legal system from the top. First thing is to respect the legislation of the country. All politicians are misusing their authority, knowingly or unknowingly. So the fellow countrymen do the same. We have to scrutinize them otherwise we keep doing the same mistake. We need some real leaders to come forward at this time. Otherwise, another load of bulls will come the stage and ruin the country. We are going to loose the soil very soon if we are not re-correcting them my friends.