තජූඞීන් මැරුවේ ශිරන්තියි.. ගෝටාභය කෝටි 400ක් හොරකම් කලා.. රාජපක්‍ෂලා සෙට් එකම ඉන්න ඕනෑ හිරේ…

November 27, 2017 at 10:40 am | lanka C news
තජූඞීන් මැරුවේ ශිරන්තියි.. ගෝටාභය කෝටි 400ක් හොරකම් කලා.. රාජපක්‍ෂලා සෙට් එකම ඉන්න  ඕනෑ හිරේ…

රගර් ක‍්‍රිඩක වසීම් තජූඩින් ඝාතනය කරනු ලැබුවේ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ විසින් බව ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

එදින රාත‍්‍රිය පුරා පොලිසීවල ඉහල නිලධාරීන්ට ඇය විසින් දුරකතන ඇමතුම් 53ක් ගෙන ඇති බවද ඔහු සදහන් කරයි.

ඒ ආකාරයෙන් ශිරන්ති රාජපක්‍ෂ විසින් එම දාමරික ක‍්‍රියාව මෙහෙය වූයේ යයිද ඔහු කියා සිටියේ වාරියපොලදී පැවති උත්සවයක් අමතමිනි.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මිලියන හාරදහසකට වඩා හොරකම් කර ඇති බවද ඔහු එහිදී සදහන් කලේය.

මිග් යානා හතරකින් ඩොලර් මිලියන හතක් ගෝටාභය විසින් හොරකම් කර ඇති බවත් රාජපක්‍ෂ පවුලේ පස් දෙනාට යාමට හෙලිකොප්ටර පහක් වෙන් කර තිබූ බවත් ඔහු පවසයි.

මේ වන විට රාජපක්‍ෂලා සෙට් එකම ඉන්න ඕනෑ හිරේ බවද ඔහු වැඩි දුරටත් එහිදී පැවසීය.

111 views

32 Comments to “තජූඞීන් මැරුවේ ශිරන්තියි.. ගෝටාභය කෝටි 400ක් හොරකම් කලා.. රාජපක්‍ෂලා සෙට් එකම ඉන්න ඕනෑ හිරේ…”

  1. සුපුන් says:

    බ්‍රිතාන්‍ය විදේශ ඇමති ඩේවිඩ් මිලිබෑන්ඩ්, ෆ්‍රංශ විදේශ ඇමති
    කඋෂ්නර් ශ්‍රී ලංකාවට පැමින යුද්ධය නතර නොකලොත් විදුලි
    පුටුව යෑමට සිදුවන බවට තර්ජනය කර තිබියදීත්, එම තර්ජන
    තුට්ටුවකට මායිම නොකර ක්‍රියාන්විතය දිගටම ගෙනයාමට උපදෙස්
    දුන්, එම ක්‍රියාන්විතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු ද්‍රව්‍යමය
    සහ පිරිස් බල ආධාර අඛණ්ඩව සැපයූ ගෝඨාභය රාජපක්ෂ
    විරුවන්ට අත නොතබනු!

  2. Free says:

    බය නැති අකමැට්ටාගේ ඇමරිකන් සුනඛ මහල්ලා ලිහා දමා ඇත​.

Main News