තත්පර 6-8න් කොරෝනා නසයි.. මෙරට තරුණයෙක් කොරෝනා නසන යන්ත‍්‍රයක් හදයි..

September 6, 2021 at 10:00 am | lanka C news
තත්පර 6-8න් කොරෝනා නසයි.. මෙරට තරුණයෙක් කොරෝනා නසන යන්ත‍්‍රයක් හදයි..

අප අවට පරිසරයේ පවතින කොරෝනා වයිරසය විනාශ කර විනාශ කළ හැකි යන්ත්‍ර දෙකක් නිපදවීමට පිළියන්දල ප්‍රදේශයේ තරුණයකු සමත් වී ඇත.

පිලියන්දල දේවානන්ද පාර බුද්ධික පෙරේරා නැමැති විදුලි කාර්මික ශිල්පියකු මෙම යන්ත්‍රය දෙකක් නිර්මාණය කර ඇත.

පාසල් අධ්‍යාපනයේ සිටම කාර්මික ශිල්පයට හිත යොමු කළ මෙම තරුණයා කොවිඩ් වසංගතය අප රටට පැමිණි දා එම වයිරසයට අභියෝග කළ හැකි සෞඛ්‍යාරක්ෂිත පරිසර හිතකාමි නිර්මාණ සිදුකිරීමට අධිෂ්ඨාන කර ඇති මෙම තරණයා මේ වන විට කටයුත්ත සාර්ථක කරගෙන ඇත.

වාතයට මුසුවන වයිරසය සහ බැක්ටීරියා තප්පර කීපයකින් විනාශ කරන ( virus air burnable automatic machine ) අධි තාපයෙන් යුත් යන්ත්‍රය සහ මුදල් සහ ලිපි ලේඛන මත තැවරෙන වයිරස් සහ බැක්ටීරියා විනාශ කරන ,විසබීජහරණ ස්වයංක්‍රීය උපකරණය ඔහුගේ නිර්මාණයන්ය

බොරැල්ල සුසමවර්ධන මහා විද්‍යාලයේ උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ සමාගමක මෝටර් කාර්මික පාඨමාලාවක් හැදෑරා ඇති ඔහු පසුව ජපානයට ගොස් මෝටර් කාර්මික සහ තාක්ෂණය පිළිබඳ පාඨමාලාවක් ඔහු හදාරා ඇත.

මැලේසියාවට යන්ත්‍ර සූත්‍ර පුහුණු පාඨමාලාවක් ද ඔහු ලබා ගෙන ඇත.

කොරෝනා වයිරසය අපේ රටට දැනෙන තරමට ව්‍යාප්ත වීමත් සමඟම සිය දැනුම සහ වෘත්තීය අත්දැකීම් එකතු කර වයිරසය පරාජය කළ හැකි යම් උපකරණයක් නිපදවන්න කටයුතු කළ ඔහු එහි ප්‍රතිඵලයක් ලෙස යම් පුද්ගලයකුගෙන් වාතයට මුසු වන බැක්ටීරියා සහ වයිරස් තප්පර කීපයේදී විනාශ කරන යන්ත්‍රයක් නිපදවීමට හැකියාව ලැබුණු බව ඔහු පවසයි.

යම් රෝහල් වාට්ටුවක, ආයතනයක මෙම උපකරණය ස්ථාපිත කර තිබුණොත් යම් පුද්ගලයකුට කැස්සක් හෝ කිවිසුමක් ගියොත් එම උපකරණයට හැකියාව තියෙනවා ක්ෂණිකව කැස්ස හෝ ගිවිසුම හඳුනාගෙන ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙලා එහි වාතය සහිත වයිරස් විසබීජ එම උපකරණයට ඇදගෙන වයිරස් සියල්ල ලේසර් සහ අධික තාපය මඟින් පුළුස්සා විනාශ කරන්න මෙම උපකරණයට හැකියාව ඇතැයි ඔහු කියයි. මෙම යන්ත්‍රය නැවුම් පිරිසිදු වාතය පරිසරයට මුදා හැරීමේ ක්‍රියාවලියක් ස්වංක්‍රීය සිදුවන බව ද පවසයි.

අඩි හතළිහක් පනහක් පරාසයක් පමණ දුරට යන්ත්‍රය ස්වයංක්‍රීය ක්‍රියාත්මක වන ආකාරයට මෙම යන්ත්‍රය නිපදවා ඇත.

මෙම යන්ත්‍රයෙන් මුව ආවරණ විෂබීජ හරණය කර නැවත පැළඳීමේ හැකි තත්වයට ගෙන ඒමේ හැකියාවත තිබෙනවා. ඊට ගතවන්නේ තත්පර හයක් වැනි ඉතා සුළු වේලාවක්.

මුදල් සහ ලිපි ලේඛන යන්ත්‍රයේ සකස් කර ඇති කවුළුව මත තැන්පත් කළ විට ස්වයංක්‍රීයව එහි දොර වැසී තත්පර අටක් වැනි කෙටි කාලයක් තුළදී එම මුදල් හෝ ලිපි ලේඛන තුළ තිබෙන අභ්‍යන්තර බැක්ටීරියා හෝ වයිරස් විනාශ කිරීමේ හැකියාව මෙම යන්ත්‍රය සතුව තිබෙනවා යැයි ද බුද්ධික පෙරේරා මහතා පැවැසීය.

– lankadeepa

66,193 views

20 Comments to “තත්පර 6-8න් කොරෝනා නසයි.. මෙරට තරුණයෙක් කොරෝනා නසන යන්ත‍්‍රයක් හදයි..”

  1. නුගත් මහඡනයා ඵන්නත්කරනයට පෙළඹවීම තුළින් දූශණයට ලක්කරනුනිසාවෙනි,.! says:

    කිහිපයක් ඇනවුම් කිරිමට බලාපොරොත්තු වන අතර,. පලමුවැන්න නාමල් රාඡපකෂට ”ඵන්නත් හැදුනුම්පත සමග බෙල්ලේ ඵල්ලාගැනීමට ”සහ පිලිවලින් ඡනාධිපතිතුමාට අගමැති තුමාට සහ රිළා මොල හතක් ඇති බැසිල් ඇමතිතුමාට ගෙන ගොස් ප්‍රධාණය කරන ලෙස දැනුම්දි සිටින අතර ඹබවැනි බුද්ධිමතුන් සමග සමසමව සැසදෙන රාඡපකෂ පවුුලේ පුද්ගලයන්ට කොරා්නාව පිලිබද උපදේශක තනතුරට පත්විය යුතුයැයිද යෝඡනා කර සිටින්නේ, ”ඇලොපාතික ”බටහිරගැති බයියන්” ”මහාචාර්‍ය ගොරකයන්”, ‘ දොස් තර මොඩයන්’ නුගත් මහඡනයා ඵන්නත්කරනයට පෙළඹවීම තුළින් දූශණයට ලක්කරනුනිසාවෙනි,.!

  2. ගෞම් ඊයාරාජ් says:

    එදා විපක්සේ කොවිඩ් මුලාරම්භයේ , පාර්ලීමේන්තුවේ හඩක් නැගුවා ඔබ තුමන්ලා මොනාද කරලා තියෙන්නේ කියලා මේ රටට කොවිඩ් එන එක නවත්තන්න කියලා ; එදා බොරළු ගොඩ සිංහයා , පර සක්වල ගල දෙදරවලා කිව්වා , අපි ඒයාර් පෝර්ට් එකේ ,මැසිං හයි කොරලා තියෙනවා කොවිඩ් ලංකාවේ හතර මායීමට ඇතුලත් නොවෙන්න කියලා , : ඉතුරු දේවල් උබලම හිතාගනිල්ලකො , මෙවැනී නිශ්පාදනයන්ට අතහිත දෙන එක හොදයි ඒත් මේවා හයිලයිට් කරලා , ඔන්න ප්‍රස්නේ විසදුනා කියන තරමට මරී මෝඩ වෙන්න නරකයි.

  3. Sagara Kannangara says:

    මෙම යන්ත්‍රය මගින් වාතය පිරිසිදු කිරීමේදී එය සිදු කරන්නේ අධි විභාගයකින් නම්( Hi Voltage ⚡) එයින් ඕසොන් නිෂ්පාදනය සිදුවේ ඕසෝන් මගින් වෛරස් බැක්ටීරියා මැඩලිය හැක නමුත් ඕසෝන් ශරීරගත වීම ඉතා අහිතකර වේ මේ පිළිබඳව දැනුවත් වන්න

  4. රටවැසි says:

    එක එක ජාති යන්තර හදනවා , කුණු මුල්ලට වීසි කරනවා . මාරයි නේ .

  5. Mavan says:

    කරුනු නිවැරදිව සොයා නොබලා, expert ලා ගෙන් නොවිමසා මෙවැනි පුවත් පලකිරීමෙන් සිදුවන්නේ ජනතාව මොඩයාට ඇන්දවීමත්, මාද්‍ය පිලිබද විශ්වාසය ඉතා දැඩි ලෙස බිද වැටීමත්, සමස්තයක් වශයෙන් රටත් ජනතාවත් ඉතා පහල මට්ටමකට පත්වීමත් පමනි.

  6. nihal says:

    Another news maker and a joker

  7. නාථ ශ්‍රී ජයසේකර says:

    මෝඩ වැඩ මේවා

  8. ශාන් says:

    පවු මෙි මිනිස්සු.අතේ අැති තුටිටුව වියදමි කරන් යන්තුු හදනවා.මාධ්යට පමනයි.පසුව එ්වා දෙර මුල්ලෙ.