තත්වය ඉතාම අවදානම්.. ඇදිරි නීතිය ඉවත් කලත් එලියට බහින්න එපා..- වසංගත රෝග ප‍්‍රධානී

November 8, 2020 at 3:50 pm | lanka C news
තත්වය ඉතාම අවදානම්.. ඇදිරි නීතිය ඉවත් කලත් එලියට බහින්න එපා..- වසංගත රෝග ප‍්‍රධානී

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් අති බහුතරයකට රෝග ලක්ෂණ කිසිවක් නැතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ රෝග ලක්ෂණ නැති වුවද ඔවුන්ගෙන් රෝගය බොහෝ දෙනකුට සම්ප්‍රේෂණය විය හැකි බවයි.

එනිසා ඇඳිරි නීතිය ඇතත් නැතත් හැකිතාක් නිවසටම විසින් ලෙසද ඔහු ඉල්ලයි.

නිවසින් අත්‍යවශ්‍ය කටයුතු සඳහා එක් අයෙක් පමණක් පැමිණෙන ලෙසත් වැඩිහිටි පුද්ගලයන් හා නිදන්ගත රෝග ඇති අය හැමවිටම නිවසේ රැඳී සිටින ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

54,802 views

10 Comments to “තත්වය ඉතාම අවදානම්.. ඇදිරි නීතිය ඉවත් කලත් එලියට බහින්න එපා..- වසංගත රෝග ප‍්‍රධානී”

  1. ආගමික ශබ්ද දූෂණය එපා says:

    පන්සලේ ලවුඩ්ස්පීකර් කවිබණ පිරිත් මහ සද්දෙට අපට ගෙවල් ඇතුලෙ ඉන්න බෑ. ඇඳිරිනීතිය තිබ්බ මේ මාසේ පුරාවටම අපි පුදුම දුකක් වින්දේ… පොඩි දරුවන්ට වැඩිහිටි අයට ඒ අධික ශබ්දය දරන්න බෑ.. කන්න නැතිකමට මහණ කලාම උන් ලොකු වෙලා පිස්සු කෙලිනවා. නිවන් මඟ පැත්තක… බුදුපියාණන් වහන්සේගේ අවිහිංසාව වෙනුවට තක්කඩි හොර ගණ ගෙඩියන්ගේ පීකර් හිංසාව

  2. Mail Man says:

    සාමාන්‍ය මිනිසුන්ට මුදල් ඇත්නම්, වඩා හොඳ ප්‍රතිශක්තියක් වර්ධනය කර ගැනීම සඳහා ඩොලර් 15 ක එන්නතක් මිලදී ගත හැකිය. නමුත් නරකම දෙය නම් සාමාන්‍ය මිනිසුන්ට මිලදී ගැනීමට එතරම් මුදලක් නොමැති වීමයි. ඔබ හෙට ඇඳිරි නීතිය ඉවත් කළහොත් කුමක් සිදුවේද?
    1. වර්තමානයේ අපි සිටින්නේ LEVEL 03 ALERT,
    සතියකින් කාලය තුළ එය LEVEL 04 හෝ LEVEL 05 THEN LEVEL 06 දක්වා ඉහළ යනු ඇත.
    ඊළඟට කුමක් සිදුවේද,
    නිසි medicine ෂධයක් හෝ ප්‍රතිකාරයක් ලබා දීම සඳහා අපගේ රෝහලට එතරම් පහසුකමක් ලබා දිය නොහැක. එවිට සෙමින් රෝගීන්ගේ මරණ අනුපාතය උපරිම මට්ටම දක්වා ඉහළ ගොස් පාලනයෙන් තොර වේ.

    මෙම අවස්ථාව වළක්වා ගැනීම සඳහා එම ස්ථානය ලබා ගැනීමට අප ප්‍රමාද වී ඇත.
    මෙම දත්ත සතියක් ඇතුළත නිවැරදි නම් එය LEVEL 04 හෝ 05 මට්ටම දක්වා ඉහළ යනු ඇත.

  3. සයිරිසේනා says:

    මොනව කියනවද කියල මට නම් තේරෙන්නෙ නෑ. හෙට ඉඳල ඇඳිරි නීතියත් නෑ. රස්සාවට යන්නත් ඕන. ගෙදරින් එළියට බහින්නත් එපාලු. අලේ මල් දල්ලෑ…

  4. ගමේ මිනිහා says:

    මගුලක් කතා කරනවා…. රටෙන් බාගයක් වලපල්ලට ගියාම තව හොඳ වෛරස් එකක් මෙයාලවත් හොයාගෙන එයි. එදාට අපි එහාලෝකෙ ඉඳලා කියන්නං “පුලුවන්නං බේරියල්ලා කියලා”…

  5. සිරිසුමන says:

    දැන් ඒපාර රෝග ලක්ෂණ නැති එකත් විසාල ප්‍රශ්නයක් වෙලා. රෝග ලක්ෂණ කිසිවක් නැති එක විසාල ප්‍රශ්නයක් නං රෝග ලක්ෂණ තියෙන එක කිසිම ප්‍රශ්නයක් නැති වෙන්න එපයී!

    ඇඟේ නැති රෝගයක් තව කෙනෙකුට බෝ කොරන්නේ කොහොමද? හිතේ මවාගත්තු දෙයක් වෙන්න පුළුවන් කියලා එලියට බහින්න එපාලු.

    ඔය විදියට හිතනවනං උල්කාපාතයක් ඔලුව උඩට කඩාගෙන වැටෙන්න යම්කිසි සුළු හරි සම්භාවිතාවක් තියෙන නිසා කවදාවත් එලියට නෑවිත් ගෙදර ඇතුලටම වෙලා හිටියනං තමයී හොඳ. හැබැයී ඒ මල ඉලව්ව වහල කඩාගෙන ඇතුලට ඇවිත් ඔලුවේ වැදිලා මළොත් සොරි තමයී.

    එලියට ඇවිල්ල රස්සාවක් කොරගෙන කීයක් හරි හම්බු කොරගෙන ළමයින්ට කන්න ටිකක් ගෙනත් දෙන්න බැරුව උන් හාමතේ මළොත් උන්ටත් සොරි. ලෝකේ සදාකාලිකවම ජනතාවට නිකන් කන්න දෙන ආණ්ඩුවක් තියෙන රටක් ගැන මීට කලින් නං අහලා නැහැ.

  6. පොඩි එකා says:

    ඉතිං සේර් ඔන්න අපි ඔක්කොම එලියට එනවා
    එතකොට ඔක්කොටොම රෝගෙ ආසාදෙනේ වෙනවා
    ඉතිං ඔක්කොටොම රෝග ලක්සෙනේ නෑ
    ඒ කියන්නෙ කාටවත් කිසි අමාරු වක් නෑ
    ලෙඩේ හැදුනා කියලා දන්නෙත් නෑ
    කොටිම්ම, ලෙඩක් නෑ
    ඉතිං මොකෑ අවුල ?

    අර පීසීආර් නැට්ට නාහෙ නොගහා හිටිය නං කවුරුත් දන්නෙත් නෑ

    මොන රෙද්දට බය වනවැයි?

  7. පොඩි එකා says:

    නිකං අපරාදෙ ගෙදෙට්ට වෙලා සෙයං විංදෙනේ කෙරන්ට කියන්නෙ

  8. sumudhu says:

    පුළුවන් තරං සතුටින් ඉමු . දොස්තරලා ගාවට යන එක වර්ජනය කරමු . අපිම බෙහෙත් ලියාගෙන හොයාගෙන බොමු

  9. Rasika says:

    ලොක් ඩවුන් කරා කියලා වැඩක් වෙලා තියෙනවද කියලා බලන්න. වෙනදේටත් වඩා මිනිස්සු එහෙ මෙහෙ යනවා. හොරණ හොදම උදාහරණය.
    සමහර කර්මාන්ත ශාලා පවා අනවසරයෙන් වැඩ කරනවා

Main News