තත්වය ඉතාම නරකයි.. රෝහල් වහන්න වෙන දිනය අත ළඟ…

June 19, 2022 at 6:27 am | lanka C news

ඉන්ධන ලබා දීමේදී සෞඛ්‍ය සේවාව සඳහා ප්‍රමුඛතාවය දෙන බවට රජය ප්‍රකාශ කර තිබුණද මේ වනතුරු එවැන්නක් ක්‍රියාත්මක නොවන නිසා නුදුරේදීම වෛද්‍ය සහ සේවක හිඟයෙන් රෝහල් වසා දැමීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

“කළු කඩ මුදලාලිලා, වෙනුවෙන් ඉන්ධන එක්රැස් කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින තෙල් ජාවාරමුන් නිසා මෙම තත්ත්වය ඉතා නරක අතට හැරී ඇතැයි ද වෛද්‍යවරයා සඳහන් කළේය.

මෙම ඉන්ධන ජාවාරමුන් ඉදිරියේ පොලිසිය සහ යුද හමුදාව මුනිවත රැකීම නිසා ඉන්ධන හල් වෙත යන වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයන් ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇතැයිද කියා සිටියේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහයස් දැක්ව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මෙසේද කීවේය.

ඉන්ධන මාෆියාව අද හොඳ ආදායම් මාර්ගයක් වෙලා. කළු කඩ වෙනුවෙන් ඉන්ධන එකතු කරන ජාවාරමුන් පෙට්‍රල් බෝතලය රුපියල් 650 ටත් ඩීසල් බෝතලය රුපියල් 550 ටත් විකුණනවා. අත්‍යවශ්‍ය සේවාවන් වන සෞඛ්‍ය සේවාවට ඉන්ධන ලබාදීමේදී ප්‍රමුඛතාවය ලබාදෙන බව කීවට මෙම ජවාරම් කරන පිරිස නිසා එවැන්නක් තවම සිදුව නැහැ.

සුජීව තත්සර
දිවයින

35,305 views

11 Comments to “තත්වය ඉතාම නරකයි.. රෝහල් වහන්න වෙන දිනය අත ළඟ…”

  1. janaka says:

    කමක් නැහැ ලී ක් වාන් යු යි මහතීර් මොහොමඩුයි දෙන්නම ඉන්නවනේ. වැඩේ ගොඩ දාල දෙයි.

  2. සුවතා says:

    රජය විසින් නඩත්තු කරන සෞඛ්‍ය සේවාවට අදාල නේවාසිකාගාර බොහෝ ඇත හමුදා පොලිස් නිලධාරීන් මෙන්ම සුවසේවයද නේවාසික සේවයක්

  3. jayarani says:

    ඇයි දොස්තර මහත්තයෝ ඔයාල ආණ්ඩුවේ බෙහෙත් ටික පන්නලා private බෙහෙත් තැන් වල දෙන්න ගන්නේ , ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ලෙඩා චැනල් පාරට විසි කරලා ගාන කපා ගන්නේ , බයි පාස් ලෙඩා පුද්ගලික රෝහලටම හේත්තු කරලා ඔහෙලා සාක්කු පුරවා ගන්නනේ, බෙහෙත් කොම්පැනි වලින් අල්ලස් අරගෙන ගිනි ගනන් බෙහෙත් ලෙඩ්ඩුන්ට නියම කරන්නේ , අනේ පලයන් දොස්තර්යෝ යන්න , එනවා mafia ගැන කියවන්න . නොදකින් තොපි.

    • ගරසරප says:

      අපුරු කතාව. එකා සැවොම හැම එකාම හොරාකෑම.

  4. Jayanath says:

    රටට මේ තරම් කෙල වෙලා තියෙද්දිත් රාජපක්ශලාත් එක්ක තියෙන වෛරයට රටේ ජනතාවගෙන්ම පලිගන්න රටට ඩොලර් එවන්න එපා කී අගරදගුරාටත්, සිරිල් ගාමිණී, බ්‍රදර් චාල්ස් ඇතුලු පූජක හැතිකරේටත්, ඒ කීම පිලිගෙන කුඩු මා‍ෆියාවට ඩොලර් සපයන රට විරු උත්තමයන්ටත්, ලංකාවේ අගරදගුරුගේ දේශපාලන පක්ශ වන ජවිපෙ, පෙර‍ටුගාමී ගංජා,කුඩු බලකායටත් අපගේ ප්‍රණාමය. කලින් බෙහෙත් නැතිවුනා, දැන් හොස්පිටල් වහනවා, තෙල් ඇත්තෙම නෑ. මිනිස්සු කන්න බොන්න නැතුව මැරුණත් පලි ගැනීම අවසන් නැත. බලන් ඉඳපන් දෙවියන් වහන්සේ උඹලට සලකයි හොඳටම.

    • ගරසරප says:

      ඔය එකා එකා කියපු පලියට රටට ජාතියට තියන ආදරය නැති වෙන උන්ගෙ තියෙන්නේ අඩුකම. ලෝක ආර්ථික අවපාතය අතලග. ඔය ඔක්කොම සිමන්ල ආපහු එනවා අල හාරන්න කුබුරු වල. ඒ එනකොට උදැල්ල ගන්නවද ටී 56 ගන්නවද කියල තීරණය කරන්න ඕන.

      • Jayanath says:

        ඕකුන්ට තියන උන්ඩෙත් අපරාදෙ, ගහන උදලුපාරත් අපරාදෙ මහත්තයො. ඊට හොඳයි ඒ උදලුපාර පොලවට ගහලා ඒකෙ බන්ඩක්ක ඇටයක් හිටවනව.

  5. US army says:

    ඔන්න ඕවා වහලා දාපල්ලා …

  6. US army says:

    ඔන්න ඕවා වහලා දාපල්ලා …තෙල් බිස්නස් කරලා හරි මිනිස්සු ජීවත් වෙන්න එපායැ.

  7. Asan nidesh says:

    ඇයි දොස්තර ඔයාල ආණ්ඩුවේ බෙහෙත් ටික පන්නලා private බෙහෙත් තැන් වල දෙන්න ගන්නේ , ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ලෙඩා චැනල් පාරට විසි කරලා ගාන කපා ගන්නේ , බයි පාස් ලෙඩා පුද්ගලික රෝහලටම හේත්තු කරලා ඔහෙලා සාක්කු පුරවා ගන්නනේ, බෙහෙත් කොම්පැනි වලින් අල්ලස් අරගෙන ගිනි ගනන් බෙහෙත් ලෙඩ්ඩුන්ට නියම කරන්නේ , අනේ පලයන් දොස්තර්යෝ යන්න , එනවා mafia ගැන කියවන්න . නොදකින් තොපි.

  8. Asan nidesh says:

    ඇයි දොස්තර ඔයාල ආණ්ඩුවේ බෙහෙත් ටික පන්නලා private clinc vala බෙහෙත් තැන් වල දෙන්න ගන්නේ , ආණ්ඩුවේ hospital ලෙඩා චැනල් පාරට විසි කරලා ගාන කපා ගන්නේ , බයි පාස් ලෙඩා පුද්ගලික රෝහලටම හේත්තු කරලා ඔහෙලා සාක්කු පුරවා ගන්නනේ, බෙහෙත් කොම්පැනි වලින් අල්ලස්, commition අරගෙන ගිනි ගනන් බෙහෙත් ලෙඩ්ඩුන්ට නියම කරන්නේ , අනේ පලයන් දොස්තර්යෝ යන්න , එනවා mafia ගැන කියවන්න . නොදකින් තොපි.

Main News