තත්වය හොද නෑ.. කොරෝනා මරණ ගණන ඉහල යා හැකයි..

October 8, 2020 at 9:20 am | lanka C news
තත්වය හොද නෑ.. කොරෝනා මරණ ගණන ඉහල යා හැකයි..

කිසිවකු හෝ තමන්ට කොරෝනා ආසාදිත යැයි සැක සහිත නම් ඒ බව වේලාසනින් රෝහල් හෝ අදාළ අංශ දැනුවත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටියි.

එසේ නැතිව සෘජුව රෝහල්වල බාහිර රෝගී අංශ වෙත නොපැමිණෙන ලෙස ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඉල්ලා සිටියි.

එසේ පැමිණියහොත් අවධානමට ලක්වන රෝහල් කාර්ය මණ්ඩල නිරෝධායනයට ලක් කිරීමට සිදුවන බවත් එවිට ප්‍රතිකාර කාර්ය මණ්ඩල අඩුවීම සිදු වන බවත් ඔහු කියා සිටියේය.

එවන් තතත්වයකදී රෝගීන් රෝහලට එනවිට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය කාර්යය හිග වනු ඇතැයි ද පවසන ඔහු එය ඉතා භයානක තත්ත්වයක් බවත් ඒ හරහා කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් කියා සිටියේය.

මෙවර කොරෝනා පොකුරේ පළවෙනි ජීව සාම්පලය ලබාගෙන ඇත්තේ තිස් වෙනිදා වුවද එහි ප්‍රතිඵල පැමිණ ඇත්තේ තුන්වෙනි දා බවත් එතරම් පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාද වීම දැඩි ගැටළුවක් බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

95,930 views

26 Comments to “තත්වය හොද නෑ.. කොරෝනා මරණ ගණන ඉහල යා හැකයි..”

  1. චීන පටස් says:

    මෙහි ඉතා නිර්දය ලෙස මෙම වෛද්‍යවරයාව විවේචනය කර ඇති උදවිය දැනගත යුතු කරැණක් ඇත.
    එනම් මොහු උදෑසනට ටීවී චැනල් වලට පැමිණ අනාවැකි කියන්නාවූ සාස්තරකරැවෙක් නොව , නියමිත කරැණු කාරණා සහිතව දත්ත ඇතුව පුරෝකතනය කරනු ලබන උගත් වෛද්‍යවරයෙක් බවය.

    ඉකුත් මාර්තුවේ මොවුන් විසින් ගෙනහැර දැක්වූයේ රට ලොක්ඩවුන් කර ගුවන් තොටුපල නොවැසුවහොත් අප රටට අත් වන ඉරණම ගැනයි.
    එහිදී රටේ විධායකය පැවසුවේ අවුරැදු 30 ක යුද්දෙදිත් නොවසපු රට මොකට වහනවද යනුවෙනි.

    නමුත් මෙමෙ වෛද්‍යවරයාගේ නිර්භීත ක්‍රියාකලාපය නිසා විධායකයේ වචනය වෙනස් කර රට ලොක්ඩවුන් කිරීම සිදුවිය.

    මෙහි කමෙන්ට් දමන උදවිය දැන ගත් යුත්තේ මෙම වෛද්‍යවරයා එදා දත්ත සංඛා සහිතව පුරෝකතනය නොකලා නම් අප රට ඉන්දියාවට වඩා අන්ත තත්ත්වයට පත් වන බවයි.
    එමෙන්ම මෙම වෛද්‍යවරයා බිල්ලන් මවන බවට උපහාස කරන්නන්ට පැවසීමට ඇත්තේ , බිල්ලන් නොපැමිණියේ මෙමෙ වෛද්‍යවරයා එදා කෙලින් කතාකර රට ලොක්ඩවුන් කරන තැනට වැඩකල නිසා බවයි.

    තම දේශපාලකයා වෙනුවෙන් ඕනෑම දේකට තප්පුලන්නට පෙර දෙවරක් සිතා බලන්න.

    • Sirimal says:

      Agreed

    • damian says:

      Nonsense. This man is a useless trade unionist. Boru billaa. He is NOT an expert of Contagious deceases. මෙයා සාමන්‍ය දොස්තර කෙනෙක් පමණයි. මොහු කරන්නෙ සංගම් වැඩ​.

      • Sonal says:

        Damian you are a bloody fool. He is a good doctor. That is it. We don’t need your stupid classification. Mind your business.

  2. Upali says:

    සදාකාලිකව දොස්තරලාට වයිර කරන කුහක කාලකන්නි සෙට් එකක් ඉන්නවා කරවටක් ගිලිලා ඉද්දිත් දොස්තරලාට බනින එක ඇර වෙන දෙයක් හිතාගන්න වත් බැරුව .ඒ මිනිස්සු නැති උනානම් හොදයි ඇඇත්තටම තොපි වගේ උන් මකබෑවිලා ගිහිල්ලා මේ ලෝකෙ මීට වඩා ලස්සන තැනක් වෙන්ඩ.අටපාස් දේශපාලුවොන්ගෙ පස්ස හෝදන ගමන් උගතුන් ට බනින එක බාගෙට ඉගෙනගත්තු උන්ගේ හීනමානයේ ප්‍රතිපලය

    • චීනපටස් says:

      හරියටම හරි,,, නූගත් දේශපාලකයන්ගේ පස්ස ලොවන කාළකන්නි. උගතුන් පේන්න බෑ මුන්ට.

  3. Jema says:

    Check the facts and figures guys, corona killed less than 1% of the infected people. Even dengu killed more percentage than this. This is not a deadly disease. Media and these doctors just panic the society.

    • Wali says:

      Infectious rate is high so project ur 1% on 1million people then 10m. Once hospital n 500odd icu beds get saturated. End of the story. ඔබේ නොදැනුවත් කම ගැන මාගේ කනගාටුව..!!

Main News