තද වැසි, ඝන මිදුම් හේතුවෙන් මධ්‍යම කදුකරයට බාධා…

June 22, 2019 at 5:30 pm | lanka C news
තද වැසි, ඝන මිදුම් හේතුවෙන් මධ්‍යම කදුකරයට බාධා…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට දින කිහිපයක සිට කඩින් කඩ අධික වර්ෂාව පතිත වෙමින් පවතී.

අධික වර්ෂාව සමග තද සුලං තත්ත්වයක් පැවතිම හේතුවෙන් ප්‍රදේශය පුරා වරින් වර විදුලියද බිද වැටෙයි.

අධික වර්ෂාවත් සමගම හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල සිට හැටන් දක්වාත් , හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේත් ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට දැඩි බලපැම් එල්ල වි තිබෙ.

එම මාර්ගවල පවතින වර්ෂාවත් සමග පස් කදු කඩා වැටිම් , මාර්ගයට ගස් අතු කඩා වැටිම් සහ මාර්ගය ලිස්සන සුළු නිසා එම මාර්ගවල රථ වාහන ධාවනය කිරිමෙදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස  හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

21 views
Main News