තනියෙන් මුහුණ දෙන්නට දහිරියක් නෑ.. රතන හිමිගේ මන්ත්‍රීකම පැහැර ගන්නට හෙල උරුමයෙන් බලඇණියක්ම නම් කරයි..
February 18, 2017 at 11:20 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තු පාර්මේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ජාතික හෙල උරුමය විසින් විශේෂ කමිටුවක් පත් කර තිබේ.
පක්ෂයේ සම සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන්ගේ මූලිකත්වයෙන් නම් කර ඇති මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් දෙදෙනා වන්නේ නීතිඥ එම්.සී ජයරත්න නීතිඥ ටියුඩර් පෙරේරා යන මධ්‍යම කාරක සභිකයින්ය.
මෙම කමිටුව මුලින්ම රතන හිමියන් හමුවී මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් කරුණු විමසීමට අදහස් කරන සිටී.
මේ අතර රතන හිමියන්ට සමීප ආරංචි මාර්ග සදහන් කරන්නේ මන්ත්‍රී ධුරය අතහැරීමට හෝ හෙල උරුමයට උවමනා ලෙස කටයුතු කිරීමට කිසිසේත්ම සූදානමක් නැති බවයි.