තනිවම ජනබලයට මුහුණ දෙන්න බය හිතේ.. එජාප-ශ‍්‍රීලනිප පුංචි ඡන්දෙට සන්ධානගත වේ..

April 1, 2017 at 3:50 pm | lanka C news
තනිවම ජනබලයට මුහුණ දෙන්න බය හිතේ.. එජාප-ශ‍්‍රීලනිප පුංචි ඡන්දෙට සන්ධානගත වේ..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍සය සන්ධානගතව තරග කිරීමට සාකච්චා කෙරෙමින් ඇතැයි වාර්තා වෙයි.

එජාපයට වාසිදායක සභාවන්ට ශ‍්‍රීලනිප සහාය එජාපයටත්, ශ‍්‍රිලනිපයට වාසිදායක සභාවන්හිදී එජාප සහාය ශ‍්‍රීලනිපයටත් ලබා ගන්නා ආකාරයෙන් මෙසේ එකගතාවට පැමිණීමට නියමිතය.

දැනටමත් පක්‍ෂ දෙකේ මන්ත‍්‍රීවරුන් කණ්ඩායම් දෙකක් මේ පිලිබදව සාකච්චා වට ගණනාවක්ම පවත්වා ඇත.

මෙම ක‍්‍රමය යටතේ සියළු පළාත් පාලන ආයතනයන්හි බලය යහපාලන රජයට ලබා ගත හැකි බව ඔවුන්ගේ අදහසයි.

පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවණයේදීද මේ ක‍්‍රමය යටතේ තරග කිරීමට හැකි බවද වැඩි දුරටත් සාකච්චා වෙමින් ඇත.

26 views
Main News