තනිව ඡන්දෙ ඉල්ලුවොත් ශ‍්‍රීලනිපය අන්තිමයා..- ජෝන්, සුසිල් ජනපතිගේ මුහුණටම කියති..

September 2, 2017 at 12:00 pm | lanka C news
තනිව ඡන්දෙ ඉල්ලුවොත් ශ‍්‍රීලනිපය අන්තිමයා..- ජෝන්, සුසිල් ජනපතිගේ මුහුණටම කියති..

මැතිවරණයකට තනිව තරග වැදීමට කලින් මහ පොලවේ තත්වය තේරුම් ගත යුතුව ඇති බව ජොන් සෙනෙවිරත්න, සුසිල් පේ‍්‍රම්ජයන්ත් යන ඇමතිවරුන් විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසා ඇත.

සමහරුන් හොද නම ගැනීමට මහ පොලවේ ඇත්ත හැංගුවද තමන් කියන්නේ ඇත්ත බවත් එය වරදක් නොවන බවත් ඔවුන් දෙදෙනා පෙන්වා දී තිබේ.

මේ තත්වය මත ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ තනිව මැතිවණයකට තරග කලහොත් වැටෙන්නේ අන්තිම තැනට බවද ඔවුන් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇතැයි වාර්තා වෙයි.

54 views
Main News