‘අපි තරහයි’ නාට්ටිය අවසන්.. තනි එජාප ආණ්ඩුවක් හදන්න ජනාධිපති එකග වේ.. දිගේලි කල ශ‍්‍රීලනිප ඇමතිලා යන එන මං තැනිව නන්නත්තාරයි..

February 12, 2018 at 12:00 pm | lanka C news
‘අපි තරහයි’ නාට්ටිය අවසන්.. තනි එජාප ආණ්ඩුවක් හදන්න ජනාධිපති එකග වේ.. දිගේලි කල ශ‍්‍රීලනිප ඇමතිලා යන එන මං තැනිව නන්නත්තාරයි..

එක්සත් ජාතික පක්‍සය මූලික කරගත් ආණ්ඩුවක් පිහිටුවීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකගත්වය ලැබී ඇතැයි වාර්තා වෙයි.

මෙම එකගතාවය ලැබී ඇත්තේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ඊයේ රාත‍්‍රියේදී පැවති සාකච්චාවකදීය.

එජාප මැති ඇමතිවරුන් විසින් තනි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවන ලෙස අගමැතිවරයාගෙන් කරන ලද ඉල්ලීම මත මෙම සාකච්චාව පැවැත්වී ඇත.

19 වන සංශෝධනය අනුව ජාතික ආණ්ඩුවක් නොවන තත්වයක් යටතේ ඇමති ධුර සංඛ්‍යාව 30කට අඩු විය යුතුය.

මෙම තීරණය ක‍්‍රියාත්මක වුවහොත් වත්මන් ශ‍්‍රීලනිප ඇමතිවරුන් කුමන ක‍්‍රියාමාර්ගයක් ගන්නේදැයි පැහැදිලි නැත. ඒකාබද්ද විපක්‍ෂය ඔවුන් බාර ගැනීමට අදිමදි කරමින් සිටී.

85 views

15 Comments to “‘අපි තරහයි’ නාට්ටිය අවසන්.. තනි එජාප ආණ්ඩුවක් හදන්න ජනාධිපති එකග වේ.. දිගේලි කල ශ‍්‍රීලනිප ඇමතිලා යන එන මං තැනිව නන්නත්තාරයි..”

  1. Upali says:

    එක පින් අමතියෙක් වත් ගන්න එපා. මොවුන්ට හිමිවන්නේ තම තමන්ගේ නිවාස වලට වී ජීවීතේ ඉතුරු කාලය ගත කරන්නයී. රටට කල හානියක් මිස හොන්ඳ දෙයක් නැති නිසා ඔවුනට ඔවුන්ගේ අවස්සානයේ කල පව් මතක් වී අර සිරිසේන ජනපති කීව විදියට අවීචි මහා නිරයට යන්න සූදානම් වීම මිස වෙන විකල්පයක් නැත.

Main News