තනි දුම්වැටි විකිණීම තහනම්.. පැකට් පිටින් පමණයි..

February 3, 2018 at 5:30 pm | lanka C news
තනි දුම්වැටි විකිණීම තහනම්.. පැකට් පිටින් පමණයි..

නැනෝ තාක්ෂණය ඔස්සේ පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරිම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පයාගල මලේගොඩ ප්‍රදේශයේ දී සිදු කරන ලදි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම කර්මාන්ත ශාලාව රුපියල් බිලියන 1.4 ක ආයෝජනයකි. ඉන්දියාවේ “ස්පෑල්” සමාගම සහ “සෑන්ස් ඇක්ටිව්” පෞද්ගලික සමාගම ඒකාබද්ධව මෙම කර්මාන්ත ශාලාව ඉදිකරනු ලබයි. ඒ අක්කර 15 ක භූම්භාගයකයි. කලුතර දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් 500 කට මෙමගින් රැකියා අවස්ථා උදාවෙයි.

මෙහි ගිවිසුම් අත්සන් කිරිම කලුතර “අවානි” හෝටලයේ දී සිදු කෙරුනි. ලක් රජය වෙනුවෙන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර මහතා සහ ඉන්දීය “ස්පෑල්” සමාගමේ සභාපති විජය ප්‍රකාශ් මහතා මෙම ගිවිසුමට අත්සන් කරන ලදි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කර තිබෙනවා. ඒ මහාචාර්ය සේනක බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තියට අනුවයි. වර්තමානයේ ගම්වල ජනතාවත් ඖෂධ ප්‍රතිපත්තිය පිළිබදව කරුණු දන්නවා. ඖෂධ ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීමේ දී සහ දුම්කොළ සදහා බදු පැනවීමේ දී සමාගම් සමග යුද්ධයක් සිදු කළා. ඉදිරියේ දී තනි සිගරට්ටුව අලෙවි කිරීමත් තහනම් කරනවා. ඉන් පසු සිගරට් පැකට්ටුවක් සදහා රුපියල් 1000 ක් අවශ්‍ය වනවා.

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙන් පසු දෙවන වරට මිල අධික ඖෂධ මිල නියාමනය කිරීමට මම තීරණය කළා. ඒ අනුව පිළිකා ඖෂධ මිල නියාමනය කඩිනමින් ප්‍රකාශයට පත් කරනවා. පිළිකා ඖෂධයක අවම මිල රුපියල් 150000 ක් පමණ වෙනවා. මේ නිසයි ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමට අපි තීරණය කළේ.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නිතිගත සංස්ථාව සමග ඖෂධ නිෂ්පාදනය කිරීම සදහා සමාගම් 40 ක් ගිවිසුම් අත්සන් කර තිබෙනවා. එම ගිවිසුම් වලට අනුව මේ වනවිට මහනුවර, හොරණ යන ප්‍රදේශවල ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා ඉදිකර නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබෙනවා. කලුතර වැලිපැන්න ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත කලාපයක් ඉදිකෙරනවා. එහි ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා 19 ක් ඉදිවෙනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ද නව කර්මාන්ත ශාලාව ඉදිකිරීමෙන් පසු නිෂ්පාදන ධාරිතාවය බිලියන 4 දක්වා ඉහළ යනවා.”

මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර, කළමණාකාර අධ්‍යක්ෂ එම් සුන්දරලිංගම් මහතා ඇතුලු නිලධාරීන් සහ ජනතාව එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

27 views

7 Comments to “තනි දුම්වැටි විකිණීම තහනම්.. පැකට් පිටින් පමණයි..”

  1. drgh says:

    දේශීය වෙදකම ප්‍රවර්ධනය කරනවානම් මේ වගේ රෝග වලට ප්‍රතිකර්ම සොයන්න දිරිමත් වේවි,, ඒ වුනාට ලෙඩක් හැදුනත් පිටරට දුවන අයට ලංකාවේ වෙද්‍ය විද්‍යාව ප්‍රවර්ධනය කරලා ලෙඩ වලට ප්‍රතිකාර හොයන්න කැක්කුමක් තියෙයිද ?

    • herath says:

      බටහිර වෙදකම සෝම හිමියන්, සෝභිත හිමියන්, විමලරත්න හිමියන්, කුසලධම්ම හිමියන් ඉදිරියේ අසාර්ථකය….
      පිළිකා වැළදීම ප්‍රවර්ධනය කරන ගමන් බෙහෙතුත් හදන්න එපෑයැ…
      මැනිං මාර්කට් එකේ පළතුරුවලට විස යෙදීම නවතන්න බැරි රාජිත මේ අර අදින්නේ මොකාටද?

  2. Gamini says:

    රැකියා විරහිත තරුණ තරුණියන්ට රස්සා දෙනවා කියන්නේ ක්‍ෘශිකර්මයේ ඉන්න සිංහලයන් කම්කරුවන් කරනවා කියන එකයි…

  3. Ranil says:

    The best health minister ever we had… hats off MR. Rajitha

  4. love nature says:

    දුම්කොළ සමාගමෙන් හොද කුට්ටියක් ලැබෙන්න ඇති විදේස රටවලත් විකුනන්නේ මේ පිලිවලට

  5. BalaN says:

    කෝ අර පාරිභෝගිකේ ලොක්කයි කාන්ත විමුට්ක්හි සෙට් එකයි ? උන් බුදිද මන්ද. සිගරට් විකිණීමේ අයිතිය මුළුමනින්ම උල්ලංඝනය කරලා තියෙද්දී මුන් රති සැප විඳිනවද?
    කාන්තාවන්ට රස්සාව විදියට ක්ලබ් එකක වැඩ කරලා බීර් අල්ලන ගමන් තමන්ගේ පු… මිරිකන පිරිමින්ගෙන් සන්තෝසම් ලබා ගන්න රස්සාව වෙනුවෙන් බෙරිහන් දෙන අන්දිච්ච ගොන්නු ටික කොහේ ගිහිල්ලද මන්දා?

  6. kings says:

    අපි බලාගෙන ඉන්නෙ කුලියාපිටියෙ වොක්ස්වැගන් කර්මාන්තශාලාව පලවෙනි එක, හොරන ටයර් කම්හල දෙක මේක තුනද මේ කලුතර දාන්න යන්නෙ කියල.

Main News