තනි සිගරට්ටු විකිණීම තහනම්.. විකිණිල්ල සිගරට් පෙට්ටි පිටින් පමණයි..

March 8, 2017 at 12:40 pm | lanka C news
තනි සිගරට්ටු විකිණීම තහනම්.. විකිණිල්ල සිගරට් පෙට්ටි පිටින් පමණයි..

දුම්පානය අවම කිරිම සදහා තනි සිගරට්ටුව විකිණිමට නොහැකිවන පරිදි නීතිරිති සකස් කිරීම සදහා කැබිනට් අනුමැතිය ලබාගැනීමෙි සන්දේශය ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දුම්පානය අවම කිරිම සදහා දුම්කොළ බද්ද සියයට 90 දක්වා වැඩි කිරිම සහ ප්ලේන් සිගරට් පැකට්ටුවක් හදුන්වාදීමට ද පියවර ගන්නා බවයි.

දුම්කොළ වගාවෙන් ඉවත්වන ගොවීන් සදහා ලෝක බැංකුවෙි සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය මත විකල්ප වගා ක්‍රම සදහා ආධාර ලබාදීමෙි වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව කියා සිටියේ බුලත්සිංහල රැටියල විද්‍යාලයේ පැවැති සෞඛ්‍ය කඳවුරක් විවෘත කිරීමෙි අවස්ථාවට එක්වෙමිනි. බුලත්සිංහල ප්‍රදේශයේ වෙළෙද ව්‍යාපාරිකයෙකු වන දයානන්ද බෝම්බුවල මහතාගේ උපන්දිනය වෙනුවෙන් මෙම සෞඛ්‍ය කදවුර පැවැත්විනි.

 

මෙහිදී ගැබිනි මවිවරුන් 500 කට වියළි ආහාර මළු පිරිනැමීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කෙරිනි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

218 views